ලලිත් චාමින්ද –
රජයේ මුද්‍රණ දේපාර්තමේන්තුව සඳහා විවිධ ආයතනවලින් හිග මුදල් වශයෙන් රුපියල් දහඅට කෝටි,තිස්තුන් ලක්ෂ, අනුහතර දහස්, තුන්සිය හතලිස් හයක මුදලක් (183,394,346) අයවිමට ඇතත් 2021 වර්ෂය තුළ දි ඉන් අයකරගෙන .රුපියල් දෙකෝටි, පනස් එක් ලක්ෂ, අසු දහස් හයසිය අනු අටක (25,180,698) මුදලක් පමණක් බැව් ජාතික විගණන කාර්යාලය පවසයි.
2010 වර්ෂයේ සිට 2019 දක්වා කාලයට අදාලව මෙම හිඟ මුදල් ලැබිමට තිබු අතර මින් අයකරගෙන ඇත්තේ සියයට 14ක මුදලක් බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.
ඒ අනුව මෙම ආයතන වලින් රුපියල් 158,213,650ක හිග මුදලක් ලැබිමට ඇත. මේ පිළිබද මුද්‍රණ දේපාර්තමේන්තුවේ ගණන්දිමේ නිලධාරියා විසින් විගණනයට සඳහන් කොට ඇත්තේ 2019 වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා කාලයට අදාලව හිඟ ආදායමෙන් රුපියල් 25,180,698ක මුදලක් අයකරගෙන ඇති බවය.
ඉතිරි මුදල් ලබාදෙන ලෙස අවස්ථා ගණනාවකදි අදාල ආයතන වෙත සිහිකැඳවිම් ලිපි සහ දුරකථන ඇමතුම් මගින් දැනුවත් කර ඇත.
ඒ අනුව 2022 වර්ෂයේ මැයි 19 දින වනවිට තවත් රුපියල් 2,665,486ක මුදලක් අයකරගැනිමට කටයුතු කර ඇති බව රජයේ මුද්‍රණාලය දන්වා තිබේ.
මෙම හිඟ මුදල් කඩිනමින් අයකරගැනිමට වැඩපිළිවෙළක් යෙදිය යුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත.