කඩුවෙල වැඩබලන මහෙස්ත්‍රාත් හේමපාල ඒකනායක මහතාගේ නිවසට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසය අද සමත් විය.
මෙම පෙට්‍රල් බෝම්බ ප්‍රහාරය පසුගිය මාසයේ දිනක එල්ල කර ඇති අතර එයින් වැඩබලන මහෙස්ත්‍රාත්වරයාට හෝ ඔහුගේ පවුලේ අයට කිසිදු අනතුරක් සිදු නොවූ අතර මෙම ප්‍රහාරය එල්ල කළ පුද්ගලයන් සම්බන්ධ වැඩිපුරදුර විමර්ශණය කොළඹ අපරාධ කොට්ඨාසයට පැවරිණි.
ඒ අනුව කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලස්ස අධිකාරී ජී.ජේ නන්දන මහතාගේ මෙහෙයවීම මත සිදු කරන ලද විමර්ශණ ඔස්සේ අදාළ ප්‍රහාරයට අනුබල දුන් තැනැත්තා සහ එම ප්‍රහාරය සිදු කළ තැනැත්තා අද අත්අඩංගුවට ගෙන ඇත.
ඔවුන්ගෙන් සිදු කරන ද වැඩිදුර ප්‍රශ්න කිරීමේදී හෙළිව ඇත්තේ ඉඩම් ගොඩ කිරීමේ සංස්ථාවේ නීතීඥවරියක වන වැඩ බලන විනිසුරුවරයාගේ බිරිඳ මෙම ප්‍රහාරයට අනුබල දුන් උදයශාන්ත නැමැත්තාට එරෙහිව එම සංස්ථාව ගොනු කර ඇති ඉඩමක් නඩුවක ඉඩම් ගොඩ කිරීමේ සංස්ථාව වෙනුවෙන් පෙනී සිටින බැවින් ඇය බිය ගැන්වීමේ අරමුණින් මෙම ප්‍රහාරය සිදු කර ඇති බවය.
උදයශාන්ත නැමැත්තා මෙම නඩුවට සම්බන්ධ ඉඩම බලා කියා ගන්නා පුද්ගලයා ළවා මෙම ප්‍රහාරය සිදු කළ බවට සාක්ෂි ලැබී ඇත.