බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ විනිවිද

යහපත් ලිංගික ජීවිතයකට වැදගත්වන මනෝ විද්‍යාත්මක කරුණු 07ක්….

by editor
සැප්තැම්බර් 6, 2020
in විනිවිද
Share on FacebookShare on Twitter

ලිංගික ජීවිතයේදී පැන නගින ගැටළු පිළිබදව බොහෝ දෙනා උපදේශන සහය පතති. එහි මූලික කාරණා කිහිපයක් පිළිබඳ අවධානය යොමු කරමින් සැකසෙන මේ කෙටි ලිපියේ අන්තර්ගතය ඔබේ සහකරු හෝ සහකාරිය සමග බෙදාගන්න. ඔබ අතින් සිදුවන අතපසුවීම් ඇත්නම් එය නිවැරදි කරගනිමින් ප්‍රීතිමත් ලිංගික සම්බන්ධතාවක් ගොඩ නගා ගන්න. එය සාර්ථක පවුල් ජීවිතයකට ඔබට උදව්වක් වනු ඇත.
කාන්තාවක් හා පුරුෂයෙක් අතර සිදුවන ලොව වඩාත්ම ආකර්ශනීය ම සිදුවීම නම් ලිංගික එක්වීම ය. මෙම ලිංගික එක්වීම සඳහා පුරුෂයා හා කාන්තාව යන දෙදෙනාම ස්වභාවයෙන් ම සිය උපරිමයෙන් කැප වී සිටිති. තවත් ලෙසකින් පවසන්නේ නම් සියලූ දේ ලිංගික එක්වීම සඳහා යැයි පැවසීම අරුමයක් නොවේ.
ලිංගිකව හැසිරීමේ දී පුරුෂයින් අතින් සිදුවන බොහෝ වැරදි ඇත. ඒ වැරදි කාන්තාවන්ගේ පාර්ශවයෙන් බැලූවහොත් ඇයට සිදුවන අසාධාරණයකි. විශේෂයෙන්ම විවාහක කාන්තාවක සිය පුරුෂයාගෙන් ලිංගික සතුට ලබන්නට සූදානමින් සිටියි. එහෙත් පුරුෂයා කාන්තාව හා ලිංගිකව එක් වීමේ දී ඔහුගේ පැත්ත පමණක් සලකන අතර කාන්තාවගේ තෘප්තිය හා ආශාවන් ගැන බොහෝ විට නොසිතයි.
මෙම ලිපියෙන් බලපොරොත්තු වන්නේ ලිංගික එක්වීමේ දී උපරිම සතුට පුරුෂයාටත්, කාන්තාවටත් එක සේ ලබා ගන්නා ආකාරය සම්බන්ධව මානසික අවබෝධය බලා දීමය.

කාන්තාවට දැනෙන්නට නම්,
ඔබ හොඳ සංවේදී වදන් තෙපලන්නෙක් විය යුතුයි.
මෙහි දී ඔබ ඇයගේ සියුම් හැඟීම් වටහා ගැනීමට නිරන්තරයෙන් උත්සාහ කරන්න. එය කිසිසේත් ම කාලය අපතේ යැවීමක් නොවනු ඇත. මන් ද යත් සිය බිරිය හෝ පෙම්වතිය උපරිම සතුටින් සිටින විට ඔබට ද එම සතුට සම්ප්‍රේක‍්ෂණය වන නිසා ය.‍ෙඑසේ වන්නේ ඔබට ද ඇයගෙන් ලිංගික හැසිරීම සඳහා මනා පිටුබලයක් ලැබෙන බැවිනි.

ආදරය ප්‍රධාන වේ.
දෙදෙනා අතර හොඳ සංවාදයක් ගොඩ නගා ගන්න. සිය බිරියට තමන් සතු සියලූ දේ පවසන බව අඟවන්න. ඇයගේ රහස් තමාට රහස් නොවන බවත් එම රහස් ඇයට මෙලොව පැවසිය හැකි එකම පුද්ගලයා ඔබ බවත් ඇයගේ සිත තුළ විශ්වාසයක් ඇති කරන්න. ඔබ ඇයට කිසි සේත් බොරු නොකරන බව ඇයට දැනෙන්නට ඉඩ හරින්න. ඇගේ ඇති අගය ඇයට වටහා දෙන්න. ඔබ ඇයට ඇලූම් කරන්නේ ඇගේ කුමන ලක‍ෂණවලට ද යන්නත්, ඇගේ කුමන හැසිරීම්වලට ද යන්නත් ඇයට නොබියව, නොපැකිළව පවසන්න.
ඔබට ලිංගිකව එක් වීමට අවශ්‍ය අවස්ථාවේ දී ඇයට එය දැනෙන්නට ඉඩ හරින්න. ඔබ ඇගේ හැඟීම් හඳුනාගෙන ඇති බව නිතර පවසන්න. ඇයට ආදරයෙන් ළං වන්න.

බොහෝ කාන්තාවෝ සිය පෙනුම ගැන කණස්සල්ලෙන් සිටිති.
කාන්තාව සිය රූප ස්වභාවය ගැන කණස්සල්ලෙන් පසුවීම ස්වභාවික ය. ඇය ස්වභාවයෙන්ම සියුමැලි, සුකුමාර, අලංකාර වස්තුවක් වීමට ප්‍රිය කරයි. බොහෝ කාන්තාවන් සිය ස්වාමිපුරුෂයා ඉදිරියේ පවා නිරුවත්වීමට අපහසු බවක් දක්වයි. එය ස්වභාවික යි. ඇය ඉතා අලංකාරවත් බව ඇයට නොබියව පවසන්න. ඇය එසේ නැතැයි කිවහොත් ඇගේ සිරුරේ ඇති අලංකාර අවයව ගැන වර්ණනා කරන්න. ඇගේ ළැම ලස්සනයි, ඇගේ නිතඹ ලස්සනයි යනුවෙන් ඇගේ ඔබ ඇත්තටම දකින ලස්සන තැන් අතිශයෝක්තියෙන් වර්ණනා කරන්න.
කාන්තාවකට ලිංගිකත‍වය ඇගේ ජීවිතයෙන් බාහිර දෙයක් නොවේ.
පුරුෂයෙකුට මෙන් නොව කාන්තාවක් සැනසෙන්නේ ඇය ලබන ලිංගික තෘප්තියෙනි. ඇය දවසේ කොතෙක් වෙහෙස මහන්සි වී සිටිය ද රාත්‍රී සයනය මත සිය පුරුෂයාගෙන් ලබන ලිංගික සතුට ඇයට හෙට දවසේ නව ජීවයකින් පිබිදීමට උපකාර වෙයි. තව ද දවසේ ඉතිරි කාලයේ දී ඔබ ඇයට දක්වන සංවේදීතාවය ඇය බෙහෙවින්ම බලාපොරොත්තු වෙයි. ඇය කාර්යාලයේ සිටිනවා නම් ඇගේ අපහසුතා ඇය ඔබ සමග පවසාවි. එවිට ඇයට ඇහුම්කන් දෙන්න. දිරිමත් කරන්න. කිසිවිටෙකත් ඇය නොසලකා හරින්න එපා. නිවසේ සිටින විට නම් නිතර සිප ගැනීම, තුරුළු කර ගැනීම, ආදරයෙන් අතගෑම ආදී ලෙස ආදරය දක්වන්න. ඇගේ සිතට වද දෙන ප්‍රකාශ කිසිසේත් කරන්න එපා. ඇගේ සිත සන්සුන් වූ විට ඇයව ලිංගිකත‍වයට පොළඹවා ගැනීම ඉතා පහසු ය.‍

සුරතාන්තය අත්‍යාවශ්‍ය කරුණක් නොවේ.
බොහෝ පිරිමින් සිතන්නේ සිය කාන්තාව සුරතාන්තයට පත් කිරීමට හැකි වීම පමණක් ප්‍රමාණවත් යන පරිද්දෙනි. නමුත් එය සර්ව සත්‍යය නොවේ. එවන් අවස්ථා බොහෝ අගනා නමුත් කාන්තාවට සෑම අවස්ථාවක ම එම තත්ත්වයට පත් වීමට හැකියාවක් නොමැත. සමහර අවස්ථාවල කාන්තාවන් සුරතාන්තයට පත් වීමට වඩා පූර්ව ලිංගික ක්‍රියාවලියෙන් ඇය බොහෝ තෘප්තියට පත්වේ. ඇයට සුරතාන්තයට පැමිණීමට අවශ්‍ය නම් ඇය ඔබට එය පවසනු ඇත.

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ලිංගිකත්වය යනු සංකීර්ණ කර්තව්‍යයක් නොවේ.
එය සරළ ක්‍රියාවකි. එය සරළ බවින් පටන්ගෙන සරළ බවින් ම අවසන් කරන්න. එයට කාන්තාව බොහෝ කැමති වෙයි. ඇය සමග එක්වීම ඔබ සැලසුම් කරන්න එපා. එයට පැමිණි හොඳම අවස්ථාව ප්‍රථමයෙන්ම ප්‍රයෝජනයට ගන්න. බොහෝ සැහැල්ලූවෙන් සරළව එම ක්‍රියාවලියේ යෙදෙන්න.

ලිංගික නොවන ස්පර්ශයට හා කරුණාවන්තකමට කාන්තාවන් බොහෝ ළැදියි.
ආදරය, තුරුළුවීම, අත අල්ලා ගැනීම, සිප ගැනීම ආදී කටයුතු ලිංගික කටයුතු නොවන බව හොඳින් සිතේ ධාරණය කර ගන්න. ඒවා එදිනෙදා ඔබ විසින් කළ යුතු සාමාන්‍ය කටයුතු බව හොඳින් සිහිපත් කරන්න. මතක තබා ගන්න. මේවායින් ඇය ඔබ ගැන මියුරු සිතුවමක් සිතේ මවා ගනු ඇත. එවිට ඇයට ඔබ නිරන්තරයෙන් ඇගේ සුන්දර ලෝකයට අරක්ගත් ප්‍රේමවන්තයා වනු ඇත.

ලිංගික කාර්යයෙන් පසු අත්හැර නොදමන්න
බොහෝ පුරුෂයින් ඔවුන්ගේ ලිංගික කාර්යයෙන් පසු බොහෝ වෙහෙසකර වෙයි. ලිංගික කාර්යයේ දී පුරුෂයින්ගේ මොළයෙන් නිපදවෙන එන්ඩෝෆින් නිසා ඔවුන්ගේ රුධිරයේ එන්ඩෝෆින් සාන්ද්‍රණය ලිංගික කාර්යයෙන් පසු අධික වෙයි. පුරුෂයන් මෝචනයෙන් පසු මානසිකව ක‍ෂණයකින් ලිංගික කටයුත්ත එපා වන තත්ත්වයකට පත් වෙයි.
එහෙත් කාන්තාවට එය සිදුවන්නේ ඉතා සෙමින් ය. ඇය පුරුෂයාගේ මෝචනයෙන් පසු වුව ද බොහෝ උද්දීප්‍ය තත්ත්වයක පසු වෙන්නීය. එනිසා ඉන් පසු වුව ද සිය පුරුෂයාගෙන් ඇය බොහෝ විට ලිංගික උද්දීපන බලාපොරොත්තු වෙයි. ලිංගික ක්‍රියාවලිය තවදුරටත් කරගෙන යාමට ඇගේ සිත පෙළෙඹෙයි. ඇය පුරුෂයා එලෙස නැවතීමට ඉඩ නොදෙයි. මෙය පුරුෂයන් තේරුම් ගත යුතු තැනකි.
ඔබගේ හැඟීම කුමක් වුව ද අඩුම තරමේ ඇය තුරුළු කරගෙන සිටීමට වත් හිත හදා ගන්න. එය ඇයට කරන විශාල ගෞරවයකි. ඇය ඔබ සමග යහන් ගත වී නම් ඔබ ඇය ගැන දරන ආකල්පය ක‍්ෂණිකව ආපස්සට නොගන්න. එයින් ඇය ඔබ ගැන දරණ ආකල්පය එලෙස ම පවත්වාගෙන යාමට හැකි වේවි.

Tags: නවතම
Share91Tweet43
Previous Post

නිව් ඩයමන් ගලවාගන්න විදෙස් විශේෂඥ කණ්ඩායම් 2ක් අද දිවයිනට

Next Post

වත්මන් තාරුණ්‍යය අසාර්ථකයි – මහාචාර්ය උමේෂ් හල්වතුර

Related Posts

විනිවිද

සිය දිවි නසා ගැනීමේ මනෝභාවය සහිත පුද්ගලයෙක් සම්බන්ධව උපදේශකවරයෙකුගේ වගකීම!

සැප්තැම්බර් 15, 2024 - Updated on අප්‍රේල් 9, 2025
පුවත්

මානුෂික ගැටලු විද්‍යාත්මකව අරුත් ගැන්වීමේ දී ඔලිම්පික් කමිටුවට මේ තරමට වැරදිය හැකි ද?.

අගෝස්තු 3, 2024
විනිවිද

ස්තුතියි ගරු විදුහල්පති තුමනි!

ජූනි 7, 2024

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.