අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නිව් ඩයමන් ගලවාගන්න විදෙස් විශේෂඥ කණ්ඩායම් 2ක් අද දිවයිනට

by Lanka Sara Editor
සැප්තැම්බර් 6, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

නැගෙනහිර මුහුදේ ගිනිගැනීමට ලක්වූ නිව් ඩයමන්ඩ් නෞකාවේ වාණිජ හිමිකරු වන ග්‍රීසියේ New Shipping Limited ආයතනය විසින් සිංගප්පූරුවේ සිට ක්‍රියාත්මක වන SMIT Singapore Pte Ltd නම් ජාත්‍යන්තර ආයතනය විසින් මේ වන විට මෙම ආපදා ගැලවුම් (Salvage) සඳහා බොරතෙල් සම්බන්ධව විශේෂඥ කණ්ඩායමක් නෞකාව වෙත යවා තිබේ.

එම විශේෂඥයන් හා උපකරණ නිව් ඩයමන්ඩ් නෞකාව වෙත දැනටමත් යොමු කර ඇති අතර ආපදාවට ලක් වූ මෙම නෞකාව සමඟ ඇති ටීටීටී 1 (TTT One) නමැති ටග් යාත්‍රාවේ මෙවැනි ආපදාවන් සම්බන්ධව කටයුතු කල හැකි ගලවාගැනීමේ විශේෂඥ ප්‍රධානියෙකු ඇතුළු කණ්ඩායමක් ද සිටී.

එම ටග් යාත්‍රාව හා එකතුවීමට බොරතෙල් නැව් හැසිරවිය හැකි විශාල ප්‍රමාණයේ ටග් යාත්‍රා දෙකක් සිංගප්පූරුව සහ මොරිෂස් යන රටවල් වෙතින් මේවන විටත් පිටත්ව ඇත.

තවද, SMIT Singapore Pte Ltd ආයතනය විසින් මෙම රැගෙන එන පුද්ගලයින් හා භාණ්ඩ පිළිබඳව ශ්‍රී ලංකා නාවික හමුදාව දැනුවත් කිරීමට කටයුතු කර ඇති අතර, එම කටයුතු සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව අවශ්‍ය සහයෝගය දැක්වීමට සූදානමින් සිටී.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ඒ අනුව, අද ( 06) උදෑසන කාලයේදී මුදවා ගැනීමේ මෙහෙයුම් විශේෂඥයින්, ආපදා තක්සේරුකරුවන් හා නීතී උපදේශකයෙකු ද ඇතුළු 10 දෙනෙකුත් යුත් බ්‍රිතාන්‍ය හා නෙදර්ලන්ත විශේෂඥයින් පිරිසක් දිවයිනට පැමිණ නෞකාවේ ආපදා කළමණාකරන කටයුතු විමර්ශනය කර ඉදිරි කටයුතු සැළසුම් කළ යුතු ආකාරය පිළිබඳ අවශ්‍ය නිර්දේශ ලබා දීමට නියමිතය.

මීට අමතරව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ප්‍රධාන ගිණි නිවීමේ නිලධාරී ඇතුළු කණ්ඩායමක්ද මෙම ආපදාවට පත් නෞකාව නිරීක්‍ෂණය සඳහා අද ( 06) එක්වීමට නියමිතය.

ශ්‍රී ලංකා නාවික හමුදාව ප්‍රමුඛ අනෙකුත් පාර්ශවකරුවන් දහන අපෝෂක රසායනික ද්‍රව්‍ය හා ජලය යොදාගෙන ආපදාවට ලක් වූ නෞකාවේ ගිනි නිවීම් හා එයට සිසිලන ආවරණ ලබාදීම තවදුරටත් ඉතා කාර්යක්‍ෂමව සිදු කරනු ලබයි.

ගොඩබිම සිට නාවික සැතපුම් 40 ක් (කිලෝමීටර් 74 ක් පමණ) දක්වා වූ ගැඹුරු මුහුදේ රඳවාගෙන ක්‍රියාත්මක වන මෙම මෙහෙයුම සඳහා පෙර දින (2020 සැප්තැම්බර් 05) මධ්‍යම රාත්‍රියේදී ඕෂන් බ්ලිස් (Ocean Bliss) නම් ටග් යාත්‍රාවක්ද එක් විය.

2020 සැප්තැම්බර් 05 වන දින රාත්‍රී කාලයේදී, ආපදාවට පත් නෞකාව ඇති මුහුදු ප්‍රදේශයේ යම් රළු ස්වාභාවයක් හා සුළගේ වැඩිවීමක් නිරීක්‍ෂණය වුවද එම අභියෝග හමුවේද මෙම ආපදා කළමණාකරණ මෙහෙයුම අඛණ්ඩව සිදු කෙරුණු අතර, අද දිනය පුරාවට ද දහන අපෝෂක රසායන ද්‍රව්‍ය හා ජලය යොදා ගනිමින් මෙම ආපදා තත්වය මැඩ පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

ශ්‍රී ලංකා නාවික නෞකා සිඳුරළ නෞකාව තුළ මේවන විට ආරක්‍ෂිතව වෙන්කර තබා සිටින ආපදාවට පත් නෞකාවෙන් ගලවා ගත් කාර්යමණ්ඩලයේ නාවිකයන් 20 දෙනා හට අනතුරින් පසු ප්‍රථම වරට දුරකථන මාර්ග ඔස්සේ සිය සහෘදයන් සමඟ සම්බන්ධවීමට අවස්ථාව උදා කිරීමට ද නාවික හමුදාව කටයුතු සූදානම් කර ඇත.

මේ වන විට ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් නෞකා තුනක් (03), ඉන්දියානු වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් නෞකා පහක් (05), ඉන්දියානු නාවික හමුදාවට අයත් යුධ නෞකාවක්, හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමාගමේ (Hambanthota International Port Group) රාවණා සහ වසඹ යන ටග් යාත්‍රා දිවිත්වය (02) ආපදාවට පත් නෞකාව අයත් සමාගම මගින් යෙදවූ ALP Winger නම් ටග් යාත්‍රාව (01) සහ ගැඹුරු මුහුදේ මෙහෙයුම් සිදු කරනු ලබන ගිනි නිවීමේ විශේෂඥයින්ගෙන් සමන්විත ටීටීටී 1 (TTT One) නමැති ටග් යාත්‍රාව (01) හා ඕෂන් බ්ලිස් (Ocean Bliss) නම් ටග් යාත්‍රාව මෙම ගිනි නිවීමේ මෙහෙයුම සඳහා මේවන විටත් සක්‍රීයව දායකත්වය ලබා දෙයි. මීට අමතරව ශ්‍රී ලංකා නාවික හමුදා වේග ප්‍රහාරක යාත්‍රා තුනක් (03) හා ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් නෞකා දෙකක් (02) සැපයුම් යාත්‍රාවන් වශයෙන් මෙම මෙහෙයුමට එක්කර ඇත.

එමෙන්ම ඉන්දියානු වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් ඩ්‍රෝනියර් ගුවන් යානාවක් මත්තල මහින්ද රාජපක්‍ෂක ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් ගුවන්ගත වී ආපදාවට පත් නෞකාව පිහිටි මුහුදු ප්‍රදේශයේ නිරීක්‍ෂණ කටයුතු වල අද දින නියැලීමට නියමිතය.

විශේෂඥ උපදෙස් අනුව ක්‍රියාත්මක වන මෙම ඒකාබද්ධ ආපදා මර්දන මෙහෙයුම මගින් නෞකාවේ ගින්න පැතිරයාම මේ වන විට සාර්ථකව පාලනය කර ඇති අතර, එම නෞකාව මගින් සාගරයට තෙල් කාන්දුවීමේ කිසිදු අවධානමක් නොමැත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

13 අවුල ගැන ජනපති ඉඟි කරයි…

Next Post

යහපත් ලිංගික ජීවිතයකට වැදගත්වන මනෝ විද්‍යාත්මක කරුණු 07ක්….

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.