අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බේබදු නිවටයෙකුගෙ නොහික්මුණු ක්‍රියාවකට ජාතිවාදය ගාවගන්න එපා… සරත් ෆොන්සේකා දෙමළ පක්ෂවලින් ඉල්ලයි…

by editor
සැප්තැම්බර් 16, 2021
in පුවත්
sarath
Share on FacebookShare on Twitter

තමන්ගේ පියාටත් නිග්‍රහ කළ බේබදු නිවටයෙකුගේ ක්‍රියාවක් ජාතිවාදය ලෙස විග්‍රහ කර රට ලෝකය හමුවේ විනාශ නොකරන ලෙස ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පැවසුවේය.

මෙම පුද්ගලයා ඒ වකවානුවේ එල්.ටී.ටී.ඊ සාමාජිකයෙක් දුටුවේ නම් හැංගෙන චරිතයක් බවත් මේ ආකාරයට අහිංසක සිරකරුවන් දණ ගස්වා ඔළුවට පිස්තෝල තබා මරණ තර්ජන කරන්නේ චණ්ඩි නොව බියගුළු නිවටයන් බවත්  ෆීල්ඩ් මාර්ෂල්වරයා පැවසුවේය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ විපක්ෂ නායක කාර්යාලයේ දී අද පැවති මාධ්‍ය හමුවක දීය.

එහිදී ඔහු මෙසේත් කීවේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අපි දැක්කා ලොහාන් රත්වත්තේ කියන ඇමති තුමා එතුමාගේ හැසිරීම. එතුමාගේ පියා අපිත් එක්ක වැඩ කරපු කෙනෙක්. නියෝජ්‍ය ආරක්ෂක ඇමති වරයෙක්. නමුත් එම පුද්ගලයා පියාටත් අගෞරව කළා.

මේ පුද්ගලයා එල්ටීටීඊ කාරයෙක් දැක්ක නම් ඒ කාලේ හැංඟෙන චරිතයක්. දැන් ගිහිල්ල අහිංසක සිරකරුවන් දණ ගස්වල ඔලුව ට පිස්තෝලෙ තියෙනවා. මොන තරම් තිරිසන් වැඩක් ද. ඒවා කරන්නේ චණ්ඩි නෙවෙයි. එවැනි වැඩ කරන්නේ නිවට බියගුළු මිනිස්සු. බීලා හිරගෙයක් ඇතුලට ගිහිල්ලා රඟපානවා.

මමත් හිරගෙවල් වල ඉඳල තියනවා. මම දන්නවා එහි තියෙන දුක. සිරකරුවන්ට මම කියනවා මේ වගේ චරිත ඇතුළට ආවොත් නැවතත් කට්ටියම එකතුවෙලා ඇටකටු කුඩු කරලා එළියට දාන්න කියලා. සිරකරුවන් වෙනුවෙන් එහිදී ජනතාව හිටගන්නවා. මෙවැනි අමන වැඩ කරන මිනිස්සුන්ට තමුන්නාන්සේලා කිසිසේත් සමාවක් දෙන්න එපා. රජය මෙයා අයින් කරල කියන ඇමතිකම බන්ධනාගාර ඇමතිකමෙන් පමණයි. තවම එයාට වෙනත් අමාත්‍යංශයක් තියෙනවා.

ආරංචි වෙනවා මෙයා මැණික් ගරන කාර්යභාරය තවමත් ඉටු කරනවා කියලා. මේ අයට විරුද්ධව ගොඩක් පැමිණිලි තිබෙනවා. මැරයො දාගෙන මැණික් ගරණ බවත් පැමිණිලි තිබෙනවා. මේ පුද්ගලයා ගැන පාර්ලිමේන්තුවේ හැසිරීම පවා පිළිගන්න බැහැ. එම හැසිරීම දැක්කම මට වැටහුනේ බීමතින් පාර්ලිමේන්තුවේ ඉන්න බවයි. මම වැරදි නම් කරන්න දෙයක් නැහැ. මනුස්සයෙක් හැසිරෙන විට අපට දැන ගන්න පුළුවන්.

මෙවැනි දේවල් ඉතාම කණගාටුදායකයි. එම අයට විරුද්ධව රජය ගන්නා නීතිමය ක්‍රියාමාර්ගය ගැන අපට දැනගත යුතුයි. සිරකරුවාගේ ඔළුවට පිස්තෝලයක් ඇල්ලුවනම් තරාතිරම නොබලා දඩුවම් ලබා දිය යුතුයි . රජය මෙම පුද්ගලයාට ගන්නා නීති තීන්දු අපිට දැන ගැනීමට අවශ්‍යයි.

යම් පුද්ගලයකුට පිස්තෝලයක්  ලබා දෙන්නේ ආත්ම ආරක්ෂාවට පමණයි. මේ පුද්ගලයා ඒ පිස්තෝලය ගෙනිහින්  ගෙනිහිල්ලා යම්කිසි පුද්ගලයකුගේ ඔළුවට තියනවනම් අතපය බැඳලා අහිංසක සිරකරුවෙක් ගෙ ඔළුවට පිස්තෝලයක් ඇද්දම එය දාමරික සාහසික ක්‍රියාවක්. එම පුද්ගලයාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක විය යුතුයි. එය නොකළොත් අපේ රජයක් බලයට ආපු ගමන් ඒ දේට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරනවා.

එම පුද්ගලයාගේ නිවට කමට සිදු කරපු. දෙයක් ද්‍රවිඩ දේශපාලන පක්ෂවල අය මෙය ජාතිවාදය කියා චිත්‍රයක් මවන්න උත්සාහ කරන්න එපා. එක පුද්ගලයෙක්ගේ දාමරික නොහික්මුණු අසංවර ක්‍රියාවක් පමණයි.

දැනට මේ අයට ලබා දුන්නේ දඬුවමක් නොවෙයි. ඇස්බැන්දුමක් පමණයි. එම අයගේ පුටුව ඒ විදියටම තියෙනවා.

අපි දුටුවා බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්   මෙවැනි දෙයක් වාර්තා වෙලා නෑ කියලා කියනවා. අපි අහනව රෙදි ඇඳගෙනද කියන්නේ. සැම සිරකරුවෙක් ගේම ආරක්ෂාවක් පිළිගැනීම ගැන මානුෂීය අයිතිවාසිකම් ගැන ඒ අය වගකිව යුතුයි පුද්ගලයා කියනවා එවැනි සිද්ධියක් වාර්තා වෙලා නැහැ කියලා. කොමසාරිස්තුමාගේ කාර්ය මණ්ඩලයට ප්‍රශ්නයක් ඇති ඒක කොහොමද සිද්ධ වුනේ කියලා.    මානව හිමිකම් කවුන්සලය අපේ රටේ යෝජනාවක් ගෙනල්ලා කතා කරන අවස්ථාවක එම සිදුවීම මේ මිනිස්සුන්ට පතුරම් දෙනවා වගේ වැඩක්. කොහොමද කොමසාරිස් ජෙනරාල්වරයා එහෙම කියන්නේ. ඒවා අපට පිළිගන්න බැහැ.

මේ ශීලාචාර රටවල් වල සිදුවෙන දේවල් නෙමෙයි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

දරු තුන්දෙනා සහ බිරිය මරණයෙන් බේරන්න වන අලියාට ගොදුරක් වුණු තාත්තා…

Next Post

“එන්නත්කරණයයි දැන් ආහාර සැපයුමයි හරියට වෙන්නේ හමුදාව නිසා”

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.