බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ෂාෆ්ටර් අබිරහස් ලෙස මරණයට පත් වූ ස්ථානයේ ආගන්තුක ජෛව සාම්පලයක්… CID ය අධිකරණයට දන්වයි…

by editor
පෙබරවාරි 15, 2023
in පුවත්
Dinesh-Shafter
Share on FacebookShare on Twitter

ඒ.ජේ.ඒ අබේනායක –

පසුගිය දෙසැම්බර් 15 වැනිදා අබිරහස් ලෙස මියගිය  කෝටිපති ව්‍යාපාර නායක දිනේෂ් ෂාෆ්ටර්  බොරැල්ල පොදු සුසාන භූමියේ ඔහුගේ කාර් රථය තුළ සිටියදී සොයාගන්නා විට ඔහුගේ දෑත් ගැටගසා තිබූ ටයිපටියේ, ගෙල සිරකර තිබූ වයරයේ හා කාර් රථය තුළ තිබූ බෝතලයක මරණකරුගේ ජෛව සාම්පලවලට අමතරව තවත් ආගන්තුක ජෛව සාම්පලයක් ඇති බව රජයේ රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුව දන්වා ඇතැයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (15) අධිකරණයට වාර්තා කළේය.

මේ පැහැදිලි කිරීමත් සමග අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න කරුණු දක්වමින් මෙම තත්ත්වය යටතේ යම් හෙයකින් මරණකරුගේ මරණය සම්බන්ධයෙන් නැවතත් පශ්චාත් මරණ පරීක්‍ෂණයක් පැවැත්වීමට සිදුවුවහොත් එකී සාම්පල වැදගත් විය හැකි බව අධිකරණයට පෙන්වා දුන්නේය.

ඒ අනුව  එම ආගන්තුක ජෛව සාම්පල කාගේ දැයි හඳුනාගැනීම සිදුකරන පරීක්‍ෂණ සඳහා ලබන 20 වැනිදා රජයේ රස පරීක්‍ෂකවරයා වෙත ඉදිරිපත් වී සාම්පල ලබාදෙන ලෙසට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්‍ද්‍රා ජයසූරිය ඊයේ (14)   මරදාන පොලිසියේ සොකෝ අංශයේ නිලධාරියකු, බොරැල්ල පොදු සුසාන භූමියේ ආරක්‍ෂක නිලධාරිවරයකු ඇතුළු සිවුදෙනකුට නියෝග කළාය.

තවද දිනේෂ් ෂාෆ්ටර්ගේ  ශරීරයෙන් ලබාගත් ලේ සාම්පල හා ශරීර කොටස් විනාශ නොකර සුරක්‍ෂිතව තබා ගන්නා ලෙසට ද කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරිය   කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට හා රජයේ රස පරීක්‍ෂකවරයාට නියෝග කළාය.

එම මරණකරු පසුගිය දෙසැම්බර් 15 වැනිදා පස්වරුවේ රෝහල්ගත කිරීමෙන් අනතුරුව ඔහු රඳවා සිටි ඇඳේ ඇඳ හිසපත් අංකය හා ඔහුට ලබාදුන් වෛද්‍ය ප්‍රතිකාර ඇතුළ තොරතුරු වහාම තම අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට  ද අතිරේක මහෙස්ත්‍රාත්වරිය කොළඹ ජාතික රෝහලේ  අධ්‍යක්‍ෂවරයාට හා අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට නියෝග කළාය.

RelatedPosts

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

එම මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්‍ෂණය පැවැත්වීමට පෙර, පවත්වන අවස්ථාවේදී හා ඊට පසු එම ශරීරය ඡායාරූපගත කළ ඡායාරූප හා වීඩියෝගත කළ වීඩියෝ  දර්ශන ඇත්නම් ඒවා ද තම අධිකරණයට ඉදිරිපත් කරනා  ලෙසට අතිරේක මහෙස්ත්‍රාත්වරිය අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට හා අපරාධ ස්ථාන පරීක්‍ෂණාගාරයේ ස්ථානාධිපතිවරයාට (සොකෝ) නියෝග කළාය.

එම නඩුව ලබන 17 වැනිදා යළි කැඳවීමට ද අතිරේක මහෙස්ත්‍රාත්වරිය එහිදී වැඩිදුරටත් නියෝග කළාය.

දිවයින –

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පත්තිනි මෑණියන් කිල්ලට හසුවුනා ද?

Next Post

ප්‍රහාරක ජෙට් යානාවක සහ යුධ නෞකාවක ආරක්ෂාව සහිතව අති විශේෂ ඇමරිකානු දූත පිරිසක් දිවයිනට…

Related Posts

T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!
  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.