සූරියවැව නුවන් ජයසේකර –
නිවසසේ නිදා සිටි සිය කුඩා දරුවන් තිදෙනා හා බිරිය වන අලියෙකුගෙන් බේරා ගැනිමට වන අලියෙකු හා සටන් කළ පියෙක් වන අලි ප්‍රහාරයෙන් බරපතල තුවාල ලබා රෝහල් ගතකිරීම පිළිබඳ සංවේදී කතා පුවතක් හම්බන්තොට නාගර්වැව ප්‍රාද්ශයෙන් ඊයේ (15) අපට වාර්තා වීය.
කුරුළු උයන ගම්මානය, නාගර්වැව, හම්බන්තොට ලිපිනයේ පදිංචි සිව් දරු පියෙකු වන 35 හැවිරි කේ.පී.ජී.අනුර මෙලෙස වන අලි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලබා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර තිබේ.
බිරිද වන 25 හැවිරිදි ඒ.නිලූකා දමයන්ති එම බිහිසුණු අත්දැකීම මෙලෙස විස්තර කළාය.

අපි ඉස්සර වෙලා පදිංචි වෙලා හිටියේ ගොන්නොරුව කැටැන්වැව ප්‍රදේශයේ .එම ඉඩම් අලිකළමානාකරණ රක්ෂිතයට යනවා කියලා අපිට නාගර්වැව අද ඉන්න මේ ඉඩම් ලබා දුන්නා. මේ ඉඩම්වලට හැමදාම අලි එනවා. ඊයෙත් එළිවෙනකම්ම අපි අලි එළවලා පාන්දර ටිකක් නිදා ගත්තා.
නිදාගෙන වැඩි වෙලාවක් ඉන්න වුනේ නෑ. පාන්දර 6.30ට විතර ඇති. එක සැරේම ගේ පිටිපැත්තෙන් වහලට ගැහුවා. එතකොට මායි මහත්තයයි දරුවෝ තුන් දෙනයි නිදාගෙන හිටියේ. මට හයියෙන් කෑ ගැහුණා. මහත්තයා නැගිටලා දොර ඇරලා බලන්න හදනකොටම අලිගේ බිත්තිය පෙරළුවා. අපි ඔක්කොම ගේ ඇතුළෙ හිරවෙලා. කරකියා ගන්න දෙයක් නැතිව අපි ගේ ඇතුළේ ඉදන් කෑ ගැහුවා. අලියා ගේ වහලයි බිත්තියයි කඩලා ගේ ඇතුලේ හිටිය අපේ පැත්තට හොඩේ දමන කොට මහත්තයා අලියගේ ඇඟ පැත්තට පැනලා අපිට දුවලා යන්න කිව්වා.
අලියා මහත්තයා පස්සේ එළවද්දි මන් දරුවෝ තුන්දෙනා අරන් ගෙයින් එළියට පැනලා දිව්වා. ඒත් එක්කම අලියා මහත්තයාට ගැහුවා. මහත්තයා විසිවෙලා ගිහින් බිම වැටුණා .අලියා නැවත් ඇවිත් ගේ කැඩුවා. එතකොට අහල පහළ අයත් ඇවිත් කෑ කෝ ගහලා අලියා එළවා ගත්තා.

ජිවිතේ අපි පුදුම තරම් බය වුනේ එදා තමයි. මහත්තයා අලියා පැත්තට ගියේ නැත්නම් අලියා දරුවෝ තුන්දෙනත් එක්ක අපිව ගේ ඇතුලෙම මරා දමනවා. අලි ප්රහාරයන් මහත්තයගේ කකුල් දෙකයි අතයි කොඳු ඇටයි කැඩිලා. එයා දැන් රෝහලේ.
අපි කුළී වැඩ කරගෙන ජිවත් වෙන්නේ. අපිට ගෙයක් හදාගන්න තරම් වත්කමක් නෑ. එක පුතෙක් පන්සලක නවත්තලා තියෙන්නේ. පුළුවන් කෙනෙක් ඉන්නවා නම් එක කාමර කෑල්ලක් හදා ගන්න අපිට පිහිටක් වෙන්න. මට අවුරුදු 10,7,4 හා අවුරුදු එක හමාරක දරුවෝ හතර දෙනෙක් ඉන්නේ.
ඉන්න හිටින් හරි හමන් ගෙයක් නොමැති මේ අසරණ පවුල කුළී වැඩ කරමින් වන අලින්ගෙන් බැට කමින් කුඩා දරුවන් සමග ගෙවන ජිවිතට ඉතා කටුක බව එහි ගිය අපටද දැකිය හැකිවීය.
යන්තම් හෝ කුළියක් කර මේ පුංචි දරුවන්ට කන්න ගෙනත් දෙන්න හිටිය දරුවන්ගේ පියාද මේ වන විට වන අලි ප්‍රහාරයෙන් අසාධ්‍යව රෝහල් ගතකර තිබේ. දරුවන්ට පවා කෑම බිමද එක වේලකට පමණක් සීමා කිරීමට සිදුව ඇත්තේ පවතින දරිද්‍රතාවය නිසාය. මේ අසරණ පවුලට පිහිට විමට කැමති පිංවන්ත අයෙකු සිටීනම් 0719020306 දුරකතන අංකයට ඇමතීමෙන් විස්තර ලබාගත හැකිය.






