බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

13 අවුල ගැන ජනපති ඉඟි කරයි…

සෞඛ්‍යයේ බලය මුලුමනින්ම තිබුණේ පළාත් සභාවල නම් කොවිඩ් හමුවේ ප්‍රතිඵල වෙනස්..

by editor
සැප්තැම්බර් 6, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

සෞඛ්‍ය සේවාව පළාත් සභාවලට මුළුමනින් පවරා තිබුණේ නම් කොවිඩ් 19 වසංගතය හමුවේ ශ්‍රී ලංකාව දැක්වූ ප්‍රතිචාරයේ කාර්යක්ෂමතාව බොහෝ සෙයින් වෙනස් වන්නට ඉඩ තිබිණැයි ද, කොවිඩ් 19 වසංගතය අපට උගන්වන වැදගත් පාඩමක් වන්නේ මධ්‍යගත සෞඛ්‍ය සේවා පද්ධතියක් පවත්වාගෙන යාමේ තීරණාත්මක අවශ්‍යතාව යැයි ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.
ඇතැම් කාර්යයන් විෂයයෙහි මධ්‍යම ආණ්ඩුවේ වගකීම පවත්වාගැනීමේ වැදගත්කම මෑතකාලීන අත්දැකීම්වලින් තහවුරු වූ බවත්, අධ්‍යාපනය එසේ හඳුනාගත හැකි තවත් ක්ෂේත්‍රයක් බවත් ජනාධිපතිතුමා කීවේය.
ජනාධිපති රාජපක්ෂ මැතිතුමා මේ අදහස් පළ කළේ කැලණිය බොල්ලෑගල, මානෙල්වත්ත නාගානන්ද අන්තර්ජාතික බෞද්ධ අධ්‍යයන ආයතනයේ දී ඊයේ (05) ආරම්භ වූ “යහපත් සීමාවාසිකයා” දෙදින වැඩුමුළුවේ ආරාධිත දේශනය කරමිනි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සංවිධාන කළ වැඩමුළුවට සීමාවාසික පුහුණුවට තෝරාගනු ලැබ සිටින ආධුනික වෛද්‍යවරු 680ක් සහභාගී වෙති. අද ආරම්භ වූයේ මෙවැනි වැඩසටහන් මාලාවක 08 වැන්නයි. එහිදී සියයකට අධික මහාචාර්යවරු සහ විශේෂඥ වෛද්‍යවරු දේශන කරති.
ජනාධිපතිතුමා සිය කථාව ආරම්භ කරමින් කොවිඩ් 19 වසංගතය සාර්ථකව පාලනය කිරීමට ශ්‍රී ලංකාවට හැකි වූයේ රජයේ විවිධ අංශ ගත් තීරණාත්මක හා කඩිනම් පියවර සහ අපේ සෞඛ්‍ය වෘත්තිකයන්ගේ විශිෂ්ඨ ප්‍රයත්නය නිසා බව සඳහන් කළේය. මේ ව්‍යායාමයට දායක වූ සියලුම සෞඛ්‍ය සේවා වෘත්තිකයනට එතුමා කෘතඥතාව සහ උපහාරය පුද කළේය.
“ලෝකයේ ඇතැම් සංවර්ධිත රටවල් පවා සාර්ථක ලෙස වසංගතයට ප්‍රතිචාර දැක්වීමට සමත් වූයේ නැහැ. ප්‍රමාද වී ප්‍රතිචාර දැක්වීම සහ සර්වජන සෞඛ්‍ය ආරක්ෂණ පද්ධතියක් නොතිබීම ඊට ප්‍රධාන හේතුවක්. පෙර සූදානමක් නොතිබීමත්, ප්‍රමාණවත් තරම් පරීක්ෂණ නොකිරීමත් ඊට බලපෑවා. ප්‍රතිඵලය ආසාදිතයන් සහ මරණ සංඛ්‍යාව ඉහළ යාමයි. කොවිඩ් ආසාදිත බවට සැක කෙරෙන එක් රෝගියෙකු හෝ අප ආපසු හරවා යැවූයේ නැහැ. ලෝක සෞඛ්‍ය සංවිධානය සහ යුනිසෙෆ් වැනි අන්තර්ජාතික සංවිධාන සේම බොහෝ රටවල් අප අත්කරගත් සාර්ථකත්වය ගැන ප්‍රශංසා කළා. සංවර්ධනය වෙමින් පවතින රටක් වුවද ශ්‍රි ලංකාවට මේ ප්‍රගතිය හිමිකර ගැනීමට හැකි වූයේ අපේ නිදහස් සෞඛ්‍ය පද්ධතිය නිසා බව මම ප්‍රකාශ කරන්නේ ආඩම්බරයෙන්” ජනාධිපතිතුමා පැවසීය.
කොවිඩ් 19 වසංගතය කළමනාකරණය අතින් ශ්‍රී ලංකාවේ කාර්ය සාධනය අපේ මහජන සෞඛ්‍ය සේවාවේ ශක්තිමත්භාවයට සහ කාර්යක්ෂමතාවට ප්‍රබල සාක්ෂියක්. එසේ තිබියදී අපේ රට වැසියන් බොහෝ දෙනෙක් බාහිර සෞඛ්‍ය සේවා සොයා යන්නේ මන්ද යන්න මට ප්‍රහේළිකාවක්…
රාජ්‍ය සෞඛ්‍ය සේවා පද්ධතිය තවදුරටත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව ගැන සැකයක් නැහැ. රජය උත්පාදනය කරන අරමුදල් මහජන සෞඛ්‍ය සේවා අභිවෘද්ධිය පිණිස වැය කරන නිර්මාණශීලි ප්‍රවේශයකට කාලය එළැඹ තිබෙනවා. එවැනි ක්‍රියාදාමයක අවසාන ප්‍රතිලාභය පුරවැසියාටයි…“

මෙහි දී මසකට පෙර පැවති පාර්ලි‍මේන්තු මැතිවරණයේදී ජනතාව රජයට දුන් ජනවරම සිහිපත් කළ ජනාධිපතිතුමා ජනතාව සංවර්ධන පිපාසයෙන් පසුවන බවත්, නිදහසට හේතු දැක්වීම්වලින් වෙහෙසට පත්ව සිටින බවත් පැවසීය.
“ නිරෝගී ජනගහණයක් සිටීම සංවර්ධනයේ මුලික කුළුණු වලින් එකක්. නිශ්චිත මහජන සෞඛ්‍ය ඉලක්ක සාක්ෂාත් කර ගැනීම රජයේ වගකීමයි. මගේ ධූර කාලය තුළ සෞඛ්‍ය සම්පන්න ජාතියක් නිර්මාණය කිරීමට මම අධිෂ්ඨාන කරගෙන සිටිනවා”, ජනාධිපතිතුමා කියා සිටියේය.
වෛද්‍යවරයෙකු හමුවීම සඳහා බොහෝ දුර ගමන් කිරීමට සිදුව ඇති ගම්බද ජනයා කෙරෙහි අවධානය යොමු කළ ජනාධිපතිතුමා සක්‍රීය ප්‍රායෝගික දෘෂ්ටියකින් බලා ගැටලු විසඳීමට හැකි බව පෙන්වා දුන්නේය. නව සංකල්ප හඳුන්වාදීමට දැන් කාලය පැමිණ තිබෙන බවත්, සෞඛ්‍ය පහසුකම් ප්‍රමාණවත් නැති ගම්මානවල සුවසේවා සැලසීමට දායකවීමට මහජන සෞඛ්‍ය හෙදියනට පිළිවන් බවත් ග්‍රාමීය බෙහෙත් ශාලා නැවත පණ ගැන්වීම තවත් විසඳුමක් බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.
“යහපත් සීමාවාසිකයා” වැඩමුළුවට එක්ව සිටින තරුණ වෛද්‍ය උපාධිධාරීන් විශේෂයෙන් ආමන්ත්‍රණය කළ ජනාධිපතිවරයා වෛද්‍ය ක්ෂේත්‍රය පුද්ගලයෙකුට පිවිසීමට හැකි උතුම් වෘත්තීන්ගෙන් එකක් ලෙස හැඳින්වීය.
“ රෝගීන්ගේ ජිවිතය කෙරෙහි වෛද්‍යවරයාට ඇත්තේ විශාල වගකීමක්. පුද්ගලයෙකුගේ ජීවිතය හෝ මරණය තීරණය වන්නේ ඔබ එළැඹෙන නිගමනය අනුව. ඔබේ වගකීම සුළුකොට තැකීමට පිළිවන්කමක් නැහැ”, ජනාධිපතිතුමා කීය.

දේශනය අවසන් කරමින් “ආරෝග්‍යා පරමාලාභා” යන බුද්ධ වචනය සිහිපත් කළ ජනාධිපතිතුමා සෞඛ්‍ය සේවාවේ ඉහළම ප්‍රමිතීන් සාක්ෂාත් කර ගනිමින් සහෝදර ජනතාවගේ අභිවෘද්ධිය උදෙසා කැප වන්නැයි ආධුනික වෛද්‍යවරුන්ගෙන් ඉල්ලීමක් කළේය.
සෞඛ්‍ය ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් සංජීව මුණසිංහ සහ සෞඛ්‍ය නිලධාරීහූ, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය ප්‍රමුඛ සංගමයේ සාමාජිකයෝ සහ සෞඛ්‍ය පර්යේෂණ සහ නවෝත්පාදන සංගමයේ නිලධාරීහූ ඇතුළු පිරිසක් වැඩමුළුවේ සමාරම්භයට එක්ව සිටියහ.
ජනාධිපති මාධ්‍ය අංශය

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉන්දියාවේදී ඇල්ලූ CCD පොලිස් නිලධාරියා කඩිනමින් ගෙන්වාගැනීමේ සූදානමක්

Next Post

නිව් ඩයමන් ගලවාගන්න විදෙස් විශේෂඥ කණ්ඩායම් 2ක් අද දිවයිනට

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.