සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

ක්‍රිකට්වල දේශපාලනය තවරා සූදු සෙල්ලම් කරන උන්ට පුංචි මතක් කිරීමක්!

by editor
ජූලි 30, 2024
in සමාජ
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා දේශපාලන බලපෑම්  දරුණු අන්දමින් සිදු කෙරෙන බව අප රටේ සැබෑ  ක්‍රිකට් උන්මාදයෙන් පෙළෙන ලක්ෂ සංඛ්‍යාත පිරිස් බොහෝ දෙනා නොදනී.

එක දිගට බිංදු ගසද්දී දසුන් චානක  තවමත් කණ්ඩායමේ රැඳී සිටින්නේ නාමල් රාජපක්ෂගේ බලපෑමෙන් බව දන්නෝ ස්වල්පය.

මීට පෙර ලෝක කුසලාන තරගාවලියකට ජීවන් මෙන්ඩිස් ගියේත් ඔහුගේ පන්ති සගයා වන නාමල්ගේ උදව්වෙනි.

යම් යම් අවස්ථාවල ධම්මික ප්‍රසාද් කණ්ඩායමට රිංගුවේත් හම්බන්තොට පදිංචි වී නාමල්ට කැන්වසින් කිරීමේ ප්‍රථිපලයක් ලෙසය.

තිරිමාන්න පවා මේ කැන්වසින් වල ප්‍රතිඵල වලින් වාසි ලබා ගත්තේය.

RelatedPosts

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

තේරීම් කමිටු වල සිටින්නේ පඹයන් ය. දක්ෂයන්ට තැන නොලැබෙන්නේත් අදක්ෂයන් හා කල් ඉක්මවූ ක්‍රීඩකයන් දිගින් දිගටම කණ්ඩායමේ රැඳී සිටින්නේ මේ නිසාය. කුප්‍රකට ක්‍රීඩක ඒජන්තයන් දෙතුන් දෙනෙකු මොවුන්ගේ ගජ මිතුරන්‍ ය. එනිසා ඔවුන්ගේ ක්‍රීඩකයන් පහසුවෙන් ඉවත් කෙරෙන්නේද නැත.

සනත් ආවා කියා වෙනසක් නොවන්නේ ඔහුද දේශපාලන පත්වීමක් නිසාය. ඔහුට කළ හැකි දේ වූයේ ක්‍රීඩකයන්ගේ කොණ්ඩා කපා ඩයි ඉවත් කර කරාබු ගැලවීම පමණි.

තව සමහර ක්‍රීඩකයන් ඇතැම් ඇමතිවරුන්  හා ඔවුන්ගේ බිරියන්ගේ අනුග්‍රහයෙන් කණ්ඩායමේ රැඳී සිටිති.

ඇතැම් ක්‍රීඩකයන් ස්ථානයක් දිනා ගන්නට සාගල රත්නායක පසුපසද යන බව නොරහසකි.

අලුත්ම ජවනිකාව නම් තම දියණියත්  ජාතික කනිෂ්ඨ කණ්ඩායමක රිංගවා තමනුත් ක්‍රිකට් ආයතනයේ පුහුණුකාර ධූරයකට රිංගීමට තිලකරත්න ඩිල්ෂාන් දරණ උත්සාහයයි.

තම බිරියත් සමග නිතර නාමල් රාජපක්ෂ මුණ ගැසෙන ඔහු මේ වන විට අවුරුදු 19 න් පහළ ජාතික කණ්ඩායමේ පුහුණුකරු වීමට හරීන් හා ෂම්මිට දිනපතා බලපෑම් කරවමින් සිටින බව වාර්තා වේ.

දේශපාලනඥයන්ගේ කර පිටින් මෙසේ ක්‍රිකට් වලට රිංගා ගත් කිසිවකු තමන්ගේ බඩ වඩා ගැනීමට මිසක් ක්‍රිකට් දියුණුව වෙනුවෙන් කළ කෙංගෙඩියක් නොමැත.

මොවුන් කරන්නේ දේශපාලනයෙන් ක්‍රිකට් වලට රිංගා ක්‍රිකට් කාබාසිනියා කිරීම පමණය.

කූරපයියට හෙණ ගැසූ කල කිල්ලෝටයට අහවල් දෙයක් වී ඇතිදැයි බැලීමේ තේරුමක් නැතිවා වන්නට පුලුවන. දේශපාලනයෙන් විනාශ වී ගිය රටේ ක්‍රිකට් විතරක් බේරෙන්නේ නැත.

එහෙත් ක්‍රිකට් යනු මිනිස්සුන්ගේ ප්‍රාර්ථනා පුරවාලන විශාල අවකාශයක් බව මේ තුප්ප දේශපාලකයින් හා කණ්ඩායමේ තැන බේරාගන්නට උන් පස්සේ යන පණ්ඩකයින් තේරුම් ගතයුතුය.

මේ දෙපාර්ශවයම එකට තබා මිනිස්සුන්ට කියා තලා ගන්නට උත්සාහ නොකළ යුතුබව අපේ විශ්වාසයයි.

එහෙම තැලෙන විට රිදෙන බව කලින්ම මේ අයට මතක් කරන්නේ ඒ නිසාය.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

විසිවෙන ඔළුගෙඩි ගණනින් පොහොට්ටුවේ මතය නියෝජනයකරන ජන පදනම වෙනස් වෙන්නෙ නෑ… පොහොට්ටුවෙන් ප්‍රතිචාරයක්!

Next Post

වී කිලෝවක නිශ්පාදන වියදම 120යි… මහ මෝල්ලු වී කිලෝ එක ගන්නේ 100ට… මෙහෙව් හූරා කෑමකට ඉඩ දෙනවා නම් මුන්ගේ ආණ්ඩු මොකට ද?… පොලොන්නරුවේ වී ගොවීහු අසති!

Related Posts

සමාජ

ඉතාලි අගමැතිනිය ඉලක්ක කරගත් ට්‍රම්ප්ගේ පුරුදු අශිෂ්ඨත්වය ඉතාලි – ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් කුඩු කළ හැටි…

ජූනි 20, 2026
පුවත්

අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

ජූනි 19, 2026
homuz
සමාජ

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!
  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.