බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ විනිවිද

ස්තුතියි ගරු විදුහල්පති තුමනි!

by editor
ජූනි 7, 2024
in විනිවිද
Share on FacebookShare on Twitter

එෂාමා කාරියකරවන
ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශිකා –

ගුරුදෙගුරු යනු දරුවකුගේ ජීවිතයේ ආකල්ප, චින්තනය, සදාචාරය සහ පෞරුෂය ගොඩනංවන ප්‍රබල සමාජානුයෝජන කාරක වෙති.විශේෂයෙන් නවයොවුන් වියේ දරුවන්ට පරමාදර්ශ සපයන ආකෘති වෙති. වර්තමාන ලෝකයේ දරුවන්ට වැඩිහිටියෝ බොහෝ අවස්ථාවල ඇඟිලි දික්කර වරද පටවන්නට නිති සූදානම්ව සිටිති.

එහෙත්
දරුවෝ හැමව්ටම වැරදිද?
මව්පිය ගුරුවරු වැඩිහිටියන් හැමවිටම නිවැරදිද?
යන ප්‍රශ්න වැඩිහිටියන් කිසිවිටෙක තමා තුළට නැඹුරුවී නොවිමසති

කොන්දේසි විරහිත ධනාත්මක සැලකිල්ලකින් ලෝකය දෙස, මානව වර්ගයා දෙස බලන ලෙස කාල් රොජර්ස් ලෝකයට ගුරුහරුකම් දී ඇත. එහෙත් මිනිසා හැමවිටම ධනාත්මක සැලකිලි දක්වන්නේ කොන්දේසි සහිතවමය. උපදේශනයේදී අප වඩාත්ම අත්දකින දුක්මුසු කාරණ්‍ය එය වේ.

මෙහිදී වඩාත්ම පීඩාවට පත්වන පුද්ගලයා දරුවාය. දරුවා ලෝකය ඉගෙනගනිමින් වැඩෙන්නෙකි. එමනිසා සැමවිටම වැඩිහිටියන්ගේ ආදරය, පිළිගැනීම, රැකවරණය දරුවාට දැනිය යුතුය. දැනෙන්නට ලබා දිය යුතුය.

එහෙත් ,දරුවෝ අප වෙතට පැමිණ කියන දුක්ගැනවිලිවල නිමිති මොනවාද?

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

  • පවුලේ එක් එක් දරුවාට එක් එක් ආකාරයෙන් සමහර මව්පියන් දක්වන සැලකිලිය
  • මව්පියන්ගේ දුරාචාර, ප්‍රචණ්ඩ වීම සහ ඇබ්බැහි කිසා බියට ලැජ්ජාවට මානසික ආතතියට පත්වන හැටිය.
  • සමහර ගුරුවරු දක්ෂ දරුවන්ට, ධනවත් දරුවන්ට හෝ ගුරුවරුන්ගේ දරුවන්ට පෙන්වන ලබැඳියාවල්ය. අනිකුත් දරුවන්ට කරන කෙණහිලිය. ලිංගික වශයෙන් අපයෝජනයට පත්වීම්ය.
  • දරුවන්ගේ අයිතීන් උදුරාගැනීම්ය. ( බරින් අඩු, දිළිඳු දරුවන්ගේ පෝෂණය, වර්ධනය සඳහා ලබාදෙන ත්‍රිපෝෂ පැකට්ටුවේ සිට දරුවාගේ අයිතීන් කොල්ලකන සමාජයක අප ජීවත්වෙමින් සිටිමු )

මේ කිසිම අවස්ථවක වැඩිහිටියෝ තම වරද පිළි නොගනිති. දරුවන්ටද හැඟීම් දැනීම් ඇතැයි නොසිතති. දැන දැනම දරුවන්ටම වරද පටවති.

ඒ හේතුවෙන් දරුවන් විඳින පීඩා ඉමහත්ය.

දරුවන් යනු අනාගත ලෝකයයි.

අප ඔවුන් ඉතා හොඳින් රැකබලා ගත යුතුය. ඔවුන්ට යහ ආදර්ශ පෙන්විය යුතුය. ඔවුන් පරාජය වූ විට, වැටුණු විට, ආත්ම විශ්වාසය සිඳගත් විට ඔවුන් දිරිමත් කර වඩාත් ජවයකින් යුතුව ඔසවා තැබීමට හැක්කේ වැඩිහිටියන්ට පමණි.

පරාජය වීම, ප්‍රතික්ෂේපවීම හමුවේ නැගීසිටින්නට බලාපොරොත්තුවක් අත්වැලක් සොයමින් සිටි දරුවෙකුට එවන් වූ වැඩිහිටියකු විසින් ලබා දුන් පිළිගැනීම, රැකවරණය සහ විශ්වාසය හේතුවෙන් දරුවා විසින් අත්පත් කරගන්නට යෙදුනු මහා ජයග්‍රණයක් නිසා එම වැඩිහිටියා සමාජ මාධ්‍යවල මහත් බුහුමනට ලක්වී ඇත.

එම වැඩිහිටියා එම මහා යුතුකම සිදු කළේ බුහුමන් අපේක්ෂාවෙන් නොව දරුවාගේ හෙට දවස යහපත් කරන්නටය. ඔහු විසින් දිගුකළ හස්තය වැරෙන් අල්ලාගනිමින් ජයකණුවට ළඟාවූ දරුවා කළ හෙළිදරව්ව නිසා එතුමා බුහුමන් ලබනු පෙනේ.

සිද්ධිය සැකෙවින් මෙසේය.

මොනරාගල දිස්ත්‍රික්කයේ සිසුවෙක් සාමාන්‍ය පෙළ විභාගයෙන් ගණිතය අසමත් වීමත් ප්‍රමාණවත් ප්‍රථිපල නොලැබීමත් නිසා දුකට පත්විය. බලාපොරොත්තු අත් නොහැරි සිසුවා තාක්ෂණ අංශයෙන් තම පාසලේ උසස් පෙළ පංතියට ඇතුළු කරගැනීම ප්‍රතික්ෂේප කළ විදුහල්පතිවරු ගණනාවක් හමුවේත් පසු නොබැස තම අරමුණ ජයගැනීම උදෙසා පාසලෙන් පාසලට ගියේය.

එක් පාසලකදී සිසුවා ප්‍රතික්ෂේප නොකට උසස්පෙළ ඕනෑම විෂය ධාරාවක් යටතේ ඉගෙනීමට අවසර දුන් විදුහල්පති වරයෙක් දරුවාට හමු විය. අපොස උසස් පෙළ ප්‍රතිඵල ආවේය. විභාග ප්‍රථිපලයෙන් ඒ දරුවා දිස්ත්‍රික්කයේ පළමු වැනියා ය. ඔහු ගැන දැන් රටම කථිකාවය.

මේ වැඩිහිටියාගේ පරෝපකාරය නිසා එම සිසුවාගෙන් බිහිවන ඉදිරි පරපුරෙන් පරපුරට රැගෙන යා හැකි ඉතා ධනාත්මක, ආදර්ශවත් උත්තම පින්කමක් ගැන කතාන්තරයක් සිසුවාට ලැබී තිබේ.

ඒ උත්තම ගුරුපියාණන්  අන් කවරෙකුත් නොව මොනරාගල පැල්වත්ත නවෝද්‍යා විදුහලේ විදුහල්පති ගරු ඩබ්ලිව්. එම්. නන්දසේන මැතිතුමාය

මෙම විදුහල්පති තුමන් දරුවාට කළේ කුමක්ද?

  • කොන්දේසි විරහිත ධනාත්මක සැලකිල්ලෙන් දරුවා දෙස බැලීමය
  • දරුවා පිළිගැනීමය
  • දරුවා විශ්වාස කරන බව දරුවාට හැඟෙන්නට හැරීමය
  • අඩුපාඩු හදාගන්නට කාලයක් ලබාදීමය
  • සහකම්පිත වීමය.
  • දරුවාට ඔහුගේ අනාගත අපේක්ෂාවල වගකීම බාරදී එම අපේක්ෂා ඉටුකරගන්නට වේදිකාවක් සැපයීමය

එවිට දරුවා කළේ කුමක්ද?

  • වගකීම තමා අත බව තේරුම් ගත් දරුවා විදුහල්පති තුමා කළ මහඟු උපකාරයට නිසා විදුහල්පති තුමන් අපවාදයට ලක්වීමෙන් බේරා ගැනීමය.

විදුහල්පති තුමන්ගේ එක් සුන්දර වෑයමක් හේතුවෙන් අද දරුවා ජයග්‍රහයකයෙක් වී අවසන්ය. ඔහුගේ පාසලත් ගෞරවයෙන් පිදුම් ලබන්නේය.

අප කළයුත්තේ මෙය නොවේද?

දරුවන්ට මහත් දයාවෙන් මග පෙන්වීම නොවේද? එවන් එක් වැඩිහිටියකු ගැන වූ හෙළිදරව්වෙන් මේ සමාජයේ බොහෝ මිනිස්සුගේ දෑස් තෙත් වුනි.

මේ වැඩිහිටියා නිසා ඒ දරුවාගෙන් බිහිවන පරපුරෙන් පරපුරට රැගෙන යන්නට ඉතා ධනාත්මක, ආදර්ශවත් උත්තම පින්කමක් ගැන කතාන්තරයක් දරුවාට ලැබී තිබේ.

අපට අවශ්‍ය මෙවැනි කතාන්තරය. එවන් කතාන්තර දිනපතාම අපට ලැබිය යුතුය.

ලෝකය සැනසෙන්නේ ග්‍රාහකයාත් ප්‍රතිග්‍රාහකයාත් දෙදෙනාම ජයග්‍රහකයන් වූ විටය. ඒ ලෝකය දරුවන්ට තැනිය නොහැකිය. වැඩිහිටියෝ ඒ ලෝකය තනා, පවත්වාගෙන යන්නට දරුවන්ට බාර කළ යුතුය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

පකිස්ථානය පරාදයි… ඇමරිකානු පිල තරගාවලිය උඩු යටිකුරු කරයි….

Next Post

කරන්නාගොඩ ගේ රිට් පෙත්සම විභාග කිරීමට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්!

Related Posts

විනිවිද

සිය දිවි නසා ගැනීමේ මනෝභාවය සහිත පුද්ගලයෙක් සම්බන්ධව උපදේශකවරයෙකුගේ වගකීම!

සැප්තැම්බර් 15, 2024 - Updated on අප්‍රේල් 9, 2025
පුවත්

මානුෂික ගැටලු විද්‍යාත්මකව අරුත් ගැන්වීමේ දී ඔලිම්පික් කමිටුවට මේ තරමට වැරදිය හැකි ද?.

අගෝස්තු 3, 2024
විනිවිද

සුචරිතවාදී සමාජය නිරුවත් කරමින්  මීගමුව ස්පා එකක දී හමුවන 15 හැවිරිදි දියණිය…

මාර්තු 31, 2024

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.