අද උදෑසන දැඩි ආරක්ෂක විධි විධාන යටතේ අති විශේෂ ඇමරිකානු දූත පිරිසක් දිවයිනට පැමිණ තිබේ.
මෙම කණ්ඩායම දිවයිනට පැමිණ ඇත්තේ සමාජයට අනාවරණය නොවී රහසිගතව වීම මේ වනවිට දැඩි අවධානයට ලක් වී ඇත.
දූත පිරිස පැමිණි ජෙට් යානයට අමතරව පරිවාර ප්‍රහාරක ජෙට් යානාවක් ද කටුනායක ගුවන්තොටුපලට පැමිණ ඇති බව ගුවන්තොටුපල ආරංචි මාර්ග වාර්තා කරයි.
එමෙන්ම ඇමරිකානු යුද නෞකාවක් ද මේ වනවිට කොළඹ ආසන්න මුහුදේ නැංගුරම් ලා ඇති බව වාර්තා වේ.
අද අලුයම කටුනායක කොළඹ අධිවේගී මාර්ගය වසා පරිවාර රථ 16ක ආරක්ෂාව සහිතව මෙම අති විශේෂ දූත කණ්ඩායම කොළඹට ලඟා වී ඇත.
කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයේ නව පරිශ්‍රය විවෘතවීම අද සිදුවන බැවින් ඊට එක්වීම සඳහා මේ අතිවිශේෂ කණ්ඩායම ලංකාවට පැමිණෙන්නට ඇති බව දැනගන්නට ඇත.