බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

ණය කන්දකට හිණිමං බැන්ද “අවජාතක“ නෙළුම් කුලුන!

ජාතිකය සොහොන් කොත නෙළුමක හැඩයෙන් ද ඉදි කළ හැකිය...

by editor
ජූනි 20, 2022
in සමාජ
lotus-tower
Share on FacebookShare on Twitter

චාමින්ද වාරියගොඩ – 

  • වැඩ ඇරඹි දස වසරයි !තවමත් සතයක ආදායමක් නෑ!

  • ශක්‍යතා අධ්‍යයනයක් ව්‍යාපෘති වාර්තාවක් නැතිව හැදූ කුලුනක්… ඉදිකිරිම් කොන්ත්‍රාත්තුව දීර්ඝ කර තිබෙන්නෙ කැබිනට් අනුමැතියක් නැතිව…

  • ආරංචි විදිහට  කුලුනේ වගකීම අලුතින් පවරන්න යන්නෙ ධම්මික පෙරේරට…

  • චීන  ණය කන්ද හින්දා විදුලි සංදේශ කොමිසමත් හිඳිලා… ප්‍රමාද ගාස්තු ලෙස ඉදිකිරීම් සමාගමෙන් අය කරගත යුතු සියයට 10ක දඩය අය කරගෙනත් නෑ…

බිලියන හතක් විදේශ සංචිත තිබුණු  ශ්‍රි ලංකාවේ භාණ්ඩාගාරය ඩොලර් ලක්ෂ හතක් සූරා ගත නොහැකි තරමට වැටී ඇත.  රට  බංකොලොත්  බවකය. මේ බංකොලොත් බවත් ශ්‍රි ලංකාව විසින් පසුගිය කාලයේ කරන ලද දැරිය නොහැකි මට්ටමේ විදේශ ණය ගැන ලොකු කතා බහක් මේ වනවිට නිර්මාණය වී ඇත.

ඩොලර් බිලියන ගණන් ණය තුරුස් වී සිදු කළ බොහෝ  ව්‍යාපෘති මේ වනවිට   සුදු අලින්ය.  කොළඹට පමණක් නොව පිට පළාතක පවා සිටියද  කොළඹ ඉසව්ව දෙස බලන කෙනකුට   නිරායාසයෙන් නෙත ගැටෙන නෙළුම් කුලුන ද මේ ණය උගුලේ අප සිර කළ  එක් ඉදි කිරීමක් බවට මේ වනවිට  පත්ව ඇත.

නෙළුම් කුලුන ආසියාවේම උසම කුලුන ලෙස දැක්වුණද එහි අභිමානයක් අප සිත් තුළට වද්දා ගන්නට නොහැකි තරමට එය අද රටට බරක් ව ඇත. 2012 වසරේ ආරම්භ කරන ලද මේ යෝධ කුලුනු ව්‍යාපෘතිය සඳහා මුලින්ම තෝරා ගැනෙන්නේ  පෑලියගොඩ ඉඩමකි. පසුව මේ සඳහා  කොළඹ ඩී ආර් විජේවර්ධන මාවතේ පිහිටි බේරේ වැවට ඉස්මත්තට වන්නට පිහිටි  නාගරික සංවර්ධන අධිකාරියට අයත් හිස් ඉඩමක් වෙන් විනි.

නෙළුම් මලක හැඩයැති මෙම විසල් කුලුනු මස්තකයෙහි සත් මහල් සංකීර්ණයක් ඇත. ප්‍රධාන වශයෙන්ම   රූපවාහිනී,  දුරකථන සහ ගුවන් විදුලි  සංඥා සේවා  සම්පාදනයත්  ව්‍යාපාර සහ විනෝදාස්වාද ක්‍රියාකාරකම් ඉලක්ක කරගෙන නිර්මාණය වුණු නෙලුම්  කුලුන 2017 වසරේ වැඩ අවසන් කිරීමට  නියමිතව තිබුණත් මේ වන තෙක් රටට වැඩදායී ලෙස කිසිදු කාර්යක් එයින් සිදුවන්නේ නැත. මෙය නිල වශයෙන් විවෘත කිරීමක් සිදුව ඇතත් මෙතෙක් එයින් ඩොලර් තබා රුපියලකවත් ආදායමක් ගන්නා තැනක ට පත්ව නැත.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

  • කුලුනක් පාමුළ වැළලූ ඩොලර් කන්ද

රි ලංකාවේ ජාතික  සම්පත් මෙන්ම විදේශ සම්පත් දැවැන්ත ඛාදනයකට ලක් කරවන අසාර්ථක ව්‍යාපෘති ගොඩට මේ විසල් කුලුන කැඳවාගෙන ඒම පිළිබඳව දිගු කතාවක් ඇත. අද එය අපට ප්‍රශ්නයක් වී ඇත්තේ ඇමෙරිකානු ඩොලර් මිලියන 104.3ක් වැය කර ඉදි කර ඇතත් එයින් කිසිදු පලක් නොලබන නිසාය. එමෙන්ම මේ වෙනුවෙන් සංචිත හිඟ රටේ ඩොලර් මිලියන ගණනින් ණය ගෙවන්නට සිදුව ඇති නිසාය. මේ දැවැන්ත කුලුනට අවශ්‍ය මුදල් වියදම් කරන්නේ අපේ රටේ උතුරා ගලා යන විදේශ සංචිතවලින් නොවේ.  එය ඉදි වන්නේ ශ්‍රි ලංකා රජය විසින් චීනයේ එක්සිම් බැංකුවෙන් ලබා ගත් ණයක් මත පදනම් වෙමිනි. ඒත් සමඟ මේ පිළිබඳව නිර්මාණය වූ සැක සංකා උපදවන ගැටලු ගණනාවක් නිර්මාණය විය.

මේ ව්‍යාපෘතියේ  ප්‍රශ්නගත ස්වභාවය පිළිබඳව ශ්‍රි ලංකාවේ විමර්ශනයන් කෙරෙන තැන්වලින්  මේ වනවිට අදාල වාර්තා සකසා ඇත. විශේෂයෙන්ම විගණකාධිපති දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව මේ අතර ප්‍රමුඛය. ඒ සියල්ලෙන්ම මෙය උභතෝකෝටිකයක් බව අවබෝධ වී ඇත.

  • නෙළුම් කුලුනේ අක්‍රමිකතා

නෙළුම් කුලුන ඉදිකිරීම් ආරම්භ වන්නේ 2012 වසරේදීය. එහිදී  නෙළුම් කුලුන ඉදිකිරීමේ අක්‍රමිකතා සිදුවී ඇති බව 2015 වසරේ දී ම රජයේ විගණකාධිපතිවරයා හඳුනාගෙන තිබුණි. ඒ අනුව 2015 වාර්ෂික වාර්තාව තුළින් සැලකිලිමත් විය යුතු ප්‍රධාන කරුණු තුනක් ඉස්මතු කර ඇත.

පළමුවැන්න නම් මෙම දැවැන්ත ඉදිකිරීම ලබා දීමේ කොන්ත්‍රාත්තුව හිමි කර ගත් සමාගමයි. ශ්‍රි ලංකා රජය විසින් එය ප්‍රදානය කර තිබුණේ  බහු සම්ප්‍රේෂණ කුලුනු ඉදිකිරීම හෝ මහා පරිමාණ ඉදිකිරීමේ  ව්‍යාපාරික වපසරියක නොසිටි  චීන සමාගම් දෙකකට ය.

කෙසේ වුවද මෙම කොන්ත්‍රාත්තුව හිමි කර ගත් සමාගම්  2015 මැයි 12 වන විට වැඩ අවසන් කළ යුතුව තිබුණද එය නිසි කලට වේලාවට එය සම්පූර්ණ කර නැත.  මේ හේතුව නිසා  කැබිනට් මණ්ඩල අනුමැතියකින් තොරව එම කොන්ත්‍රාත් කාලය වසර දෙකකින් 2017 ඔක්තෝබර් දක්වා දීර්ඝ කර ඇත.

අවසාන වශයෙන්, ව්‍යාපෘතියේ ණය ගැනීම් සහ රක්ෂණ පිරිවැය   පිළිවෙළින් රුපියල්  මිලියන මිලියන 265 ක් සහ      682 ක් ලෙස අවතක්සේරුවකට ලක් කොට ඇත. .

විගණකාධිපතිවරයා විසින් 2017 වසර සඳහා ප්‍රකාශයට පත් කරන ද සිය වාර්ෂික වාර්තාව මෙම කරුණුම නැවත  නැවත අවධාරණය කළේය.  2018 මැයි 31 වන විටත් වැඩ නිම නොවීම නිසා කාලය දීර්ඝ කිරීමෙන් පසුවද තවත් අමතර දින 200කට වැඩි ප්‍රමාදයක් ඇති විය.

කෙසේ වුවද  2019 සැප්තැම්බර් මාසයේදී මෙම කුලුන නිල වශයෙන් විවෘත විය. ඉදිකිරීම් ප්‍රමාදය වෙනුවෙන්  සමස්ත ව්‍යාපෘති වියදමින් සියයට 10ක් එනම්  ඩොලර් මිලියන 10.43 ක ප්‍රමාද ගාස්තුවක් ගිවිසුම් ප්‍රකාරව ශ්‍රි ලංකාවට අය විය යුතුව තිබුණද එම මුදල ද අය කරගෙන නැති බව 2017 වසරේ විගණකාධිපති වාර්තාවේ සඳහන් ව ඇත.

විගණකාධිපතිවරයා විසින් මෙම නෙළුම් කුලුන සම්බන්ධයෙන් විශේෂිත විගණන වාර්තාවක්ද සම්පාදනය කර ඇති අතර එයින් අනාවරණය වී ඇති කරුණු අතිශයින්ම බරපතලය.

  • විගණකාධිපතිවරයාගේ වාර්තාව

ඒ අනුව නෙළුම් කුලුන  ව්‍යාපෘතිය සඳහා කිසිදු ශක්‍යතා අධ්‍යයනයක් සිදු කර නැතිවාක් මෙන්ම  ව්‍යාපෘති යෝජනාවක් ද  තිබී නැත.

නාගරික සංවර්ධන අධිකාරියෙන් ඉඩම් පවරා නොදීම සහ ඉදිකිරීම් ප්‍රමාදය නිසා රජය. බිලියන 5.4 ක ආදායම් අහිමි වීමක් සිදුව ඇති බවද එම වාර්තාව මඟින් නිරීක්ෂණය වී ඇත.

මෙම ව්‍යාපෘතිය පසුගිය කාලය තුළ බාරව සිටයේ විදුලි සංදේශ නියමන කොමිසමය. එම කොමිසමට මෙවැනි ආයෝජන ව්‍යාපෘති සිදු කිරීමට අවශ්‍ය නෛතික ඉඩකඩක් තිබුනේ නැත. මේ හේතුවෙන්  නෙළුම් කුලුන කළමනාකරණය සඳහා සමාගමක් මුදල් අමාත්‍යංශය යටතේ පිහිටුවා එහි කළමනාකරණ වගකීම ඊට පැවරුණේ පසුගිය වසරේදිය.

මේ වනවිට නව නෙළුම් කුලුන කළමනාකරණය කිරීමේ සමාගම නව ආණ්ඩුව වෙනුවෙන් ජනාධිපතිවරයා විසින් පසුගියදා ගැසට් කරන ලද තාක්ෂණ සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශය වෙත ගැසට් කර ඇත. දෙශපාලන ආරංචි මාර්ගවලට අනුව මෙම අමාත්‍ය වගකීම ඉදිරියේදී පොදු ජන පෙරමුණෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ලෙස දිවුරුම් දිමට නියමිතව සිටින ධම්මික පෙරේරා වෙත ලබා දෙන ඇති බවට රාවයක ඇත.

මෙම නෙළුම් කුලුණ පිළිබඳව විගණකාධිපතිවරයා විසින් අවසන් වරට නිකුත් කරන ලද 2019 වසර සඳහා වූ වාර්ෂික වාර්තාව සැලකිල්ලට බඳුන්කර ඇත.

චීන ණය මුදල්වලින් අදාළ ක්ෂේත්‍රෙය්  ප්‍රවීණත්වයක් පවා නැති චීන සමාගම්වලටම අදාළ කොන්ත්‍රාත් ලබා දීමෙන් මෙම චීන සමාගම් ඉදිකිරීම් පොරොන්දු වු නියමිත කාලයට වඩා වසර දෙකකුත් දින 200ක් ප්‍රමාද කරවද්දී අපේ රටේ ඩොලර් සංචිතවලට එයින් ඇති වූ බලපෑම ගැන බරපතල ඉඟියක් මෙම විගණකාධිපතිවරයාගේ වාර්තා කියයි. එම වාර්තා පවසන පරිදි මෙම ව්‍යාපෘතිය සඳහා ගත් චීන ණය සඳහා ගෙවීම් කර ඇත්තේ විදුලි සංදේශ නියාමන කොමිසම සතු සමූහ අරමුදලකිනි.

නෙළුම් කුලුන ව්‍යාපෘතිය වෙනුවෙන් චීන බැංකුවෙන් ලබා ගත්  ණය ගෙවන්නට සැලසුම් කර තිබුණේ ඒ සඳහා පැමිණෙන ආයෝජනවල ආදායමිනි. එහෙත්  මෙතෙක් ආදායම් නූපද්දන මෙම කුලුනට ගත් ණය ලෙස 2019 අවසානය වනවිට පමණක් විදුලි සංදේශ නියාමන කොමිසම සිය අරමුදලින්  ඇමෙරිකානු ඩොලර් මිලියන 40  (ඩොලර් මිලියන 30.3)  ප්‍රමාණයක් ගෙවා ඇත. මේ මුදල් ගෙවීම් හේතුවෙන් විදුලි සංදේශ නියාමන කොමිසමේ අරමුදලින් රුපියල් බිලියන 30ක පමණ මුදලක් 2015 වසරේ සිට 2019 දක්වා කාලය තුළ අඩුව ඇති බව ද විගණකාධිපති වාර්තාවෙහි සඳහන් වෙයි.

මෙම කුලුණ අටවා ගැනීම සඳහා වූ කළමනාකරණ උපදේශන සේවා රක්ෂණ ගාස්තු ණය පොලී ඇතුළු නෙකුත් වියදම් සඳහා ද   විදුලි සංදේශ නියාමන කොමිසට තවත් අතිරේකව ඩොලර් මිලියන 23ක් වැය කරන්නට සිදුව ඇත.

අප මේ කියන්නේ 2019 දක්වා වූ සංඛ්‍යාලේඛන මත පදනම්වය. දැනට විදුලි සංදේශ නියාමන කොමිසම මෙම වගකීමෙන් ඈත්ව ඇතත් තවමත් ශතයක ආදායමක් නූපදවන මෙම සෝබමාන කුලුන හේතුවෙන් තවමත් ඩොලර් මිලියන ගණනක් ණය සහ පොලි ගෙවන්නටත් නඩත්තුවටත් වැය කරන්නට සිදුව ඇත

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඉන්දීය හමුදාවට අග්නිවීර්ලා ගන්න අග්නිපත් දියත් වෙයි

Next Post

රුසියාව චීනයේ ලොකුම ඉන්ධන සැපයුම්කරුවා වෙයි

Related Posts

සමාජ

ඉතාලි අගමැතිනිය ඉලක්ක කරගත් ට්‍රම්ප්ගේ පුරුදු අශිෂ්ඨත්වය ඉතාලි – ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් කුඩු කළ හැටි…

ජූනි 20, 2026
පුවත්

අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

ජූනි 19, 2026
homuz
සමාජ

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.