හෙරොයින් කිලෝග්‍රෑම් 23 ක් සඟවා සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් මෙරට පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටියදී ඉන්දියාවට රහසේ පලාගිය පොලිස් කොස්තාපල්වරයා මෙරටට කඩිනමින් ගෙන්වා ගැනීම සඳහා මහකොමසාරිස් කාර්යාල හරහා විමර්ශන කණ්ඩායම් කටයුතු කරන බව වාර්තා වෙයි.
සපුගස්කන්ද සමගි මාවත ප්‍රදේශයේ සිය සහෝදරයාගේ වඩු මඩුව තුළ හෙරොයින් කිලෝග්‍රෑම් විසිතුනක් සඟවා තිබි මෙරට ආරක්ෂක අංශ අත්අඩංගුවට ගැනීමෙන් පසු මෙම කොස්තාපල්වරයා නීතිවිරෝධී ලෙස ඉන්දියාවේ තමිල්නාඩුවට ඇතුළු වී තිබුණි.
30 හැවිරිදි ප්‍රදීප් කුමාර් බණ්ඩාරනායක ලෙස හඳුනාගෙන ඇති මොහු ධනුෂ්කෝඩි වෙරළ තීරයේ මුර සංචාරයේ යෙදී සිටියදී වෙරළබඩ ආරක්ෂක අංශ පොලිසිය විසින් මොහු අත්අඩංගුවට ගත් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ඔහු ප්‍රශ්න කිරීම සඳහා ධනුෂ්කෝඩි පොලිසියට ගෙන ආ බව ඒඑන්අයි වාර්තා කර තිබේ.
හෙයියන්තුඩුව ප්‍රදේශයේ වඩු කාර්මිකයෙකු වූ සිය සහෝදරයාගේ වඩු මඩුවක සඟවා තිබූ මත්කුඩු තොගයේ වටිනාකම මිලියන 230 කි.
පොලිස් කොස්තාපල්වරයා කොළඹ අපරාධ අංශයට අනුයුක්ත කර ඇත.
මත්කොට තොගේ සඟවා තිබූ වඩුමඩුවේ හිමිකරු වන සැකකරුගේ වැඩිමහල් සහෝදරයා අත්අඩංගුවට ගෙන තිබේ.
ඉන්දීය ආරක්ෂක අංශ සහ තමිල්නාඩුවේ බුද්ධි අංශ විසින් කොස්තාපල්ව්රයා පාතාල කණ්ඩායම් සමඟ පවත්වා ගෙන ගිය සබඳතා පිළිබඳව ද පරීක්ෂණ ආරම්භ කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.