බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මීගමුව සම්බාහන මධ්‍යස්ථාන සේවිකාවන් අතර එච්.අයි.වී ආසාදිතව හමුවන දෙදෙනාගෙන් කෙනෙක් 15 හැවිරිදි දැරියක්…

by editor
මාර්තු 27, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මීගමු අවට වහාම ක්‍රියාත්මකවන ලෙස වසා දැමූ සම්බාහන මධ්‍යස්ථාන 53ක සේවය කළ තරුණියන් 120 දෙනා අතරින් හමුවූ එච්.අයි.වී ඒඩ්ස් ආසාදිත දෙදෙනාගෙන් කෙනෙක් වයස අවුරුදු 15ක බාල වයස්කාර දැරියක බව පොලිසිය අනාවරණය කරගෙන තිබේ.

මෙම දැරිය සිය ඥාතීන්  සමග ඇති වූ ආරවුලක් මත නිවසින් පිටවී පැමිණි පසු යම් පුද්ගලයෙක් විසින් ඇයව මෙම සම්බාහන මධ්‍යස්ථානයට යොමු කර ඇති බවත් එහිදී ඇයව අති විශාල පිරිසක්  සමග ලිංගික සම්බන්ධතා සඳහා යොමුකරමින් ගණිකා වෘත්තියේ යොදවා ඇති බවත් අනාවරණය වී ඇත.

එච්.අයි.වී පැතිරී යෑමේ අවදානම සම්බන්ධව හෙළිදරව් වන්නේ   මතට ඇබ්බැහි වූ පුද්ගලයන් වෛද්‍ය සායන සඳහා යොමුකෙරෙන “සවිය වැඩසටහන” අතරතුර මීගමුව කොච්චිකඩේ ප්‍රදේශයේ  එක් මත්ලෝලියෙකු HIV ආසාදිතයෙකු බවට තහවුරුවීමත් ඔහු මීගමුව ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථාන වෙත නිරන්තරයෙන් පැමිණෙන අයෙකු බවට හෙළිවීමත් සමග ය.

මේ තොරතුරත් සමග  මීගමුව කොට්ඨාසය භාර   පොලිස් අධිකාරී එරික් පෙරේරා  ගේ මෙහෙයවීමෙන්  මීගමුව පොලිස් කොට්ඨාසය තුළ පවත්වාගෙන යන සම්බාහන මධ්‍යස්ථාන 53ක් මීගමුව පොලිසිය විසින් හදිසි පරීක්ෂාවකට ලක් කෙරුණේය. එය   සතියක පමණ කාලයක සිට දියත් වූ මෙහෙයුමක් විය.

මෙහෙයුම අතර මෙම සම්බාහන මධ්‍යස්ථානවල සේවා සැපයූ තරුණියන් 120ක් පොලිස් භාරයට ගෙන ඔවුන් වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමුකළ විට ඉන් දෙදෙනෙක් එච්.අයි.වී ආසාදිතයන් බවත් 08 දෙනෙක් වෙනත් සමාජ රෝග ආසාදනය වූ කාන්තාවන් බවත් හෙළිදරව් වී තිබේ.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

15 හැවිරිදි දැරිය මේ එච්.අයි.වී ආසාදිත දෙදෙනාගෙන් කෙනෙකි.  එම 15 හැවිරිදි දැරිය සමග ලිංගික සබඳතා පැවැත්වූ එක් අයෙකු අත්අඩංගුවට ගෙන මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව පොලිසිය කියයි. එච්.අයි.වී ආසාදිත දෙදෙනා සමග සම්බන්ධතා පැවැත්වූ පිරිස හඳුනා ගැනීමේ   මෙහෙයුමක් ද දියත් වී තිබේ.

මෙම මෙහෙයුම අතර දී හෙළි වන්නේ මීගමුව පොලිස් කොට්ඨාසයේ කිසිම සම්බාහන මධ්‍යස්ථානයක් විධිමත් නීත්‍යානුකූල අවසරයක් යටතේ පවත්වාගෙන ගොස් නැති බවය. නගර සභාවේ අවසරයකින් තොරව බලපත්‍ර රහිතවපවත්වාගෙන ගොස් ඇති මෙම සම්බාහන මධ්‍යස්ථාන නියාමනය කිරීමේ අවකාශයක් ද නාගරික කොමසාරිස්වරයාට අවකාශයක් තිබී නැත.

මේ වනවිට එම සියලුම සම්බාහන මධ්‍යස්ථාන වසා දමා ඒ මධ්‍යස්ථානවල නාම පුවරු සියල්ල ද ගලවා දමා තිබේ.

මෙම පරීක්ෂා කිරීම්වලින් අනතුරුව මීගමුව පොලිස් කොට්ඨාසයේ මීගමුව, කොච්චිකඩේ සහ සීදුව යන ප්‍රදේශ තුළ සියලු සම්බාහන මධ්‍යස්ථාන වසා දැමීමට මීගමුව පොලීසිය මේ වන විට කටයුතු කර තිබේ.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

යුක්රේන යුද්ධයේ කුලී හේවායන් වූ ශ්‍රී ලාංකිකයන්ගේ කතාව!

Next Post

විශේෂඥ නිර්වින්දන වෛද්‍ය හිඟය රටට දරාගන්න බැරි තැනට ඇවිත්… සැත්කම් සිදුකිරීම බරපතල ප්‍රශ්නයක්වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි! 

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.