ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා දේශපාලන බලපෑම් දරුණු අන්දමින් සිදු කෙරෙන බව අප රටේ සැබෑ ක්‍රිකට් උන්මාදයෙන් පෙළෙන ලක්ෂ සංඛ්‍යාත පිරිස් බොහෝ දෙනා නොදනී.
එක දිගට බිංදු ගසද්දී දසුන් චානක තවමත් කණ්ඩායමේ රැඳී සිටින්නේ නාමල් රාජපක්ෂගේ බලපෑමෙන් බව දන්නෝ ස්වල්පය.
මීට පෙර ලෝක කුසලාන තරගාවලියකට ජීවන් මෙන්ඩිස් ගියේත් ඔහුගේ පන්ති සගයා වන නාමල්ගේ උදව්වෙනි.
යම් යම් අවස්ථාවල ධම්මික ප්‍රසාද් කණ්ඩායමට රිංගුවේත් හම්බන්තොට පදිංචි වී නාමල්ට කැන්වසින් කිරීමේ ප්‍රථිපලයක් ලෙසය.
තිරිමාන්න පවා මේ කැන්වසින් වල ප්‍රතිඵල වලින් වාසි ලබා ගත්තේය.
තේරීම් කමිටු වල සිටින්නේ පඹයන් ය. දක්ෂයන්ට තැන නොලැබෙන්නේත් අදක්ෂයන් හා කල් ඉක්මවූ ක්‍රීඩකයන් දිගින් දිගටම කණ්ඩායමේ රැඳී සිටින්නේ මේ නිසාය. කුප්‍රකට ක්‍රීඩක ඒජන්තයන් දෙතුන් දෙනෙකු මොවුන්ගේ ගජ මිතුරන් ය. එනිසා ඔවුන්ගේ ක්‍රීඩකයන් පහසුවෙන් ඉවත් කෙරෙන්නේද නැත.
සනත් ආවා කියා වෙනසක් නොවන්නේ ඔහුද දේශපාලන පත්වීමක් නිසාය. ඔහුට කළ හැකි දේ වූයේ ක්‍රීඩකයන්ගේ කොණ්ඩා කපා ඩයි ඉවත් කර කරාබු ගැලවීම පමණි.
තව සමහර ක්‍රීඩකයන් ඇතැම් ඇමතිවරුන් හා ඔවුන්ගේ බිරියන්ගේ අනුග්‍රහයෙන් කණ්ඩායමේ රැඳී සිටිති.
ඇතැම් ක්‍රීඩකයන් ස්ථානයක් දිනා ගන්නට සාගල රත්නායක පසුපසද යන බව නොරහසකි.
අලුත්ම ජවනිකාව නම් තම දියණියත් ජාතික කනිෂ්ඨ කණ්ඩායමක රිංගවා තමනුත් ක්‍රිකට් ආයතනයේ පුහුණුකාර ධූරයකට රිංගීමට තිලකරත්න ඩිල්ෂාන් දරණ උත්සාහයයි.
තම බිරියත් සමග නිතර නාමල් රාජපක්ෂ මුණ ගැසෙන ඔහු මේ වන විට අවුරුදු 19 න් පහළ ජාතික කණ්ඩායමේ පුහුණුකරු වීමට හරීන් හා ෂම්මිට දිනපතා බලපෑම් කරවමින් සිටින බව වාර්තා වේ.
දේශපාලනඥයන්ගේ කර පිටින් මෙසේ ක්‍රිකට් වලට රිංගා ගත් කිසිවකු තමන්ගේ බඩ වඩා ගැනීමට මිසක් ක්‍රිකට් දියුණුව වෙනුවෙන් කළ කෙංගෙඩියක් නොමැත.
මොවුන් කරන්නේ දේශපාලනයෙන් ක්‍රිකට් වලට රිංගා ක්‍රිකට් කාබාසිනියා කිරීම පමණය.
කූරපයියට හෙණ ගැසූ කල කිල්ලෝටයට අහවල් දෙයක් වී ඇතිදැයි බැලීමේ තේරුමක් නැතිවා වන්නට පුලුවන. දේශපාලනයෙන් විනාශ වී ගිය රටේ ක්‍රිකට් විතරක් බේරෙන්නේ නැත.
එහෙත් ක්‍රිකට් යනු මිනිස්සුන්ගේ ප්‍රාර්ථනා පුරවාලන විශාල අවකාශයක් බව මේ තුප්ප දේශපාලකයින් හා කණ්ඩායමේ තැන බේරාගන්නට උන් පස්සේ යන පණ්ඩකයින් තේරුම් ගතයුතුය.
මේ දෙපාර්ශවයම එකට තබා මිනිස්සුන්ට කියා තලා ගන්නට උත්සාහ නොකළ යුතුබව අපේ විශ්වාසයයි.
එහෙම තැලෙන විට රිදෙන බව කලින්ම මේ අයට මතක් කරන්නේ ඒ නිසාය.







