ගෝලීය අභියෝග රැසකට මුහුණදී සිටින අතරතුරේදී රුසියාව චීනයේ විශාලතම බොරතෙල් සැපයුම්කරු බවට පත්තිබේ.
ඒ අනුව චීනය විසින් රුසියානු බොරතේ මිලදී ගැනීම ඉකුත් වසරේ මාර්තු මාසයට සාපෙක්ෂව සියය 55කින් ඉහළ දමා ඇති බවට නවතම දත්ත වාර්තා අනාවරණය කරයි
මේ සමඟම මෙතෙක් චීනයේ විශාලතම බොරෙතල් සැපයුම්කරු වූ සෞදි අරාබිය දෙවන ස්ථානයට පත්ව ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරිමත් සමඟ ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් විසින් දැඩි ආර්ථික සම්බාධක පනවා ඇති පසුබිමක චීනය විසින් මෙලෙස රුසියාවෙන් අධික ලෙස බොරතෙල් ආනයනය කිරීම සිදුකිරීමට ආරම්භ කර ඇත.
මෙම ආර්ථික සම්බාධක හමුවේ රුසියාව විසින් විශාල වට්ටම් මුදලක තෙල් සැපයීම සිදුකරනු ලබන අතර එහි ප්‍රතිඵලයක් ලෙස චීනය විසින් විශාල වශයෙන් බොරතෙල් තොග රැස්කර ගැනීමේ නිතරවී සිටින බවද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
චීනය විසින් මෙලෙස අධික ලෙස බොරතෙල් මිලදී ගත්තද මේවන විට කොරෝනා වසංගතය හේතුවෙන් එරට ආර්ථික කටයුතු විශාල වශයෙන් පහළ ගොස් තිබීමද විශේෂත්වයකි.
ඒ අනුව මේවන විට චීනය රජයට අයත් තෙල් පිරිපහදු සමාගම වන සිනොපෙක් සහ රජය අයිතය යටතේ ක්‍රියාත්මක සෙන්හුවා යන සමාගම් විසින් සිය මිලදී ගැනීම් ඉහළදමා ඇති බවද චීන මාධ්‍ය වාර්තා කර ඇත.
මෙහිදී චීනයට මෙම බොරතෙල් නවතම ඉන්ධන නල මාර්ගය ඔස්සේ සහ නැව් මගින් ලබාදීම සිදු කරනු ලබයි. එහිදී ඉකුත් මාසයේදී පමණක් චීනය විසින් ඉන්ධන ටොන් මිලියන 8.42ක් ආනයන කර ඇති අතර එම කාලයේදී සෞදි අරාබියෙන් ඉන්ධන ටොල් මිලියන 7.82 ආනයන කර තිබේ.මෙම තත්ත්වය අනුව රුසියාවට ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් දැඩි ආර්ථික සම්බාධක පැනවීම සිදුකළද එමගින් දැඩි බලපෑමක් එල්ලවී නොමැති බවයි පෙනීයන්නේ.