සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

දරු තුන්දෙනා සහ බිරිය මරණයෙන් බේරන්න වන අලියාට ගොදුරක් වුණු තාත්තා…

by editor
සැප්තැම්බර් 16, 2021
in සමාජ
Share on FacebookShare on Twitter

සූරියවැව නුවන් ජයසේකර –

නිවසසේ නිදා සිටි සිය කුඩා දරුවන් තිදෙනා හා බිරිය වන අලියෙකුගෙන් බේරා ගැනිමට වන අලියෙකු හා සටන් කළ  පියෙක් වන අලි ප්‍රහාරයෙන් බරපතල තුවාල ලබා රෝහල් ගතකිරීම පිළිබඳ සංවේදී කතා පුවතක් හම්බන්තොට නාගර්වැව ප්‍රාද්ශයෙන් ඊයේ  (15) අපට වාර්තා වීය.

කුරුළු උයන ගම්මානය, නාගර්වැව, හම්බන්තොට ලිපිනයේ පදිංචි සිව් දරු පියෙකු වන 35 හැවිරි කේ.පී.ජී.අනුර මෙලෙස වන අලි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලබා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර තිබේ.

බිරිද වන 25 හැවිරිදි ඒ.නිලූකා දමයන්ති  එම බිහිසුණු අත්දැකීම මෙලෙස විස්තර කළාය.

නිලූකා දමයන්ති

අපි ඉස්සර වෙලා පදිංචි වෙලා හිටියේ ගොන්නොරුව කැටැන්වැව ප්‍රදේශයේ .එම ඉඩම් අලිකළමානාකරණ රක්ෂිතයට යනවා කියලා අපිට නාගර්වැව අද ඉන්න මේ ඉඩම් ලබා දුන්නා. මේ ඉඩම්වලට හැමදාම අලි එනවා. ඊයෙත්  එළිවෙනකම්ම අපි අලි එළවලා පාන්දර ටිකක් නිදා ගත්තා.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

නිදාගෙන වැඩි වෙලාවක් ඉන්න වුනේ නෑ. පාන්දර 6.30ට විතර ඇති. එක සැරේම ගේ පිටිපැත්තෙන් වහලට ගැහුවා. එතකොට මායි මහත්තයයි දරුවෝ තුන් දෙනයි නිදාගෙන හිටියේ. මට හයියෙන් කෑ ගැහුණා. මහත්තයා නැගිටලා දොර ඇරලා බලන්න හදනකොටම අලිගේ බිත්තිය පෙරළුවා. අපි ඔක්කොම ගේ ඇතුළෙ හිරවෙලා. කරකියා ගන්න දෙයක් නැතිව අපි ගේ ඇතුළේ ඉදන් කෑ ගැහුවා. අලියා ගේ වහලයි බිත්තියයි කඩලා ගේ ඇතුලේ හිටිය අපේ පැත්තට හොඩේ දමන කොට මහත්තයා අලියගේ ඇඟ පැත්තට පැනලා අපිට දුවලා යන්න කිව්වා. 

අලියා මහත්තයා පස්සේ එළවද්දි මන් දරුවෝ තුන්දෙනා අරන් ගෙයින් එළියට පැනලා දිව්වා. ඒත් එක්කම අලියා මහත්තයාට ගැහුවා. මහත්තයා විසිවෙලා ගිහින් බිම වැටුණා .අලියා නැවත් ඇවිත් ගේ කැඩුවා. එතකොට අහල පහළ අයත් ඇවිත් කෑ කෝ ගහලා අලියා එළවා ගත්තා.

කඩා දැමූ නිවස

ජිවිතේ අපි පුදුම තරම් බය වුනේ එදා තමයි. මහත්තයා අලියා පැත්තට ගියේ නැත්නම් අලියා දරුවෝ තුන්දෙනත් එක්ක අපිව ගේ ඇතුලෙම මරා දමනවා. අලි ප්‍රහාරයන් මහත්තයගේ කකුල් දෙකයි අතයි කොඳු ඇටයි කැඩිලා. එයා දැන් රෝහලේ. 

අපි කුළී වැඩ කරගෙන ජිවත් වෙන්නේ. අපිට ගෙයක් හදාගන්න තරම් වත්කමක් නෑ. එක පුතෙක් පන්සලක නවත්තලා තියෙන්නේ. පුළුවන් කෙනෙක් ඉන්නවා නම් එක කාමර කෑල්ලක් හදා ගන්න අපිට පිහිටක් වෙන්න. මට අවුරුදු 10,7,4 හා අවුරුදු එක හමාරක දරුවෝ හතර දෙනෙක් ඉන්නේ.  

ඉන්න හිටින් හරි හමන් ගෙයක් නොමැති මේ අසරණ පවුල කුළී වැඩ කරමින් වන අලින්ගෙන් බැට කමින් කුඩා දරුවන් සමග ගෙවන ජිවිතට ඉතා කටුක බව එහි ගිය අපටද දැකිය හැකිවීය.

යන්තම් හෝ කුළියක් කර මේ පුංචි දරුවන්ට කන්න ගෙනත් දෙන්න හිටිය දරුවන්ගේ පියාද මේ වන විට වන අලි ප්‍රහාරයෙන් අසාධ්‍යව රෝහල් ගතකර තිබේ. දරුවන්ට පවා කෑම බිමද එක වේලකට පමණක් සීමා කිරීමට සිදුව ඇත්තේ පවතින දරිද්‍රතාවය නිසාය. මේ අසරණ පවුලට පිහිට විමට කැමති පිංවන්ත අයෙකු සිටීනම් 0719020306 දුරකතන අංකයට ඇමතීමෙන් විස්තර ලබාගත හැකිය. 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශ්‍රී ලාංකික අපේ මනුස්සකම් ලොවට පෙන්වූ ඩෙමී…

Next Post

බේබදු නිවටයෙකුගෙ නොහික්මුණු ක්‍රියාවකට ජාතිවාදය ගාවගන්න එපා… සරත් ෆොන්සේකා දෙමළ පක්ෂවලින් ඉල්ලයි…

Related Posts

සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
dengue-death
සමාජ

ආණ්ඩු පඩංගු කරන ඩෙංගු…

ජූලි 5, 2026
සමාජ

ෆේස්බුක් හි සැරිසරන රුසියානු හිතවාදී ලාංකික පිටු පිළිබඳ  අධ්‍යනයක්!

ජූලි 1, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.