බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

පකිස්ථානය පරාදයි… ඇමරිකානු පිල තරගාවලිය උඩු යටිකුරු කරයි….

by editor
ජූනි 7, 2024
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter
  • මෙතෙක් මේ තරගාවලියේ පැවති උණුසුම්ම තරගය එයයි… සුපිරි ඕවරයේ දී ඇමරිකාව පකිස්ථාන පිල පරදවයි!

එය ඔබ විශ්වාස කළ යුතුය. අතිශය තියුනු තරගයකින් පසු ඇමරිකානු කණ්ඩායම දිනුම්ය. මෙතෙක් මේ තරගාවලියේ පැවති උණුසුම්ම තරගයෙන් අනතුරුව ඔවුන් මේ ජයග්‍රහණය අත් කරගත්තේය.

පකිස්ථානු කණ්ඩායම මුල් ඉනිමේ ලකුණු 159කි. ප්‍රේක්ෂකයන් හිතුවේ එය ඇමරිකානු කණ්ඩායමට ලඟා විය නොහැකි ලකුණක් ලෙසය. නමුත් ලකුනු 159ක් හඹා ගිය ඇමරිකානු කණ්ඩායම ලෝක සම්භාවනාවට පාත්‍ර වූ පක්ස්ථානයේ ලකුණු සම කලේය. ඕවර 20 අවසානයේ දි ඔවුන් ද ලකුණු 159කි.

අනතුරුව සුපිරි ඕවරයයි. සුපිරි ඕවරයේ දි ඇමරිකානු කණ්ඩායම ලකුණු 18ක් ලබා ගත්තේය.

එම ඉලක්කය හඹා ගිය පකිස්ථාන කන්ඩායම සුපිරි ඕවරයේ දී ලකුනු 13කට සීමා කිරීමට ඇමරිකානු ක්‍රීඩකයෝ සමත් වූහ. ඒ අති විශිෂ්ඨ උඩ පන්දු රැකිමක් ද සමගිනි.

තවදුරටත් ක්‍රිකට් ලෝකයේ ආධිපත්‍ය ගැන විශාල කතා කීමට දකුණු ආසියාවේ අපට නොහැකි බවට ඉඟි පලවෙමින් ඇත. මුලින්ම බංගලාදේශය පරදවා අවධානය දිනාගත් ඇමරිකා එක්සත් ජනපද කණ්ඩායම අද පකිස්ථානයට එල්ල කළ අතුල් පහර ක්‍රිකට් ලෝලී අප කිසිවෙක් අපේක්ෂා නොකළ විශ්මය ජනක පෙරළයක් කොට සටහන් කර තැබිය යුතුය.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

කාසියේ වාසිය දිනුවේ ඇමරිකා එක්සත් ජනපද කණ්ඩායමය. ඔවුහු පන්දුව රැකීම තේරූහ. ඇමරිකා ක්‍රීඩාංගනවල කෘතිමව එලන ලද තණතිරු මන්දගාමීය. පිති කරුවන්ට සහය නොදෙන සුළුය. මුලින්ම පන්දුවට පහර දුන් පකිස්ථාන කණ්ඩායම ලකුණු 159ක් රැස් කළහ.

නායක බාබර් අසාම් ලකුණු 40කි. පන්දු 43කින් ලද ඒ ලකුනු ප්‍රමාණයට හයේ පහර දෙකක් සහ හතරේ පහර තුනක් ඇතුළත් විය. ෂඩාබ් ඛාන් මෙම තණතිරුවල දුලබව දුටු විස්සයි විස්ස රටාව යළිත් සිහි කරමින් පන්දු 25ක දී ලකුණු 40ක් ලැබුවේය. ඒ හයේ පහර 3ක් සහ හතරේ පහරක් සමගිනි. ෂහීන් ෂාහ් ඇෆ්රිඩි පන්දු 16ක දී ලකුණු 23ක්, ඉෆ්තිකාර් අහමඩ් පන්දු 14ක දී ලකුණු 18ක් ලැබුවේය. කඩුලු 7කට ලකුණු 159කි. පකිස්ථානය ජයග්‍රහණය කරනු ඇතියි විශ්වාස කළ හැකි ලකුණු ප්‍රමාණයකි.

පන්දු යැවීමේ දී ඇමරිකානු කණ්ඩායම වෙනුවෙන් නොස්තුෂ් කෙන්ජිගෙ ලකුනු 30ට කඩුළු 3ක් ලැබුවේය. සෞරාබ් නෙත්‍රාවල්කාර් ලකුණු 18ට කඩුළු 2කි. අලි ඛාන් සහ ජස්දීප් සිං කඩුල්ල බැගින් ලැබූහ.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි ඇමරිකානු කණ්ඩායම ප්‍රකට කළේ විශිෂ්ට විලාශයකි. නායක මොනක් පටෙල් පන්දු 38ක දී අතිශය මනරම් ප්‍රහාරයක් සමග ලකුණු 50ක් ලැබුවේය. ඊට හතරේ පහර 7කි. එක් හයේ පහරකි. ඇන්ඩ්‍රිස් ගවුස් පන්දු 26ක දී ලකුණු 35කි. හතරේ පහර 5කි. එක් හයේ පහරකි. ඇමරිකාවේ විශිෂ්ට ප්‍රහාරකයා ආරොන් ජෝන්ස් නොදැවී ලකුණු 36කි. හතරේ පහර 2කි. හයේ පහර 2කි. පන්දු 26කින් ලකුණු 36කි. නිටිෂ් කුමාර් පන්දු 14ක දී ලකුණු 14ක් ලබන්නේ එක් හයේ පහරක් සමගිනි. ඇමරිකානු කණ්ඩායමත් ලකුණු 159කි. ඔවුන් ලකුණු සම කරන්නේ අවසන් පන්දු ඕවරයේ ලකුණු 15ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගොස් අවසන් පන්දුවට හතරේ පහරක් එල්ල කරමිනි.

මොනාක් පටෙල් සහ ඇන්ඩ්‍රි ගවුස්..

ඇමරිකානු කන්ඩායමේ දැවි ගියේ කඩුළු 03කි. මොහොමඩ් අමීර්, නසීම් ෂා සහ හරිස් රවුෆ් කඩුල්ල බැගින් ලැබූහ.

දැන් සුපිරි ඕවරය ය. පන්දු යවන්නේ පකිස්ථාන කණ්ඩායමය. පන්දුවට පහර දෙන්නේ ඇමරිකානු කණ්ඩායම ය. පන්දු යැවීමට බබාර් අසාම් තෝරා ගන්නේ මොහොමඩ් අමීර්ය.

ඇමරිකානු කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහරදීමට ආරොන් ජොන්ස් සහ හර්මිට් සිං ය. පිටියට පැමිණෙන්නේය.

කිව යුත්තේ පකිස්ථාන පන්දු යවන්නා පන්දුකරණයේ නිරත වූයේ සුපිරි ඕවරයක පන්දු යවන ආකාරයට නොවන බවය. ඔහුගේ තැතිගැන්ම ඔහුගේ ඉලක්කය විසුරුවා තිබිණි. පළමු පන්දුවටම ආරොන් ජොන්ස් විසින් හතරේ පහරක් එල්ල කළේය. ඕවරය තුළ වයිඩ් ලකුණු 7කි . මුළු ලකුණු ගණන 18කි. ජයග්‍රහණය සඳහා ඉලක්කය ලකුණු 19කි.

ඇමරිකානු නායක මොනාක් පටෙල් සිය පන්දු යවන්නා ලෙස තොරන්නේ සෞරාබ් නෙත්‍රාවල්කාර්ය. මූලික තරගයේ දි පකිස්ථානු ක්‍රීඩකයන් හොඳින්ම පාලනය කළේ ඔහුය.

සුපිරි පන්දු ඕවරයේත් ඔහු එය හරියටම කළේය. ලෝන්ග් ඕෆ් කලාපයේ සිට නිටිෂ් කුමාර්  ලබා ගත් සුපිරි උඩපන්දුව තරගයේ තීන්දුව වෙනස් කළේය. පකිස්ථාන කණ්ඩායම සුපිරි ඕවරයේ ලකුණු 13කට සීමා විය.

ඇමරිකානු කණ්ඩායම ක්‍රිකට් ඉතිහාසය වෙනස් කළේය. තරගයේ වීරයා ඇමරිකානු පිලේ නායක මොනාක් පටෙල්ය.  තමන් මෙතෙක් නිහඬව හිටියත් තමන් සතුව පවතින ගැඹුරු ක්‍රිකට් පරිනතිය සහ විනය පිළිබඳ විශාල කථාවක් ඔවුන් අපට කීවේය. නායකයෙක් කියන්නේ ලොකු ඔළුවක පොඩි මොළයක් ඇති උද්දච්ඡ අයිආර්සී කාරයෙක් නොවන බව මොනාක් පටෙල් කීවේය.

අපේ උන්ට කියන්නට ඇත්තේ උද්දච්චකම් පැත්තක තබා ක්‍රිකට් ඤාණය ඇතිනම් යළිත් කල්පනා කරන ලෙසය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

රටේ ඒඩ්ස් රෝගීන් වැඩි වෙලා…  එච්අයිවී ඒඩ්ස් මර්දන වැඩසටහන අනතුරු අඟවයි!

Next Post

ස්තුතියි ගරු විදුහල්පති තුමනි!

Related Posts

ක්‍රීඩා

ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

ජූනි 22, 2026
ෂාමර් ජෝෂප්... පළමු වරට විස්සයි 20 තරගයක කඩුළු 05ක්...
ක්‍රීඩා

කොහොමත් උන් අපට වඩා උඩින්… කඩුළු 05ක් දවාගෙන  ෂාමර් ජෝසෆ් ශ්‍රි ලංකා ඉනිම කුඩු කරයි…   

ජූනි 15, 2026
ක්‍රීඩා

කලාතුරකින් පැමිණ ක්‍රිකට් ලස්සන කරන දස්සාගේ දවස!

ජූනි 14, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.