අද දින ජනාධිපතිවරයා විසින් නව අමාත්‍යාංශ ලේකම්වරුන් 10 දෙනෙක් පත් කර ඇත.
අධ්‍යාපන, අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ, ජල සම්පාදන හා වතු යටිතල පහසුකම්, රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන, වාරිමාර්ග, පරිසර, විදුලිබල හා බලශක්ති, ප්‍රවාහන හා මහාමාර්ග, තාක්ෂණ යන අමාත්‍යාංශ 10ට මෙම ලේකම්වරු පත් කර තිබේ.
අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ධූරයට වසන්තා පෙරේරා ද, අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් ධූරයට එන්. එම්. රණසිංහ වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ධූරයට ගුණදාස සමරසිංහ ද පත් කර තිබේ.
එමෙන්ම ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් ධූරයට ඒ. සී. මොහොමඩ් නෆීල් ද, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පලන අමාත්‍යාංශයේ ලේකම් ධූරයට ඩබ්. පී. පී. යසරත්න ද, වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ධූරයට සමන් දර්ශන පාඬිකෝරාල පත් කර ඇත
තවද පරිසර අමාත්‍යාංශයේ ලේකම් ධූරයට බී. කේ. පී. චන්ද්‍රකීර්ති ද, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් ධූරයට ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන ද, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ධූරයට ඉංජිනේරු. රංජිත් රූබසිංහ ද, තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ධූරයට ධර්මසිරි කුමාරතුංග ද පත් කර තිබේ.