බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

ජනපති මැදුරෙන් හමුවී අරගලකරුවන් පොලිසියට භාර දුන් මුදල අධිකරණයට ඉදිරිපත් කරන්නැයි අධිකරණ නියෝගයක්…

අධිකරණයට ඉදිරිපත් කරන්න හැදූවත් දේශබන්දු එය වළක්වලා... මුදල් සහ ලිපි ලේඛණ සී.අයි.ඩි. එක යටතට අරන්...

by editor
ජූලි 28, 2022
in සමාජ
Sri Lankan rupee bills stacks background

Sri Lankan rupee bills stacks background

Share on FacebookShare on Twitter

ජනාධිපති මන්දිරයේ තිබී අරගලකරුවන් විසින් සොයාගෙන කොටුව පොලිසිය වෙත භාර දුන් රුපියල් එක්කෝටි හැත්තෑ අට ලක්ෂ පනස් දහසක   මුදල වහාම අධිකරණයට භාර දෙන ලෙස අද (28) කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ විසින් කොටුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සාගර ලියනගේ වෙත නියෝග කළේය.

මෙම මුදල අරගලකරුවන් විසින් පොලිසියට භාර දී සති තුනක් ගතවන නමුත් ඒ සම්බන්ධව කිසිදු වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් වී නැති බව පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා එම මුදල අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මෙම නියෝගය  කළේය.

උක්ත අධිකරණ නියෝගය ලැබෙන්නේ  මෙම මුදල අධිකරණයට ඉදිරිපත් කිරීමට ඉඩ නොදී  කළ බලපෑම පිටුපස බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සිටි බව  හෙළිදරව් වී ඇති පසුබිමකය.

එම සම්පූර්ණ සිද්ධිය මෙසේය.

ජනාධිපති මන්දිරයේ සුරක්ෂිතව තිබූ රුපියල් එක්කෝටි හැත්තෑ අට ලක්ෂ පනස් දහසක මුදලක්   එම මන්දිරයට ඇතුළු වූ විරෝධතා කරුවන් පිරිසක් විසින් පසුගිය 09 වැනිදා සොයාගෙන  තිබිණි.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

බැංකු සටහන් සමග  එම මුදල තිබී ඇත්තේ  අලුත්ම මුදල් නෝට්ටු ලෙසය. එම මුදල සොයා ගත් වහාම එම තරුණයන්  ජනාධිපති මන්දිරයේ ආරක්ෂාව භාරව සිටින විශේෂ කාර්ය බලකායේ  පොලිස් අධිකාරී නිශේධ ප්‍රනාන්දුට දන්වා ඔහුට එම මුදල භාර දුන්නේය.

එහෙත් පොලිස් අධිකාරීවරයා එය තමන් භාර ගැනීම නොව වඩාත් නීත්‍යානුකූල ක්‍රමවේදයකට එය පොලිස් භාරයට පත් කළ යුතු බව එම තරුණයින්ට දන්වා කොටුව පොලිස්  ස්ථානාධිපති සාගර ලියනගේට මේ බව දන්වා තිබිණි.

සාගර ලියනගේ පොලිස් කණ්ඩායමක් සමග පැමිණ එම මුදල භාර ගෙන මුදල තිබූ ස්ථානය හා එම මුදල් ප්‍රමාණය වීඩියෝ ගත කර භාර ගත්තේය.  අනතුරුව එම ස්ථානයේ රැඳී සිටි තරුණයින් පස් දෙනෙකුගෙන් සාක්ෂිත්  සටහන් කරගෙන පොලිස් සථානයට පැමිණීමෙන් පසු සියලු තොරතුරු පොත්පත්වල සටහන් කළේය.

දේශබන්දුගේ බලපෑම

ඉදිරි නෛතික කටයුතු සඳහා සූදානම් වෙමින් සිටිය දී  09 වැනිදා රාත්‍රියේ බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු කොටුව පොලිස් ස්ථානාධිපති සාගර ලියනගේට දුරකථනයෙන් අමතා ඇත. ඒ වනතුරු   දුරකථනය විසන්ධි කරගෙන සිටි බවට වාර්තා වන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සාගර ලියනගේ අමතා ඔහුට තදින් දෝෂාරෝපණය කර මෙම මුදල පොත් පත්වල සටහන් කළේ කුමක් නිසා දැයි ප්‍රශ්න කර තිබිණි

අනතුරුව ඉරිදා (10) උදෑසන වනවිට මුදල පොලිසිය භාර ඇමතිවරයාගේ නිවසේ තිබිය යුතු බවට ඔහු කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා වෙත  දන්වා ඇත.

එය කළ නොහැකි බවත් නීත්‍යානුකූල නොවන බවත් පැහැදිලි කිරීමට ගිය කොටුව ස්ථානාධිපතිවරයාට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසා ඇත්තේ තමන්ට මේ පැහැදිලි කිරීම් අනවශ්‍ය බවය.

මේ අවස්ථාවේ දී කොටුව පොලිස් ස්ථානාධිපති  සාගර ලියනගේ පොලිස්පතිවරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානීත්වය දරන නියෝජ්‍ය පොලිස්පතිවරයා අමතා  ඒ හරහා සිද්ධිය පිළිබඳ පොලිස්පතිවරයා දැනුම්වත් කර තිබිණි.

ඒ අනුව පොලිස්පතිවරයා කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාට උපදෙස් ලබා දී ඇත්තේ  කිසිම අනීතික කටයුත්තක් නොකරන ලෙසය. නීතිය ක්‍රියාත්මක කරන ලෙසය.  ඕනෑම උපදෙසක් අවශ්‍ය නම් පොලිස්පතිවරයා විමසන ලෙසය.

එමෙන්ම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් සිදුකළ බලපෑම සම්බන්ධව  සටහනක් තබන ලෙස ද පොලිස්පතිවරයා කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාට දැනුම් දී තිබිණි. මේ අතර සමහර උසස් පොලිස් නිලධාරීන් උක්ත මුදල ඇමතිවරයාට භාර දී අනවශ්‍ය ප්‍රශ්න වලින් වැලකී සිටින ලෙස කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා වෙත දැනුම් දී ඇත.

එම අවස්ථාවේ දී කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ මෙම මුදල තමන් භාර දෙන්නේ කිසිවෙකුටවත් නොව උසාවියට බවය.

සීඅයිඩී ය මුදල් භාර ගැනීම –

මේ තත්ත්වය තුළ පසුගිය 13 වැනිදා එම මුදල අධිකරණය වෙත භාර දීමට අවශ්‍ය සියලු කටයුතු කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා සකස් කර තිබිණි.

ඒ අතර මෙම  රුපියල් එක්කෝටි හැත්තෑ අට ලක්ෂ පනස් දහසක මුදල උසාවියට ඉදිරපත් කිරීම වළක්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය 12 වැනිදා එය තමන්ගේ  භාරයට ගත්තේය.

එම මුදල් කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් භාර ගන්නා විටි අපරාධ පරීකෂණ දෙපාර්තමේන්තුව දන්වා ඇත්තේ  මෙම  මුදල් සම්බන්ධව පමණක් නොව   බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් මෙම මුදල් සඳහා  කළ බලපෑම් සම්බන්ධවත් විධිමත් පරීක්ෂණයක් පවත්වන බවය.

ඒ අනුව සියලුම ලිපිලේඛණ හා සාක්ෂි සටහන් සහිතව එම මුදල  පසුගිය 12 වැනිදා  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගත්තේය.

එම මුදල වහාම අධිකරණයට භාර දෙන ලෙස අද කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ විසින් කොටුව පොලිස් ස්ථානාධිපතිට දන්වා සිටින්නේ  මේ පසුබිමේ දී ය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රටට දිනන්නත් පුලුවන්…. ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 246ක විශිෂ්ට ජයග්‍රහණයක්…

Next Post

ඇෆ්ගන් පාකිථාන ආර්ථික අර්බුද දෙරට උරණ කර ලකුණු

Related Posts

සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
dengue-death
සමාජ

ආණ්ඩු පඩංගු කරන ඩෙංගු…

ජූලි 5, 2026
සමාජ

ෆේස්බුක් හි සැරිසරන රුසියානු හිතවාදී ලාංකික පිටු පිළිබඳ  අධ්‍යනයක්!

ජූලි 1, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.