සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

යුක්රේන යුද්ධයේ කුලී හේවායන් වූ ශ්‍රී ලාංකිකයන්ගේ කතාව!

by editor
මාර්තු 27, 2024
in සමාජ
Share on FacebookShare on Twitter

යුක්රේන රුසියා යුද්ධයේ දී කුලී හේවයාන් ලෙස  රුසියාව වෙනුවෙන් යුක්රේනයේ සටන් වැදී ශ්‍රි ලාංකිකයන් දෙදෙනෙක් සහ යුක්රේනය වෙනුවෙන් සටන් වැදි ශ්‍රී ලාංකිකයන් තුන් දෙනෙක් අවම වශයෙන් මියගොස් ඇතැයි අල් – ජසීරා වාර්තා කර ඇත.

රට තුළ ඇති ධරුණු ආර්ථික බිඳවැටීමත් සමග තවත් ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනෙක් කුලී හේවායන් ලෙස මෙම යුද්ධයට සම්බන්ධ වීමට කැමැත්තෙන් පසුවන බව ද අල් – ජසීරා වාර්තා කරයි.

රුසියාවේ දී මිය ගිය ශ්‍රි ලාංකික කුලී හේවායෝ

ඩොනෙට්ස්ක් කලාපයේ රුසියාව වෙනුවෙන් සටන් වදිමින් සිටිය දී රුසියානු බංකරයකට එල්ල වූ යුක්රේන ප්‍රහාරයකින් දරුණු ලෙස තුවාල ලැබූ ශ්‍රී ලංකික කුලී හේවායෙක්  වු 36 හැවිරිදි සේනක බණ්ඩාර    සිය සටන් සගයා වූ  නිපුන සිල්වා සමග මුහුණ දුන් මාරක අත්දැකීම  පිළිබඳව අල් – ජසීරා වාර්තා කර තිබුණේ ය.

ප්‍රහාරයෙන්  සේනක  තුවාල ලැබුවේය. ඔහුගේ දෙපා වලින් සා අත් වලින් රුධිරය ගලමින් තිබිනි. තුවාල ලබා සිටි නිපුනගේ  තත්ත්වය  බෙහෙවින්ම  බරපතල වූයේය. ඔහුගේ පපුව, අත් සහ පාදවල තුවාල සිදුවී තිබුණේය.  .

ධරුණු වෙඩි ප්‍රහාර මධ්‍යයේ  නිපුනව ද වත්තම් කරගත් සේනක   පසුබසින්නට වුයේය.  ඒ සමගම  තවත් යුක්රේන ඩ්‍රෝන රැල්ලක් ඔවුන් වාඩිලාගෙන සිටි   ඩොනෙට්ස්ක් ප්‍රදේශයේ රුසියානු  බංකර කලාපයට එල්ල වූයේය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

“මම  නිපුන වත්තම් කරගෙන අමාරුවෙන් ඒ කලාපයෙන් පසුබසින්නට වුනා. ඒත් බංකර පෙළේ   අවසාන බංකරය අසලට තවත් දැවැන්ත ඩ්‍රෝන් ප්‍රහාරයක් එල්ල වුනා. ඒ ප්‍රහාරයෙන්  නිපුන බිම ඇදගෙන වැටුණා. ඔහු වැටුණා. නැවත මට ඔහුව ඔසවාගෙන යන්න ශක්තියක් තිබුනෙ නෑ.  යුක්රේන ඩ්‍රෝන යානාවලින් ඇදගෙන වැටුණෙ මරණ වරුසාවක්. ඒක පුදුමාකාර වේදනාවක්. මට නිපුන අත්හැර යැම හැර වෙන විකල්පයක් තිබුණෙ නෑ… ”    සේනක මේ මස මුලදී නැගෙනහිර යුක්රේනයේ ඩොනෙට්ස්ක් හි රෝහලක තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටියදී කීවේය.

නිපුන කීවේ තත්ත්වය මේ තරම් භයානක බව ඔවුන් නොදැන සිටි බවය. රුසියානු සහායක හමුදාවට බැඳී ඉදිරිපෙළට යෑමට පෙර ඔවුන් පුහුණු පාඨමාලා දෙකකට සම්බන්ධ වී තිබිණි.

” තත්ත්වය  මෙතරම් භයානක බව අපි දැන සිටියේ  නෑ… ඩොනෙට්ස්ක්හිදී, අපට ‘බංකර් රාජකාරියට’ යන්න කිව්වා. නමුත් අප යන්නේ ප්‍රහාරයක් එල්ල වෙමින් ඇති තැනකට බව අපි දැනගෙන හිටියේ නෑ.” වට්ස් ඇප් හඬ පට මගින් සිද්ධිය විස්තර කරමින් සේනක බණ්ඩාර අල් – ජසීරා සමග සිය අත්දැකීම් බෙදා ගත්තේය.

පසුව රුසියානු හමුදා සමඟ සටන් කරන අනෙකුත් ශ්‍රී ලාංකිකයන් විසින් නිපුනගේ සිරුර   හඳුනාගෙන තිබිණි.

සේනක පවසන පරිදි, මෑත මාසවලදී රුසියාව වෙනුවෙන් සටන් කරමින් අඳුරු ඩොන්ටෙස්ක් යුධ පිටියේ මිය ගිය නිවර්තන දකුණු ආසියානු දූපතේ දෙවැන්නා නිපුනය.

වාර්තා වූ මරණ දෙක පසුගිය වසරේ රුසියාවේ ආක්‍රමණයට එරෙහිව යුක්රේනය වෙනුවෙන් සටන් කරමින් සිටියදී මියගිය ශ්‍රී ලාංකිකයන් තිදෙනාට එකතු වේ.

රුසියාවේ සටන්කරුවෙකුට  මසකට ඩොලර් 3,000 දක්වා වැටුප් පිරිනැමීම සහ රුසියානු පුරවැසිභාවය පිළිබඳ අපේක්ෂාවෙන් බොහෝ ශ්‍රි ලාංකිකයන් මේ යුද්ධයට පැටලෙන අවකාශයක් නිර්මාණය වී ඇති අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගණනක් ශ්‍රී ලාංකිකයන් දැන් යුක්රේනයේ රුසියානු හමුදාව සමඟ සේවය කරන බව රුසියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් විසින්  අල් ජසීරා වෙත තහවුරු කර ඇත.

යුක්රේන සටන් බිමේ ශ්‍රී ලාංකික සොල්දාදුවෝ….

මම මැරුණොත් අඩුම තරමේ මගේ බිරිඳටයි දරුවන්ටයි අනාගතයක් හැදෙයි…

ශ්‍රී ලංකාවේ විශ්‍රාමික සහ වත්මන් හමුදා සාමාජිකයින්ට අනුව, තවත් බොහෝ දෙනෙක් රුසියානු පෙරමුණේ   ස්ථාන ගත වීමට කැමැත්තෙන් සිටිති. යුක්රේනයේ දී මිය ගියද ඔවුන්ට බලාපොරොත්තුවක් තිබේ. ඒ සිය දරුපවුලේ අනාගත සුබ සිද්ධිය ය.

“  මම යුද බිමේ මැරුණොත් අඩුම තරමේ මගේ බිරිඳට දරුවන්ට වන්දියක්වත් ලැබෙනවා. අවම වශයෙන් ඔවුන්ට රුසියාවේ වඩා හොඳ ජීවිතයක් ලැබේවි. ඔවුන්ට රුසියාවට ගොස් පුරවැසිභාවය ලබා ගත හැකිය, ” වත්මන් ආර්ථික පීඩනයෙන් අපේක්ෂා රහිතව සිටින විශ්‍රාමික ශ්‍රී ලාංකික සොල්දාදුවෙක් ඔහුගේ   නිර්නාමිකභාවයේ කොන්දේසිය  මත කතා කරමින් අල් ජසීරාට පවසා තිබිණි.  අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ඔහු පවසා තිබුනේ  ශ්‍රී ලංකාවේ ආර්ථික දුෂ්කරතා සහිතව ගෙවන ජීවිතයට වඩා  තමාට වඩා රුසියානු හමුදාවට බැඳීමෙන්  ජීවිතය අහිමිවීම සම්බන්ධව කනස්සල්ලට පත් නොවන බවය.

සේවයේ නියුතු ශ්‍රී ලාංකික සොල්දාදුවෙක් අල් ජසීරා වෙත පැවසුවේ රුසියානු හමුදාවට බැඳීමට අවස්ථාවක් ලැබුණහොත් තම තනතුර අත්හැරීම ගැන සලකා බලන බවයි.

“එය භයානක බව මා දන්නවා. , නමුත් මට වෙනත් විකල්පයක් නෑ…,” රජයේ  බදු සහ වෙනත්  කප්පාදු කිරීම් සිදු කිරීමෙන් පසු සෑම මසකම ජීවත් වීමට තමන්ට ලැබෙන්නේ රුපියල් 20000ක් ( ඩොලර් 65ක් ) පමණක් බව ද ඔහු පවසා තිබිණි.

උසස් අරමුණු නැත. අපෙක්ෂාව සිය අනුචරයන් ජීවත් කරවීමට අවශ්‍ය ආර්ථික පරිසරයක් නිර්මාණය කර ගැනීමය.  ජීවත් වීම සඳහා ඔවුහු මරණය තෝරාගෙන සිටිති. එය රටේ ඛේදවාචකය ලෝකයට ප්‍රකාශ වන ආකරය ය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

වසා දමා ඇති ජාතික කලා භවන මේ වසර අවසන් වීමට පෙර විවෘත කිරීමට ජනපති උපදෙස් දෙයි!

Next Post

මීගමුව සම්බාහන මධ්‍යස්ථාන සේවිකාවන් අතර එච්.අයි.වී ආසාදිතව හමුවන දෙදෙනාගෙන් කෙනෙක් 15 හැවිරිදි දැරියක්…

Related Posts

සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
dengue-death
සමාජ

ආණ්ඩු පඩංගු කරන ඩෙංගු…

ජූලි 5, 2026
සමාජ

ෆේස්බුක් හි සැරිසරන රුසියානු හිතවාදී ලාංකික පිටු පිළිබඳ  අධ්‍යනයක්!

ජූලි 1, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.