බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ විනිවිද

හැඟීම් රහිත උගතෙක් වෙනුවට ආදරය පිරුණු මිනිසෙක් හදමු…

by editor
ඔක්තෝබර් 13, 2020
in විනිවිද
Share on FacebookShare on Twitter

ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශිකා – එෂාමා කාරියකරවන-

වර්තමාන සමාජය දෙස බැලීමේදී මිනිස් ගුණ, වටිනාකම් සහ පුරුෂාර්ථවල බෙහෙවින් හිඟ බවක් දක්නට ලැබේ. මිනිස්සුන්ට දැක්මක්, ප්‍රතිපත්තියක්, චින්තනයක් ඇතැයි කියන්නට බැරි තරමට ඔවුන්ගේ ආකල්ප ඉතාම රළු බවක් පෙනේ. මෙය ක්‍රමිකව වර්ධනය වන බවක් මිස අඩුවන බවක් දක්නට නැත.

මෙයට හේතුව කුමක්ද?. මෙයට හේතුව පුද්ගල චින්තනය පුළුල් වන පෝෂණය වන අධ්‍යාපනයන්, ඉගෙනුම් සහ අනුභූතීන් දරුවන්ටෙ හිඟ වීමයි. සත්‍ය වශයෙන්ම අපගේ අධ්‍යාපනය දරුවාගේ වයසට ගැලපෙන ඉගෙනුම් සමග සමපාත නොවෙයි. එමනිසා දැනුම බහුලවත් අනුභූතීන් අල්පවත් ඇති අධ්‍යාපනයක් දරුවන්ට ලබාදෙයි. දැනුමෙන් චින්තනය පුළුල් වෙන ප්‍රමාණයට වැඩියෙන් ඉගෙනුමෙන්, අත්දැකීම් වලින් චින්තනය පුළුල් වේ. එමනිසා අධ්‍යාපනයේ මුඛ්‍ය පරමාර්ථය විය යුත්තේ අනුන්ට යහපත් තමන්ට යහපත් අනුන්ටත් තමන්ටත් යහපත් චින්තනයක් සහිත මිනිසකු බිහිකිරීමයි. දරුවා එය විධිමත් අධ්‍යාපනය හරහා ලබන්නට පෙර අවධිමත් නොවිධිමත් අයුරින් ලබන්නේ නිවසිනි. මව්පියන්ගෙනි. මව්පියන් විසින් දරුවාගේ චින්තනය වඩන බිම මනාව සකස් කර පාසලට දරුවා බාර දිය යුතුය. ඒ සඳහා මව්පියන් වර්තමානයේ එතරම් උනන්දුවක් කැපකිරීමක් දක්වන බවක් නොපෙනේ. එයට හේතුව මව්පියන්ගේ පරම්පරාවට සහ ඊටත් කළින් පරම්පරාවන්ටද චින්තනයේ හිදැස් ඇති වී තිබීමයි.

මෙයට ප්‍රධාන හේතුව අප විසින් දරුවන් හදා වඩා ගැනීමේදී දරුවන්ගේ ආකල්ප සංවර්ධනය වෙනුවෙන් අනුගමනය කරන සමහර ක්‍රියා පරිපාටි නිවැරදි නොවීමයි.

නිදසුනක් ලෙස සමහර කුඩා දරුවෝ හොඳ නරක පිළිබඳ කිසි අවබෝධයක් නැතිව සතුන්ට හිංසා කරති. එසේ කරන්නේ ඔවුන් නරක නිසා නොවේ. පුද්ගලයා තුළ ස්වභාවයෙන්ම පිහිටන ආධිපත්‍ය පිළිබඳ සැඟවුනු ලක්ෂණ හේතුවෙනි. යටත් කරගැනීමේ අවනත කර ගැනීමේ ආශාව මුල් ළමාවියේ බහුලව ඇති හෙයිනි. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ට අනුව ඉඩ් අහංභාවය නැමති පෞරුෂය ළදරු ළමා අවධීන්හි ප්‍රබල වන බැවිණි. එමනිසා සතුන්ට හිරිහැර කිරීම් කුඩා සතුන් මරාදැමීම හෝ කරන්නට ඔවුන් මැළි නොවෙයි. මෙහිදී වැඩිහිටියන් දරුවන් එයින් වළක්වන්නට ගන්නා ක්‍රියාමාර්ග කවරේද? වැඩිහිටියන් බහුතරය දරුවන්ට කියනු ලබන්නේ මෙවැන්නකි

RelatedPosts

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

“ සත්තු මරණ එක පව්”

“ බුදුසාදු තරහ වෙයි”

“ අපායෙ යයි”

“ ජීසස් තරහ වෙයි “

සමහර වැඩිහිටියෝ කුඩා සතුන් මරා දැමීම ගැන එතරම් සැලකිල්ලක් නොදක්වති. බොහෝ වැඩිහිටියන්ට අනුව කැරපොත්තා, මීයා, මැස්සා, මදුරුවා, මීයා ආදී සතුන් ජීවත්විය යුතු නැත. ඔවුන් විනාශ කිරීමට සමහර මව්පියන් දරුවන්ද හවුල් කර ගනිති. ඔවුන් මැරුවාට පව් සිදු නොවන, අපායේ නොයන සහ බුදුසාදු තරහ නොවන අරුම පුදුම හේතුව ලෙස ඔවුන් දරුවන්ට දක්වන්නේ “එයාලා නිසා ලෙඩ බෝ වෙනවා, විෂබීජ පැතිරෙනවා” යනුවෙනි.

වරදින් මුදවන්න  තාර්කික හේතු ලබා දෙන්න

ඉහත කරුණු හොඳින් විමසා බැලුවහොත් දරුවා වරදින් මුදවන්නට අප දරුවාට ලබාදී ඇත්තේ හේතූන්ය. හේතුන් දරුවාට සිතන්නට ඉඩ නොදෙයි. සිතීම් මොට කරයි. අප දරුවාට දිය යුත්තේ අවබෝධයයි. අවබෝධය සඳහා සංකල්ප අවශ්‍ය වේ. සංකල්ප චින්තනය දියුණු කරයි. එසේ නම් ප්‍රණඝාත වැළැක්වීමට අප දරුවාට කුමක් අවබෝධ කළ යුතුද?

අප විසින් දරුවාට අවබෝධ කළ යුත්තේ ඒ සිටින්නේ කුඩා උනත් ප්‍රාණියකු බවය. ඔහු ජීවත්විය යුතු බවය. ජීවත්වීමට ආසා බවය. ඔවුන්ටද පවුල් ඇති බවය. අපට මෙන්ම ඔහුටද රිදෙන බවය. මැරුණු විට ආපසු ඒමක් නැති බවය. ඔවුන්ට ජීවත්වීමට අයිතියක් ඇති බවය. අපට සිදුවනවාට අකමැති කිසිවක් තවත් අයකුට සිදු නොකළ යුතු බවය.

මේ පැහැදිලි කිරීමේදී දරුවාට හිතන්න බොහෝ දේ ලැබේ. අප මෙහිදී දරුවාට උගන්වන සංකල්පය ලොව සිටින සියලු ප්‍රාණීන්ගේ ජීවත්වීමේ අයිතිය පිළිගත යුතු බවය. ජීවිතය ඉතා වටින බවය. හිංසාව සියල්ලන්ටම දුකක් බවය. එවිට දරුවා තුළ ගොඩ නැගෙන අහිංසාවාදී ආකල්ප ඔහුගේ චර්යාව පාලනය කරයි. අවසානයේ ඔහුට වැඩෙන චින්තනය කරුණාව , මෛත්‍රිය පෙරදැරි වූවකි. අපායට බිය කොට බුදුසාදුට බියකොට, පවට බිය කොට මේ චින්තනය දියුණු කළ නොහැකිය.

එමනිසා දරුවන් යහමගට ගැනීමට වෙහෙසන මව්පියන් වැඩිහිටියන් ගුරුවරුන් දරුවාට හේතු වෙනුවට සංකල්ප සපයා දිය යුතුය. අපගේ අධ්‍යාපනය හේතුවලින් දැනුම ලබා දෙන්නකි. සංකල්ප ලබාදීමක් නැත. වඩාත් සරලව පැහැදිලි කරන්නේ නම් කතාන්තරයක් අසා සිටිනවා සහ එම කතාන්තරය චිත්‍රපටියක් ලෙස නැරඹීම යන ලෙසය. කතාන්තරය අසා සිටිද්දී දරුවාගේ සිතේ චිත්තරූප මැවේ. ඒ චිත්ත රූප හා හැඟීම් බද්ධ වේ. රසවින්දනය පිළිබඳ බීජාංකූර රෝපණය වීම ඇරඹෙයි. අවසානයේ කතාන්තරය පිළිබඳ ඔහුගේ අව්‍යාජ විචාරය ඔහු ලබා දෙයි. 

“මට දුකයි”

“ ඇයි ඒ ගොල්ලො අලි බබාව අම්මගේන් අරන් ගියේ. බබා පව්. අම්ම නැතිව අඬනව ඇති”

“ මට අම්මා ඕන අම්මේ”

“ ඒක හරිම ලස්සනයි. මාත් ලොකු උනාම වැවක් හදනවා”

චිත්‍රපටියේදී රූප රාමුවෙන් රාමුවට සියලු සිද්ධි විස්තර කරයි. පෙන්වා දෙයි. පරිසරය, නළු නිළියන් , සිද්ධි සියල්ල දිග හැරේ. දරුවාට ඇත්තේ බලා සිටින්නටය. මෙහිදී රසවින්දනයක් , හැඟීම් උත්පාදනයක් නැති බව නොකියවේ. නමුත් නිර්මාණශීලි චින්තනය නොවැඩේ. එම චිත්‍රපටය දරුවන් සියයක් නැරඹුවහොත් දරුවන් සියයගේම සිතේ මැවෙන්නේ එකම රූපයන්ය. හිතන්න එහි හාවෙකු නළුවෙකු වී සිටි බව. ඉහත දරුවන් සියයගේම සිතේ මැවෙන හාවා එකම රූපයකි. එහෙත් ඔවුන් කතාව අසා සිටියා නම් ඔවුන්ගේ සිත් තුළ මැවෙන හාවුන්ගේ රූප සියයක් වෙයි. ඔහුගේ අනුභූතීන් පරාසයන් විසල් වූ තරමට හාවා විචිත්‍ර වෙයි. සම්පූර්ණ වෙයි. හාවෙකු දැක නැත්තම් හාවා දැකීමේ සිතක් ඇති වෙයි. එවිට අප ඔහුට පරිසරය  ප්‍රායෝගිකව විඳින්නට ඉඩ හළ යුතුය. කතාන්තරයේදීත් චිත්‍රපටයේදීත් දකින හාවාගෙන්  පරිසරයට වඩාත් සමීප වන්නේ කතාන්තරය ඇසීමේදී දරුවා තමා විසින්ම නිර්මාණය කරගත් හාවාටය. දරුවා හදවතින් බැඳී ඇත්තේ ඒ හාවා සමගය. දරුවන් චිත්‍රපට නැරඹිය නොයුතු බව මෙයින් අදහස් නොකෙරේ. නමුත් පළමුව ඔහුගේ ඇසීම ප්‍රගුණ කළ යුතුය. ඒ ඇසුරින් මනෝ සිත්තම් මැවෙන්නට උදව් කළ යුතුය. සංකල්ප ගොනුවීම සඳහා සිත සූදානම් කිරීමට ඇසීම ප්‍රබල දායකත්වයක් ලබාදෙයි. ළමා කාටූන් ආදියෙන් චින්තනය පෝෂණයවීමක් නැත. එහි ඇත්තේ හේතු දැක්වීමකි. දරුවා සංකල්ප මගින් චින්තනය වඩා ගත් පසු චිත්‍රපටිය නරඹද්දී චින්තනය තහවුරුවීම සිදුවේ.

හේතු දැක්වීමට එහා ගිය අවබෝධයක් ලබා දෙන්න

අප බොහෝ ලේසියට කරන ක්‍රියාව නම් නරක යැයි සම්මත සියල්ල පව් ගොඩට දැමීමයි. නැතහොත් තමාගේ ආගමික ශාස්තෘන් එය අනුමත නොකරන බැවින් එය නොකළ යුතු බවයි. නැතහොත් අපාය පෙන්වීමයි. මේ කිසිවක් නැතහොත් දරුවා අප අතින් හිංසනයට ලක්වීමයි. මෙයින් වැරදි නොකිරීමට බිය ඇති වන බව සැබෑය. යම් හික්මීමක් ඇතිවන බව සැබෑය. නමුත් මේ කරනු ලබන්නේ ක්‍රියාවට දඬුවමක් ඇති බව පෙන්වා විනය සෑදීමයි. නමුත් අප දරුවාගේ ක්‍රියාව පාලනය කිරීමට වඩා උත්සහ කළ යුත්තේ ශික්ෂණය සෑදීමටය. ශික්ෂණය ආත්ම සංයමයෙන් ඇතිවන්නකි. එහිදී දඩුවමක් නීතියක් ඇතත් නැතත් කම් නැත. වරද වරද සැටියට දකින චින්තනයෙන් යුක්තය. එවිට සියලු පාපයන් දොරකඩ තිබුණත් ඉවත බලාගෙන යෑමට පෞරුෂයක් නිර්මාණය වෙයි.

අද අපි මත්පැන් සිගරට් තහනම් කර මිනිසුන් ඉන් වැළැක්වීමට උත්සහ කරමු. එහෙත් අප එය නොකළ යුතු දෙයක් බවට සංකල්පයක් ළමා කාලයේ ඇති කර තිබුණේ නම් මත්පැන් හල් කොපමණ තිබුණත් එහි යන්නට කෙනෙක් නැති වේ නම් ඉල්ලුම නැති වූ කළ ඉබේම එය වැසී යනු ඇත. නමුත් අප සංකල්ප වෙනුවට හේතු දක්වන නිසා එම හේතුන්ට ඇති බිය පහවූ සැනින් සියලු නීති කඩා දමයි.

කුඩා කළ සිට සංකල්ප පුරුදු කරන්න….කුඩා කළ සිටම සංකල්ප පුරුදු පුහුණු කරන්න. යමක් කළ යුත්තේ මන්ද? ඒ පිළිබඳ අවබෝධය දෙන්න. යමක් නොකළ යුත්තේ මන්ද? එයටද අවබෝධය දෙන්න. අවබෝධය ඔස්සේ ගොඩ නැගෙන සංකල්ප මගින් ඔහුටම චින්තනය ගොඩ නගා ගන්න ඉඩ හරිනන්න. අපගේ අධ්‍යාපනයේ නිෂ්ඨාව විය යුත්තේ කායික මානසික ප්‍රජානනමය වශයෙන් නිරෝගී මිනිසකු බිහිකිරීමයි. ඒ සඳහා නිවසින් ලැබිය යුතු දේ පාසැලෙන් , සමාජයෙන් ආගමික අංශයෙන් ලැබිය යුතු දේ ආදී වශයෙන් සියල්ල සම්බන්ධීකරණයක් තිබිය යුතුය. එහෙත් අවසනාවකට මේ සම්බන්ධීකරණය අප වෙත නැත. එමනිසා දරුවෝ දැනුම් ගබඩා මිස වෙන කිසිවක් නැති පිරිසක් බවට පත්ව හිඳිති. එහි ශෝචනීය විපාක අප අද ඕනෑවටත් වඩා අත්දකිමින් සිටිමු. 

එමනිසා දරුවන්ට සංකල්ප දෙන මව්පියෝ වන්න . හේතු දෙන උසාවි නොවන්න. දරුවාට ඔබ කියන දේ විමසන්නට ඉඩ දෙන්න. ඔබගේ වචන දේව වාක්‍ය නොකරන්න. මේ අයුරින් දරුවාට සංකල්ප සාධනය කරන්න

අප ප්‍රාණඝාත නොකළ යුත්තේ ඇයි ? ඒ අනුන්ගේ ජීවත්වීමේ අයිතිය අප පිළිගන්නා නිසාය. මා මෙන්ම අන් අයත් ජීවිතයට ආදරය කරන නිසාය. ඔවුන් එය රැක ගැනීමට උත්සහ කරන නිසාය. අනුන්ගෙන් මට සිදුවනවාට අකමැති දෙයක් අනුන්ට මා නොකළ යුතු නිසාය. ලෝකය මට මෙන්ම ඔවුන්ටත් අයිති නිසා

( එවිට කැරපොත්තන් මීයන් මරා දමනවා වෙනුවට ඔවුන්ගේ ආගමනය වළක්වන ආකාරය ඔහු ඉගෙන ගනීවි)

අප නොදුන් දේ  නොගත යුත්තේ ඇයි?  එය මගේ නොවන නිසාය. මගේ දේ වෙන කෙනෙක් ගතහොත් මා පීඩාවට දුකට පත්වන ආකාරයට එය අයිතිකරුත් දුකට පීඩාවට පත්වන නිසාය. මගේ යුතුකම අනුන්ට අයිති දේ ඔවුන් වෙනුවෙන් තියෙන්නට හැර මා සතු දෙයින් සතුටුවීම නිසාය. මා එයට ආසා නම් මා කළ යුත්තේ අනුන්ගේ දේ උදුරා ගැනීම නොව උත්සහයෙන් උපයා ගැනීම නිසාය. එතෙක් මා සතු දෙයින් සතුටුවීමයි වැදගත්ය.

( මේ අවබෝධය දුන් පසු දරුවන්ගේ සිතට සාමය ඇතිවේ . ආසා කරන හැමදේම නොලැබෙන බවත් , සමහර දේවල් ලැබෙන්නට බලා සිටිය යුතු බවත් , ලැබී ඇති දේ හොඳම දේ ලෙස දකින්නට පුහුණු වන සිතකුත් ඇතිවේවි.)

මේ ආදි වශයෙන් අවස්ථාව පැමිණිවිට ආදරෙන් කරුණාවෙන් දරුවාට සමීපව කියා දෙන්න. අප කුඩා කාලයේ මියගිය කුහුඹුවකු වැනි කුඩා සතකු ගිනි පෙට්ටියක දමා පෙට්ටිය තුළට මල් දමා කුඩා වලක් හාරා වලටත් මල් දමා සතා වළ දැමූ ආකාරයේ අත්දැකීම් මෙය කියවන ඔබටත් තිබුණාට සැක නැත. අප නොදැනුවත්ව අප සිදු කලේ කුමක්ද? ගෞරවනීය අවසන් ගමනක් ඕනෑම කෙනෙකුට ඇති බව පිළිගැනීම නොවේද? අද එය මතක් කරන විට හදවත් තුළ නැගෙන කරුණාබර හැඟීම මේ මොහොතේ ඔබ අත්විඳිනු ඇත.

අප දරුවන් තුළ ඇති කළ යුත්තේ මෙයයි. ඔවුන්ටත් සැනසීම ඇති අනුන්ටත් සැනසීම ගෙනෙන දරුවන් ලෙස අපගේ දෑස් ඉදිරිපිට ඔවුන් හැදීවැඩී සමාජගත වී සමාජය නිවුනු සාමාකාමී එකක් කරන්නට දායක වනු අයුරු සතුටු සිතින් දැකබලා ගෙන් තෘප්තිමත් හැඟුමෙන් අපට මෙලොවින් නික්ම යා හැකිය. 

ඔවුන් උගතුන්ද, නැතිද යන්න එවිට අදාලම නැත. ඔවුහු මේ ලොව සරසන නේක වර්ණයෙන් හැඩයෙන් සුවඳින් අනූන වූ සුපිෂ්පිත කුසුමෝම වෙති. 

 

 

 

 

  

Share69Tweet43
Previous Post

කඩුවෙල වැඩබලන මහසේත්‍රාත්ගේ නිවසට බෝම්බ ගැසූ දෙදෙනා අත්අඩංගුවට

Next Post

5 හපනුන්ට ETF වෙතින් මිලියන 90ක්

Related Posts

විනිවිද

සිය දිවි නසා ගැනීමේ මනෝභාවය සහිත පුද්ගලයෙක් සම්බන්ධව උපදේශකවරයෙකුගේ වගකීම!

සැප්තැම්බර් 15, 2024 - Updated on අප්‍රේල් 9, 2025
පුවත්

මානුෂික ගැටලු විද්‍යාත්මකව අරුත් ගැන්වීමේ දී ඔලිම්පික් කමිටුවට මේ තරමට වැරදිය හැකි ද?.

අගෝස්තු 3, 2024
විනිවිද

ස්තුතියි ගරු විදුහල්පති තුමනි!

ජූනි 7, 2024

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.