සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය

වත්මන් තාරුණ්‍යය අසාර්ථකයි – මහාචාර්ය උමේෂ් හල්වතුර

තුන්වැනි ලෝකයේ හොඳම තරුණ විද්‍යාඥයා මහාචාර්ය හල්වතුර කියයි....

by editor
සැප්තැම්බර් 6, 2020
in ජීවිතය
Umesh-Halwathura

උමේෂ් හල්වතුර

Share on FacebookShare on Twitter

සදෙව් රත්නායක –

‘තම හැකියාව, තම අභ්‍යන්තරයේ සිටින පුද්ගලයා කවුරුන්දැයි හඳුනා ගැනීමට අසමත්වීම නිසා වත්මන් තරුණ පරපුර අසාර්ථක වෙලා. තම අභ්‍යන්තරයේ ජීවත්වන චරිතය ඉස්මතු කරගැනීම වෙනුවට බාහිර සමාජයේ අවශ්‍යතාව අනුව හැඩගැසීමටයි වත්මන් තරුණ පරපුට පෙළඹී සිටින්නේ.‘
එසේ කියන්නේ මීට වසර තුනකට පෙර ලෝක විද්‍යා ඇකඩමිය මගින් පිරිනමනු ලැබූ තුන්වැනි ලෝකයේ හොඳම තරුණ විද්‍යාඥයාට හිමි සම්මානයට (TWAS – The World Academy of Science) Young scientist award – 2017) හිමිකම් කී මෙරට ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ලාබාලතම මහාචාර්යවරයා වන රංගික උමේෂ් හල්වතුරය.

Umesh-Halwathura
මහාචාර්ය උමේෂ් හල්වතුර

 
මොරටුව විශ්ව විද්‍යාලයේ සිවිල් ඉංජිනේරු විද්‍යාව සම්බන්ධව මහාචාර්යවරයකු මෙන්ම නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ කොමසාරිස්වරයා ලෙස ද කටයුතු කරන 42 හැවිරිදි මේ තරුණ මහාචාර්යවරයා, නව නිර්මාණ ශිල්පියකු ලෙස ප්‍රායෝගිකව ජාත්‍යන්තර විද්වතුන් හා එක්ව නව තාක්ෂණය සම්බන්ධව විවිධ පර්යේෂණවල නිරතවෙමින් ද, සාමුහික නිර්මාණකරණයේ නිරතවෙමින් ද සිය වෘත්තීය ජීවිතයේ නිම්වළලු පුළුල් කරගනිමින් සිටියි.
වර්තමානය වනවිට නව නිර්මාණකරණයෙන් ඔහු විසින් අත්කරගනු ලැබූ පේටන්ට් බලපත්‍ර ප්‍රමාණය 12කි. සොබාදහමට ලැදි ඔහුගේ වෘත්තිය වපසරිය ඉන් ඔබ්බට විහිදී යන්නකි. තමා උගත් දෑ ඇසුරෙන් ගෝලබාලයන් රැසක් බිහි කරලමින් රටට වැඩදායක පුරවැසියකු ලෙස ඉතා ප්‍රීතිමත් ජීවිතයකට හිමිකම් කියමින් සිටී.
ඒ සියල්ල ඔහු එක් රැයකින් අත්කර ගත් සාර්ථකත්වයක් නොවේ. ඒ සඳහා අපමණ කැපකිරීම් හා අධිෂ්ඨානශීලීත්වයක් ඔහුට තිබිණි. එවැනි කැපවීමක් වත්මන් තාරුණ්‍ය තුළ ඉතා විරලය. එය ඔහුගේ ද කනස්සල්ලට හේතුවී තිබේ.
‘වත්මන් තාරුණ්‍යය ස්වාධීන නෑ. තනිව නැගී සිටීමක් කොහෙත්ම දකින්නට නෑ. වහල් මානසිකත්වය, අනුන් මත යැපීම, පරිසරයෙන් ඈත්ව ජීවත්වීම වැනි කරුණු ගණනාවකින් නිසා වර්තමානයේ තරුණ පරපුරෙහි ජීවිත අසාර්ථක බවක් පෙන්නුම් කරනවා.‘ මහාචාර්යවරයා එසේ කීවේය.
1978 නිදහස් දිනයේ කළුතර උපන් මහාචාර්ය හල්වතුර මහතාගේ ළමාවිය ගෙවී ගියේ අපමණ දුෂ්කරතා මධ්‍යයේය. කළුතර මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ඒ මහතා දරුවන් දෙදෙනකුගෙන් යුතු පවුලක වැඩිමලා වූ අතර, පාසලේ අධ්‍යාපන කටයුතුවලට අමතරව බාහිර විෂයයෙහිද කැපී පෙනුණු සිසුවකු විය. ඔහු පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා ලෙස නායකත්වය දැරීමෙන් ද මැනවින් පන්නරය ලැබුවේය. ඒ සියල්ල අතර ක්‍රීඩාවෙන් ද දස්කම් පෑවේය. සිය බාල සොයුරු හමුදා නිලධාරියකු ලෙස ජීවිතය ගොඩනගා ගනිද්දී ඔහුට තිබුණේ ඉංජිනේරුවකු වීමේ නොතිත් ආසාවකි. බාස්කට් බෝල්, පාපන්දු, කායවර්ධන හා බැඩ්මින්ටන් ක්‍රීඩාවෙන් සිය විදුහලට අපමණ ජයග්‍රහණය ගෙන දුන් හෙතෙම ගණිත අංශයෙන් ඉහළින්ම උසස්පෙළ සමත්ව මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයට ඇතුළත් වීමෙන් පසුව ද ක්‍රීඩා කටයුතු අත් නොහැරියේය. අවසානයේ දී ඔහු සිවිල් ඉංජිනේරුවකු ලෙස පළමුපෙළ සාමාර්ථයකින් ගෞරව උපාධියක් අත්කර ගත්තේය.
‘වත්මන් අධ්‍යාපන ක්‍රමයත් අපේ රටේ තාරුණ්‍යය අසාර්ථක වීමට හේතුවක්. අපේ රටේ අධ්‍යාපන ක්‍රමයේ අඩංගුවී ඇත්තේ විෂය නිර්දේශය ආවරණය කිරීමක් පමණයි. ප්‍රායෝගික දැනුමක් ලැබීමත්, ප්‍රශ්නවලට පිළිතුරු සෙවීමත් වෙනුවට පිළිතුරුවලට ප්‍රශ්න සෙවීමේ ක්‍රමයක් තමයි දැන් තිබෙන්නේ. ‘ ඔහු පැවැසීය.
‘පරිසරයට, රටට, පාසලට, තමන්ගේ පවුලට, ගමට ආදරය කරන්න කළින් අපි අපිට ආදරය කරන්න පුරුදු වෙන්න ඕනා. අපි කවුද කියන එක හඳුනා ගන්න ඕනා. ඊර්ෂ්‍යාව, තරගකාරීත්වය විතරයි මේ අධ්‍යාපන ක්‍රමය තුළ පවා තිබෙන්නේ.‘
‘වත්මන් තරුණ පරපුර ජීවිත විඳින්නේ නෑ විඳවනවා පමණයි. තමන්ට තමන් ගැන වටිනාකමක් ඇති කරගැනීමත්. තමන්ගේ අභ්‍යන්තරයේ ජීවත්වන චරිතය හඳුනා නොගැනීමත් නිසා තරුණ පරපුර මංමුලා වෙලා කියලයි මට හිතෙන්නේ.‘ ඔහු වැඩි දුරටත් එසේ කීවේය.
කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරි වෛද්‍ය චරිතා පෝරුතොට සමග 2004 වසරේදි අතිනත ගත් මහාචාර්යවරයා දියණියන් දෙදෙනකුගේ ආදරණිය පියෙකි. පෞද්ගලික ජීවිතයේ සියළු වගකීම් නොපිරිහෙළා ඉටු කරන අතරතුරම, සමාජයට වැඩදායක යහපත් පුරවැසියකු ලෙස ජිවත්වීම ඔහුගේ බලාපොරොත්තුවය.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Tags: නවතම
Share69Tweet43
Previous Post

යහපත් ලිංගික ජීවිතයකට වැදගත්වන මනෝ විද්‍යාත්මක කරුණු 07ක්….

Next Post

20 වැනි සංශෝධනයට එරෙහිව සජබ ශ්‍රේෂ්ඨාධිකරණයට

Related Posts

කලා

ඇය තවත් නැත…

ජූලි 10, 2026
සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
සංස්කෘතිය

ජාතියේ අභිමානය ලේඛණගත කරන විශිෂ්ට ශාස්ත්‍රීය ප්‍රයාමයක තුන්වන අදියර – “උරුමයක අරුමය – දෙගල්දෝරුව“ හෙට එළි දකී…

ජූලි 6, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.