බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

විමර්ශන බර වැඩි කරගැනීමට අපරාධ විමර්ශකයින් කරන මානුෂික අපරාධවලට උත්තර නැද්ද?

by editor
ඔක්තෝබර් 14, 2024
in සමාජ
Share on FacebookShare on Twitter

බස් රථ තුනක් සඳහා පරම අයිතිය වෙනස් කර පවරාගැනීමේ කටයුතු සඳහා අල්ලස් ඉල්ලා ලබාගත්, මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය මෝටර් රථ කොමසාරිස්වරයෙකු, සංවර්ධන සහකාරවරයෙකු සහ තැරැව්කරුවෙකු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගත් බව පසුගිය දා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව නිවේදනය කළේය.

පොල්ගහවෙල පදිංචි ව්‍යාපාරිකයෙකුවන රාජපක්ෂ පේඩිගේ සම්පත් සාලිය නැමැත්තෙක් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව, ලීසිං පදනම මත ලීසින් ආයතන තුනක් මගින් ලබා ගෙන ඇති බස් රථ තුනක් සඳහා ලීසිං කාලය අවසන් වීමෙන් පසු එම බස් රථවල පරම අයිතිය වෙනස් කර පැමිණිකරුගේ නමට පවරා ගැනීමට කටයුතු කිරීමේ දී එම කටයුතු කර දීම සඳහා අල්ලස් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාව මත බව පවසමින් 2024.10.04 වන දින ප.ව.3.20ත් ප.ව.3.30ත් අතර කාලය තුළ මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය මෝටර් රථ කොමසාරිස් (බස් හා ලොරි පැවරුම් අංශය) සජිත් වසන්න වෙල්ගම අත් අඩංගුවට ගත්තේය.

ඔහු සමග කරුණාධිපතිලාගේ ජගත් ශාන්තප්‍රිය යන සංවර්ධන නිලධාරියා සහ පෙර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කම්කරුවකු ලෙස සේවය කර අල්ලස් චෝදනා මත වැඩ තහනමට ලක් වී ඉන් අනතුරුව තැරැව්කරුවකු ලෙස කටයුතු කළ මුතුතන්ත්‍රීගේ මර්වින් ජයන්ත ප්‍රනාන්දු මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තුළ දී අල්ලස් චෝදනා මත අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.

අල්ලස් කොමිසම චූදිතයන්ගේ වැරදි පහත අයුරින් ගොනු කළේය.

අල්ලස් චෝදනා මත සේවය අත්හිටුවා ඇති වේරහැර,මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවය කළ කම්කරුවකු වන පළමු සැකකාර, තැරැව්කරු විසින් ‌රු.50,000/- (පනස්දහස)ක අත්තිකාරම් මුදලක් අල්ලස් වශයෙන් ලබා ගෙන, ඉතිරි රු.150,000/- (එක්ලක්ෂ පනස්දහස)ක මුදල නිලධාරීන්ට ලබා දීමට බව දන්වා ඉල්ලා ලබා ගැනීම.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

දෙවන සැකකරු වන සංවර්ධන සහකාර, පළමු සැකකරු මගින් අත්තිකාරම් ලෙස රු.50,000/- (පනස්දහස)ක මුදලක් ඉල්ලා ලබාගෙන, ඉතිරි රු.150,000/- (එක්ලක්ෂ පනස්දහස) පළමු සැකකරු මාර්ගයෙන් ඉල්ලා ලබාගැනීම.

තෙවන සැකකරු වන නියෝජ්‍ය කොමසාරිස් දෙවන සැකකරු මාර්ගයෙන් රු 150,000/= (එක්ලක්ෂ පනස්දහස)ක අල්ලස් මුදලක් ඉල්ලීම සහ තැරැව්කරුට හා විෂය ලිපිකරුට අල්ලස් මුදල් ලබා ගැනීමට ආධාර අනුබල දීම, කුමන්ත්‍රණය, මෙහෙයවීම, පෙළඹවීම.

අල්ලස් කොමිසම කරුණු උසාවියට ගොනු කරන්නේ එසේය. නියෝජ්‍ය කොමසාරිස් සජිත් වෙල්ගම ඇතුළු තිදෙනා රිමාන්ඩ් වන්නේය. යළි නඩුව කැඳවූයේ පසුගිය සිකුරාදා (11) දාය.

මේ නඩුව කැඳවූ අවස්ථාවේ දී අධිකරණය ඉදිරියේ පෙනී යන්නේ අල්ලස් කොමිසමේ යම් සාපරාධී හැසිරීමකි. මුල් නඩු වාරයේ දී අල්ලස් කොමිසම විසින් කළ කරුණු දැක්වීමට අනුව පැමිණිලිකරු සහ සිද්ධියේ සැකකරු වන සජිත් වෙල්ගම නියෝජ්‍ය කොමසාරිස්වරයා කරන දුරකථන සංවාදයකට අදාල හඬ පට උසාවියට ඉදිරිපත් කිරීමට අල්ලස් කොමිසමට නියෝග කෙරිනි.
ඒ අනුව සිකුරාදා දිනයේ දී අල්ලස් කොමිසමේ නිළධාරීන් විසින් සිද්ධියට අදාළ වීඩියෝ පටයක් විවෘත අධිකරණයේදී පරිගණක තාක්ෂණය යොදා ක්‍රියාත්මක කෙරවූයේය. එම වීඩියෝ පටය පැමිණිලිකරු නියෝජ්‍ය කොමසාරිස් මුණගැසීමට පැමිණෙන අවස්ථාවෙ රහසිතගව වීඩියෝ කළ එකි. එහෙත් අල්ලස් කොමිසම අධිකරණයට කියූ ආකාරයේ සිදුවීමක් එම වීඩියෝ පටයේ නැත. එහි  නියෝජ්‍ය කොමසාරිස්වරයා මුදල් ඉල්ලා සිටීමක් හෝ ඒ සඳහා අනුබල දීමක් පිළිබඳ කිසිම සාක්ෂියක් නැත. ඔහු පැමිණිලිකරුට ලබා දෙන නෛතික උපදෙස් මාලාවක් එහි අන්තර්ගතය.

මහේස්ත්‍රාත්වරයා අධිකරණයේ දී පැමිණිලිකරුවන්ගෙන් විමසා සිටියේ කරුණු දෙකකි. මෙම සැකකරු මුදල් ඉල්ලුව ද?. මෙම සැකකරු මුදල් ගත්ත ද?. ඔහු මුදල් ඉල්ලුවේ හෝ මුදල් ගත්තේ නැති බව අල්ලස් කොමිසමේ නිලධාරීහු ප්‍රකාශ කළහ.

රජයේ නීතිඥවරයා ලෙස පෙනී සිටි අනුත්තරා ජයසිංහ අධිකරණයේදී සිද්ධිය පැහැදිලිව විස්තර කළාය. මේ අවස්ථාවේ වංචාවක් සිදුවී තිබෙන්නේය. මුල් ලේඛන නොබලා පැමිණිළිකරුගේ ලේඛනවල අත්සන් කිරීමට නොහැකි බව නියෝජ්‍ය කොමසාරිස්වරයා පැමිණිලිකරුට දන්වා තිබේ. පැමිණිලිකරු විසින් එක්දින සේවාවක් ඉල්ලා සිටි අවස්ථාවේදී ඔහු පොරොත්තු කොටසට යොමු කර තිබේ. පැමිණිලිකරු කියා සිටින්නේ ඉල්ලුම්කරුගේ ලේඛනවල මුද්‍රාව සහ අත්සන වැරදි බව පවසා සිටියත් පැමිණිලිකරුගෙන් ලක්ෂ දෙකක අල්ලස් මුදල ලබාගත් පසු කිසිදු ලියවිල්ලක් සොයා නොබලා අදාළ ලියකියවිලි පැමිණිලිකරුට ලබා දී ඇති බවය

සළමු සහ දෙවන සැකකරු සිද්ධියට අදාළව අල්ලස් මුදල් ඉල්ලා සිටිය ද තුන්වැනි සැකකරුවන නියෝජ්‍ය කොමසාරිස්වරයා මුදල් ඉල්ලා නැති බව සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අජිත් පතිරණ මහතා අධික – රණයට දැනුම් දුන්නේය. අජිත් පතිරණ නීතිඥවරයා සඳහන් කරනු ලැබුවේ මෙම සිද්ධිය ව්‍යාජ ක්‍රියාවක් බවය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය තුන්වැනි සැකකරු වූ නියෝජ්‍ය කොමසාරිස්වරයාට ලක්ෂ දහය බැගින් ශරීර ඇප දෙකක් සහ මුදල් ඇප ලෙස රුපියල් 50,000ක් නියම කර ඇප මත නිදහස් කළේය.

පළමු සහ දෙවැනි සැකකරුවන් ලබන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනා ගාරයේය.

තවමත් අධිකරණයේ පවතින මෙම සිද්ධිය පාදක කරගෙන කියන්නට ඇත්තේ වෙනත් කතාවකි. අපේ රටේ යම් කිසි පුද්ගලයෙක් චෝදනාවක් පිට අත් අඩංගුවට ගත් මොහොතේ සිට මේ රටේ මාධ්‍ය, පොලිසිය, වෙනත් දූෂණ මාර්ධන ආයතන ඔහු රටට නිරාවරණය කරන්නේ නඩු අසා තීන්දු ලබා දී දණ්ඩනයට නියම කර අපරාධකාරයෙක් ලෙසය.

එහි අශිෂ්ටම කෑල්ල වන්නේ තමන්ගේ විමර්ශන ලොකු කරගැනීම, සමාජ අවධානය ලබා ගැනීම, ජොබ් එකේ ඊලඟ තලය “ටච්” කිරීම සඳහා උපකල්පන මත මිනිස් බිලි ගැනීමය. මේ ජඩ වැඩේ අප මේ රටේ මෑත ඉතිහාසය පුරාම දුටුවේය. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව යනු කුප්ප කුපාඩි අල්ලස් මෝලකි. එහි සාමාන්‍ය සේවකයෙක් සහ තැරැව්කාර කාක්කෙක් කරන අල්ලස් ගේමක් අත් අඩංගුවට ගැනීම කසිප්පු කාලක් සමග බේබද්දෙක් අත් අඩංගුවට ගත්තා හා සමාන නොවැදගත් වැඩකි. එහි විමර්ශන බර වැඩි වන්නේ මොකෙක් හෝ දෙවන පෙළ නිලධාරියෙක්වත් සම්බන්ධ කරගත් විටය.

එවැනි කුපාඩි වැඩ කරන විට මිනිස්සුන්ගේ ජිවිත ව්‍යසනයට ලක්වන ප්‍රමාණය තේරුම් ගන්නට උන්මට ඒ විනාශය පත්තු විය යුතුය. මේ අපරාධවල තරම තේරෙන්නේ මානව හිමිකම් නඩුවක් ගොනු කර මේ මානුෂික අපරාධ කරන සුදු කරපටි අපාරාධකරුවන් අධිකරණය ඉදිරියට පැමිණි විටය. එය අනාගතයට බාර කරමු.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගංවතුරෙන් පීඩාවට පත් වූවන් එක් ලක්ෂ තිස් දහස පනී… අවතැන් කඳවුරු 81ක පුද්ගලයින් 7000ක්…

Next Post

මත්ද්‍රව්‍ය පරීක්ෂාවට බව කියමින් සිසුවියන් කාමරයට ගෙන්වා සිරුර අතපතගාන ගුරුවරු 02ක එරෙහිව දෙමව්පියෝ මානව හිමිකම් යති!

Related Posts

සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
dengue-death
සමාජ

ආණ්ඩු පඩංගු කරන ඩෙංගු…

ජූලි 5, 2026
සමාජ

ෆේස්බුක් හි සැරිසරන රුසියානු හිතවාදී ලාංකික පිටු පිළිබඳ  අධ්‍යනයක්!

ජූලි 1, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.