බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ විනිවිද

පත්තිනි මෑණියන් කිල්ලට හසුවුනා ද?

දෙවියන් ද සොබාදහමේ ධර්මතාවලට යටත් බව මේ මිනිස්සුන්ට කියා දෙන්න....

by editor
පෙබරවාරි 14, 2023
in විනිවිද
Share on FacebookShare on Twitter

 එෂාමා කාරියකරවන
 ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශිකා –

දේව වන්දනාව ශිෂ්ඨාචාරවත් මනුෂ්‍යයා සමාජය  මූලාරම්භයේ දක්වා දිවෙන්නකි.  එම සංකල්ප බිහිවී වැඩි වර්ධනය වන්නේ ශිෂ්ඨාචාරයේ පරිනතියත් සමගය. මනුෂ්‍ය සමාජය අධ්‍යාත්මිකව සංවර්ධනයට සහ සදාචාරාත්මක පාලනයට දේව සංකල්පය බෙහෙවින්ම බලපැවේය. 

ආගම් අනුව දෙවියන්ගේ ස්වභාව වෙනස්වේ.

බෞද්ධයන් විශ්වාස කරන දෙවියන් සම්‍යක් දෘෂ්ටිකය. ඔවුන් බුදුරජාණන් වහන්සේ සරණගිය අයය. සදෙව් ලොව ඔවුහු වාසය කරති. සක්දෙවිඳු ඔවුන්ගේ ප්‍රධානියාය.බෞද්ධයෝ කුසලකර්ම සිදුකර ඔවුන්ට පින් අනුමෝදන් කරති.

මෙයට අමතරව හින්දු සහ බෞද්ධ දෙගොල්ලන්ම වඳින පුදන දේව කොට්ඨාසයක් සිටිති. විෂ්ණු, කතරගම, ගණ, පත්තිනි, දෙවියෝ සිංහල හින්දු අය අදහන දෙවිවරුය. කතරගම, දැඩිමුණ්ඩ, කඩවර, අලුත්නුවර, ගම්බාර ආදී දෙවියන් සහ ප්‍රාදේශීය දෙවිවරු රාශියක්ද බෞද්ධ වන්දනා ලයිස්තුවේ සිටිති.

හින්දූන්ගේ දෙවිවරු රාශියකි. විෂ්ණු, ඊෂ්වර, ශිව, ස්කන්ධ , ගණ, කාලී, රාම, ක්‍රිෂණ ආදියට අමතරව තවත් දෙවියන් දේවතාවියන් රාශියක් ඔවුන්ට වෙති

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

කිතුනු අයගේ දෙවියන් මැවුම්කරුවෙකි. සමස්ත ලෝකය ඉරහඳ තාරුකා මැවුම් කරුවා ඔහුය. පෘථිවියේ සියලු ජීවී අජීවී දේවල මැවුම්කරුවා දෙවියන් වහන්සේය. එමනිසා කිතුනුවෝ දැඩි භක්තියකින් දෙවියන්වහන්සේ පුදති. ඔවුන්ට අනුව ඇත්තේ එකම දෙවියකු පමණි

ඉස්ලාමයේ අල්ලා දෙවියන් වහන්සේ ඔවුන්ගේ දෙවියන් වේ. ඉස්ලාම් බැතිමතුන්ද දෙවියන් විෂයෙහි දැඩි භක්තියකින් හැසිරෙති.

කාන්තා දෙවිවරු අතර මිනිස්සුන්ට ඉතාම සමීප දේවතාවිය වන්නේ පත්තිනි දෙවියෝය. දෙවියන් කාන්තාවක් වුවද දෙවියන්ගේ ආවතේව සියල්ල පුරුෂයන් විසින් කරනු ලබයි.

සම්මතය අනුව  මිනිස්සුන්ට දෙවියන්ට සමීපව ඍජුව පිහිට පැතීමට නොහැකිය . එය සිදුවන්නේ මේ කපුවන්ගේ   මාර්ගයෙනි.
මිනිස්සු දෙවියන්ගෙන් ඈත් කිරීමට මේ ආවතේව කරුවෝ කටයුතු කරති. ඒ වගේම තවත් බාධාවක් නම් කිල්ලය.

කිල්ල යනු දෙවියන් අබිමුවට යෑමට බාධා කරන ස්වභාවික සිද්ධි සමූහයකි. මල්වර කිල්ල, අවමඟුල් කිල්ල, දරු ප්‍රසූත කිල්ල, දෙවියන්ගේ ලෙඩ කිල්ල, සමහර මස් මාංශ අනුභව කිල්ල ආදී කිලි අටෝරාශියකි.

බෞද්ධ , කිතුනු දෙවිවරුන්ගේ අබියසට යෑමට කිල්ල කිසිම බාධාවක් නොවේ

ඇත්තටම මේ කිල්ල කාගේ නිර්මාණයක්ද? එය කිසිසේත්ම දෙවියන්ගේ විය නොහැකිය. දෙවියන් මිනිස්සුන්ට වෙනස්කොට සලකනවා නම් සැලකිය යුත්තේ හොඳ සහ නරක ලෙසින් පමණි. මනුෂ්‍ය ජීවිතයේ ඉතාම ස්වාභාවික තත්වයන් ප්‍රතික්ෂේප කිරීමට තරම් දෙවිවරු අඥාන වෙතැයි සිතිය නොහැකිය.

පත්තිනි දේවාලයට ගිය දැරියක් මල්වර වූ බව එහිදී දැනගන්නට ලැබීම නිසා ඇතිවූ ගැටළුවක් ගැන විශාල කතාවක් සමාජ ජාලා අතර සංසරණය වෙයි. එම දැරියගේ පවුලේ අයටත්, දන්නා හඳුනනා අයටත්, සොයන බලන අයටත් පණිවුඩයක් දීමට කැමැත්තෙමි.

මල්වරවීම ස්වභාවික ජීව විද්‍යාත්මක සංසිද්ධියකි.  එය ඔබට අවශ්‍ය වෙලාවට සිදුවන්නක් නොවේ. එය ශරීර අභ්‍යන්තරයේ සිදුවන විශාල ක්‍රියාදාම ගණනාවක ප්‍රථිඵලයක් ලෙස සිදුවන්නකි. දැරියක් මාතෘත්වය දරන්නට හැකියාව සම්පූර්ණ කර ඇති බවට දෙන සුබ පණිවුඩය මල්වරයයි.

මෙවන් සරල ස්වභාවික සංසිද්ධියක් ගැන මූලික දැනුම්දීම සිදුවන අවස්ථාවේ සියලු කාන්තාවෝ සිටියේ නිවසේ නොවේ.
පාසල, ක්‍රීඩාපිටිය, උත්සවයක, නෑ ගෙදරක, පන්සලක, පල්ලියක, අහස්‍ යානයක ඕනෑම තැනක මෙන් දේවාලයකද සිටිය හැකිය.

ඉඳින් මේ දැරිය සිටියේ පත්තිනි දෙවියන්ගේ නිවහනේය. පත්තිනි මෑනියන්ට  සියලු දුක් පෙනෙන්නේ නම් අප කලබල විය යුතු නැත.  පත්තිනි මෑණියෝ මේ දැරිය තම නිවහනේදී මල්වරවන බව  දැනගෙන සිටියා විය යුතුය. සියල්ල දත් පත්තිනි  විසින් කිල්ල පනවා තිබ්බේ නම් දැරිය දේවාලයට පැමිණීම ඇය වළක්වනු ඇති.

එමනිසා නිකරුණේ ඔබේ දරුවාට මානසික අවපීඩනයක් වන ලෙස කිසිසේත් ක්‍රියා නොකරන්නයැයි කරුණාවෙන් ඉල්ලමි.

අවිද්‍යාවෙන් මත් වී ගෙදරට පවුලට, ගමට විපතක් වී යැයි සිතා දරුවාට අවමන් කිරීම, නිග්‍රහ කිරීම කවුරුන් හෝ කරන්නේ නම් දරුවා ඉන් බේරා ආරක්ෂා කරන්න. ඇය දැනටමත් බියවී සිටී නම් ඇයව සනසවන්න.

දෙවියන් පවා විශ්වධර්මතා වලට යටත් බව තේරුම් ගන්න. සොබාදහමේ කාර්‍යයන්ට දෙවියන් අත පොවන්නේ නැති බවත්,
දෙවියන් කරනවා තබා කරන්නට සිතන්නේවත් නැති දේවල් දෙවියන් කරන්නේ යැයි සිතා අන්ධ විශ්වාසයෙන් සිටින්නේ අප බැවින් දෙවියන්ට කිරීමට දෙයක් නැතිබව වටහාගන්න.

පත්තිනි අම්මාගේ නිවහනකදී නෑඹුල් දැරියක් මල්වරවීම පත්තිනි අම්මා කාන්තාවක් ලෙස පුදුමයට පත්නොවන බව තේරුම්ගෙන,
මෙය මහා පුදුමයක් කරගෙන සිටින මිනිස්සුන්ගෙන් ඔබේ දරුවා රැකගන්න. ඇගේ මානසික සුවය ආරක්ෂා කරගන්න.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

බාලවයස්කරුවන් කණ්ඩායමක් එක් වී එක් දරු පියෙක් ඝාතනය කරයි…

Next Post

ෂාෆ්ටර් අබිරහස් ලෙස මරණයට පත් වූ ස්ථානයේ ආගන්තුක ජෛව සාම්පලයක්… CID ය අධිකරණයට දන්වයි…

Related Posts

විනිවිද

සිය දිවි නසා ගැනීමේ මනෝභාවය සහිත පුද්ගලයෙක් සම්බන්ධව උපදේශකවරයෙකුගේ වගකීම!

සැප්තැම්බර් 15, 2024 - Updated on අප්‍රේල් 9, 2025
පුවත්

මානුෂික ගැටලු විද්‍යාත්මකව අරුත් ගැන්වීමේ දී ඔලිම්පික් කමිටුවට මේ තරමට වැරදිය හැකි ද?.

අගෝස්තු 3, 2024
විනිවිද

ස්තුතියි ගරු විදුහල්පති තුමනි!

ජූනි 7, 2024

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.