බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

කවුද ඩෝ අපේ ඇමති තුමාට තර්ජනය කරපු එකා…

by editor
දෙසැම්බර් 22, 2023
in සමාජ
Share on FacebookShare on Twitter

ජානක ලියනආරච්චි –

ඊයේ මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් ජනාධිපති කාර්යාලයේ පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාව අපව තිගස්වන සුළුය.  සාකච්ඡාවේ දී  බොහෝම උණුසුම් ලෙස මේ දිවනල පැවැත්වෙන පාතාල සහ මත්ද්‍රව්‍ය මර්ධන මෙහෙයුම් ගැන කතා වූයේය.

මාධ්‍ය හමුවේ දී ටිරාන් මෙසේ කීවේය.

සමහර අය පොලිසියේ වැඩ විවේචනය කරනවා. සමහර අය හිතනවා . බලපෑම් වලට නවත්වයි කියලා. නෑ එහෙම වෙන්නේ නෑ. මේක පටන් ගන්න කලින් මම ජනාධිපති තුමා හමුවුනා. එතුමාට විස්තරය කිව්වා.  එතුමා කිව්වේ මොකක්ද?. මට ඕන කුඩුයි පාතලෙයි මේ රටෙන් තුරන් කරන්න. ඔයා ඕන ඇක්ෂන් එකක් ගන්න. මට කියන්න ඒකට ඕන දෙයක්  මොනවා හරි තියනවා නම්.   මට ඒක කියන්න. ජනාධිපතිතුමයි මමයි ඉන්නකම් මම හිතන්නේ නෑ කාටවත් බලපෑම් කරලා මේක නවත්වන්න පුලුවන් වේවි කියලා.”

“කුඩු බෙදා හරින ජාලය සහ ඊට සම්බන්ධ පාතාලය ඉලක්ක කරගෙන මේ මෙහෙයුම දියත් කරලා තියෙන්නේ. බුද්ධි අංශවලින් හදලා තිබුණා 4665ක ලිස්ට් එකක්. මම කිව්වේ මේ සියලු දෙනාම ගන්න. මේ දවස් හතර ඇතුළෙ ඒ ලිස්ට් එකෙන් 731ක් අරන් තියනවා. තවත් අයව අහුවෙනවා ලිස්ට් එකේ නැති අය හම්බවෙනවා. ඒ ඔක්කෛාම එක්ක 8451ක් අත් අඩංගුවට අරන් තියනවා ඊයේ රෑ 12 වෙනකොට.”

“නත්තලට දවස් දෙකක් සහ අලුත් අවුරුද්දට දවසක් විතරයි මෙහෙයුම නවත්වන්නේ. අපි මේක දිගටම කරනවා.”

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මාධ්‍ය හමුව අවසාන අවස්ථවේ දී මාධ්‍යවේදියෙක් ඇමතිවරයා විමසුවේය.  මෙහෙම අත් අඩංගුවට අරගෙන යද්දි යද්දි ඔබතුමාට කාගෙන්වත් කෝල් එන එකක් නෑ නේද?.

ඇමතිවරයා මෙසේ කීවේය. “ කෝල් ආවොත් මම ආන්සර් කරනවා. කෝල් එනවනේ මට හැම තැනින්ම. මම හැම කෝල් එකකටම ආන්සර් කරනවා. ”

“තර්ජන ආවොත්.”

“ඒවත් ආන්සර් කරනවා… ඒවට කියන්න තියන දේවල් කියනවා. ඉතින් ඒක හින්දා ඒක ප්‍රශ්නයක් නෑ.”

ඇමතිතුමා මාධ්‍ය සාකච්ඡාව නිමා කළේ එසේය.

මාධ්‍ය හමුව පැවැත්වුයේ ජනාධිපති ලේකම් කාර්යාලය තුළය. සාකච්ඡාව අවසානයේ අමුත්තන් ගේ කාමරයට ඇමති තුමාව රැගෙන ගියේ තේ පැන් සංග්‍රහය සදහාය. ජනාධිපති මාධ්‍ය අංශයේ නිලධාරින් සමග ඇමතිවරයා  තේ පානය කරමින් සිටින අතර හරියටම මධ්‍යහන 12.08ට ඇමතිවරයාගේ  දුරකතනයට ඇමතුමක් ඇවිත් තිබිණි.  ඇමතුම ඇවිත් තිබුණේ විදෙස්ගත පාතාලයෙකුගෙනි.

ඇමතිවරයා දුරකථනයේ ස්පිකර් ඕන් කළේය.  එක් ක්ෂණයකින්  මහින්දානන් අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්වරයා  මේ දුරකථන සංවාදය පටිගත කර කළේය.   මහින්දානන්ද අමතිවරයාගේ මාධ්‍ය ලේකම් පටිගත කරනු ලැබූ සංවාදය දැන් සමාජ මාධ්‍යවල වයිරල්ය. මේ ඒ ඇමතුමේ කොටසක් දෙරණ ප්‍රවෘත්ති ජාලය පල කර තිබුණු ආකාරය ය.

තර්ජනය එන්නේ  මාධ්‍ය සාකච්ඡාව අවසන් වී විනාඩි 05ක් යන්නටත් පෙරය. තර්ජනය එන්නේ විදේශ රටක සිට ය.

එම දුරකතන ඇමතුම ලබාදුන් පුද්ගලයා මුලින්ම විමසා සිටියේ අමාත්‍යවරයා මාධ්‍ය  හමුවේදී පාතාල නායකයන් මරාදමන බවට තර්ජනය කලේ කෙසේද යන්නය.

තමා ප්‍රකාශ කලේ එවැන්නක් නොව පාතාලයට එරෙහි මෙහෙයුමේදී පාතාලය පොලීසියට එරෙහිව ක්‍රියාත්මක වීමට උත්සාහළකලහොත් එවිට උපරිම බලය යෙදීමට පසුබට නොවන බව පමණක් යැයි ඇමතිවරයා කීවේය. අනතුරුව දීර්ඝ කතා බහකි.  ඇමතුම්කරු  කීවේ  තව පෝය හතෙන් අපි ඔයාගැන බලගන්නම් කියාය.

“පෝය හතක් නෙමේ දෙකෙන් මම මේක ඉවර කරන්නම් , පුලුවන් දෙයක් කරන්න” ඇමතිවරයා කීවේය.

මුලින් කි ලෙස ඒ සංවාදය දැන් වයිරල්ය.

කෙසේ වෙතත් දැන් අප ඉන්නේ බලවත් කම්පාවෙනි. මක්නිසා ද යත් ටිරාන් අලස් මහජන ආරක්ෂක ඇමතිවරයා ය. ඒ කියන්නේ අපේ ඇමතිවරයා ය. අපේ ඇමතිවරයා මාධ්‍ය සාකච්ඡාව පැවැත්වූයේ ජනාධිපති ලේකම් කාර්යාලය තුළය. එම මාධ්‍ය සාකච්ඡාව සජීවීවි එකක් නොවේ. ජනාධිපති මාධ්‍ය අංශය විසින් එහි නිල වශයෙන් මාධ්‍යයට  නිකුත් වෙන්නටත් පෙර, මාධ්‍ය සාකච්ඡාව අවසන් වී විනාඩි පහක් යන්නට ප්‍රථම මාධ්‍ය සාකච්ඡාවේ දී ද සංවාදයට ලක්වූ කරුණු ඇතුළත් වන ආකාරය පිළිබඳ ඉඟි කරන  ප්‍රශ්න කිරීමක් විදේශගත පාතාලයෙකුගෙන් අපේ ඇමතිතුමා වෙත එල්ල වන්නේය.

අපව තිගස්වන්නේ  එවැනි  මාධ්‍ය සාකච්ඡාවක් නිමා වී විනාඩි 05ක් යන්නට පෙර අපේ ඇමති තුමාට විදේශ පාතාලයෙක් තර්ජනය කිරීමය. එසේ නම් මේ තොරතුරු විදේශ පාතාලයන් වෙත යවන උන් එතනට රැස් වූ ඒ කණ්ඩායම අතරම හිටියා වන්නටත් පුලුවන් යන්න අපේ හැඟීමය. ඒ තත්ත්වය භයානකය. ඒ සම්බන්ධව විමර්ශනයක් කිරීම වඩාත් හොඳ යැයි අවධාරණය කළ යුත්තේ ඒ නිසාය.

ඇමතිවරයා ස්පීකර් ඔන් කර සංවාදය අවට අයට ඇසෙන්නට සැලැස්වීමත් මහින්දානන්ද ඇමතිතුමාගේ මාධ්‍ය ලේකම්තුමා එය පටිගත කර මාධ්‍යයට මුදා හරින්නට කටයුතු කිරිමත් පැසසීමට ලක් කළ යුත්තේ අපේ ඇමති තුමා ජාතිය වෙනුවෙන් මෙවැනි මෙහෙයුම් කරන්නේ මේ තරම් ජීවිත තර්ජන සහිතව ජීවිත පරිත්‍යාගයෙන් බව මේ රටේ උන් දැනගත යුතු නිසාය.

යළිත් අවධාරණය කළ යුතු කාරණාවක් තිබේ.  ටිරාන් අලස් මහජන ආරක්ෂක ඇමති තුමා   කියන්නේ අපේ ඇමති තුමා කියන එකය. කුඩු පාතාලය මර්ධනය කිරීමේ මෙහෙයුම අතර  තර්ජන සහිත ඇමතුම් ආවොත් කුමක් කරන්නේ දැයි    මාධ්‍යවේදීන් ඇමතිවරයා විමසීමෙන් පසු නිම කළ මාධ්‍ය සාකච්ඡාවකින් එළියට බහින අපේ ඇමති තුමාට   පාතාලයෙක් තර්ජනය කර ඇත. ඇමති තුමා මාධ්‍යවේදියාගේ ප්‍රශ්නයට ප්‍රායෝගිකවම උත්තර දීමට අවස්ථාව ලැබුණේය.

ඒත් පාතාලයන් මේ  ආකාරයෙන් තර්ජනය කිරීම පට්ට කුජීතය .

කවුද ඩෝ අපේ ඇමතිතුමාට තර්ජනය කළ එකා…

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

නව අමාත්‍යාංශ ලේකම්වරු දස දෙනෙක් පත් වෙති!

Next Post

එක ගුරුවරියකට ගුරුවරු දෙදෙනෙක් පෙම් කරලා…  දෙදෙනාට උදව් කරන ගුරුවරු පිල් දෙකකට බෙදිලා ළමයි ඉස්සරහ ගහගෙන… එක් ගුරුවරයෙක් රෝහලේ…

Related Posts

සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
dengue-death
සමාජ

ආණ්ඩු පඩංගු කරන ඩෙංගු…

ජූලි 5, 2026
සමාජ

ෆේස්බුක් හි සැරිසරන රුසියානු හිතවාදී ලාංකික පිටු පිළිබඳ  අධ්‍යනයක්!

ජූලි 1, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.