සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

ඒඩ්ස් නොදන්නා කාලේ ලංකාවේ පළමු ඒඩ්ස් රෝගියාට සාත්තු කළ හෙදිය කියන කතාව!

by editor
නොවැම්බර් 29, 2022
in සමාජ
Share on FacebookShare on Twitter

සංවාද සටහන 
ශ්‍රියානි විජේසිංහ –

ලංකාවේ මුල්ම ඒඩ්ස් රෝගියා හමුවන්නේ වර්ෂ 1987 දී ය. ඒ වනවිට ලංකාව ඒඩ්ස් යනු කුමක්දැයි දන්නේත් නැත. අසා තිබුණේත් නැත. එඩ්ස් රෝගියාගේ රෝගී තත්ත්වය තහවුරු කරගැනීමත් සංකීර්ණ ක්‍රියාවලියක වූයේය.  බෙහෙත් රටේ තිබුණේ නැත. පිටරට සිටි ඥාතීහු ඔහුට අවශ්‍ය සියලුම ඖෂධ එවා තිබුණත් දේශීය වෛද්‍ය ප්‍රතිකර්ම  කරන්නට ටිකට් කපාගෙන රැගෙන ගිය රෝගියා ටික දිනකින් මියගියේය.

මෙරට ප්‍රථම ඒඩ්ස් රෝගියාට සාත්තු කිරීමේ වගකීම පැවරී තිබුනේ එවකට හෙද සිසුවියක් ලෙස පුහුණුව ලබමින් සිටි  ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ හෙද සොයුරි ජී.ඩී. දයානි සමරසේන ය. ඒ අතීත අත්දැකීම සිහි කරමින් ඇය ලංකාසර හා කෙටි පිළිසඳරකට එක්වන්නේ මෙසේය.

ශ්‍රී  ජයවර්ධනපුර රෝහලේ හෙද සොයුරි ජී.ඩී. දයානි සමරසේන

 ප්‍රශ්නය –  මුල්ම ඒඩ්ස් රෝගියාට ප්‍රතිකාර කළ හෙද නිලධාරිනිය ලෙස ලැබූ අත්දැකීම පැහැදිලි කළොත් ?

පිළිතුර – මුල්ම ඒඩ්ස් රෝගියා ජයවර්ධනපුර රෝහල වෙත රැගෙන ආවේ 1987 වසරේදි. ඒ වෙනකොට මම සිසු  හෙදියක් ලෙස කටයුතු කළා. 

මේ රෝගියා 1987 පෙබරවාරි මාසයේ රෝහලට ඇතුළත් කළේ උණ රෝගියෙකු විදිහටයි. මොහු  ලංකාවේ තියෙන පෞද්ගලික රෝහලකට සැත්කමක්  සඳහා ඇතුළත් කරලා තිබුණා . සැත්කමෙන් අනතුරුව මේ රෝගී තරුණයාට  උණ වැලදුණා. 

මේ උණ මාසයකට වැඩි කාලක් පැවතුණා. කොපමණ බෙහෙත් කළත්  උණ සුව නොවන්නේ ඇයිද කියලා විමසමින් පෞද්ගලික රෝහලේ ශල්‍ය වෛද්‍යවරයා ජයවර්ධනපුර රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය එච්.එච්.ආර් සමරසිංහ මහතා වෙත  මෙම රෝගියාව යොමුකළා. 

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ඒ වෙනකොට රෝගියාට කළ යුතු සියලු පරික්ෂණ කරලා තිබුණා. තවත් කරන්න පරික්ෂණ ඉතිරිවෙලා තිබුණේ නැහැ. කොහොම නමුත් රෝහලට ඇතුළත් කළ පසුව රෝගියාගේ ලේ සහ මුත්‍රා පරික්ෂාවක් කලා .ඒ පරික්ෂණ වාර්තාවන් වලත්  වෙනසක් හඳුනා ගන්න තිබුණේ නැහැ. 

‍ප්‍රශ්නය –  මේ තරම් පරික්ෂණ කළත් එච්අයිවී සඳහා පරික්ෂා කර තිබුණේ නැතිද?

පිළිතුර –  ඒ වෙනකොට එච්අයිවී කියන වයිරසය ලෝකයට අලුත් දෙයක්. ලංකාව  ඒ වයිරසය ගැන දන්නේවත් නැහැ. අපි සිසු හෙදියන් විදිහට අහලවත්  තිබුනේ නැහැ. 

ප්‍රශ්නය – එච්අයිවී කියලා අවසානයේ සොයා ගත්තේ කහොමද?

පිළිතුර – ඒ කාලේ මේ වගේ තාක්ෂණය දියුණු නැහැ. විශේෂඥ වෛද්‍යවරු දැනුම අලුත් කර ගත්තේ විදේශරටවල මුද්‍රණය කරන වෛද්‍ය සඟරා මගින්. 

අපේ විශේෂඥ වෛද්‍ය සමරසිංහ  කියවපු වෛද්‍ය සඟරාවක ඒඩ්ස් රෝගියෙකුගේ   පපුවේ ගත් එක්ස්කිරණ ඡායාරූපයක් පළකර තිබුණා. මේ ඡායාරූපයෙන් පෙන්නුම් කර තිබුණේ නියුමෝනියා තත්ත්වයක්. මෙය    “නියුමෝසිස්ටික් කැරිනයි නියුමෝනියා”     තත්ත්වයක්.   

මේ විෂබීජය පරිසරයේ පැවතියත් සාමාන්‍ය මිනිසුන්ට හැදෙන්නේ නැහැ. මොකද ඒ විෂබීජය මැඩ පවත්වන්න අපේ ඇගේ හොඳ ප්‍රතිශක්තියක් තියෙන නිසා. කොහොම හරි විශේෂඥ වෛද්‍යවරයා මේ රෝගියාගේ පපුවේ එක්ස්කිරණ ඡායාරූපයක් ගත්තා. මෙම එක්ස් කිරණ  ඡායාරූපය සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා වෙනසක් තිබුණා. 

ඒ නිසා මෙහි වෙනස් තවදුරටත් තහවුරු කර ගැනීමට සතරසිංහ මහතා ලංකාවේ සිටින එක්ස් කිරණ පිලිබඳ විශේෂඥවරයෙක් වෙත යොමුකර තිබුණා. ඔහු සඳහන් කර තිබුණේ බරවා රෝග ලක්ෂණ පෙන්නුම් කරන බවක්. 

නමුත් සමරසිංහ විශේෂඥවරයාගේ හිතේ මැවිලා තිබුණා අර සඟරාවේ පලවෙලා  තිබුණ ඒඩ්ස් රෝගියාගේ  ඡායා පිටපත ගැන. ඒ නිසා ඔහු තීරණය කළා මේ රෝගියා ගෙ  රුධිර සාම්පලයක් එච්අයිවී සඳහා පරික්ෂාවට යොමු කරන්න. 

ඒ අනුව රෝගියාගේ රුධිර සාම්පලක් එච්අයිවී පරීක්ෂාව සඳහා ලිංගාශ්‍රිත රෝග මර්දනය ඒකකයට යොමුකළා.  එහෙම යොමුකළ රුධිර සාම්පලය තුළ එච්අයිවී වයිරසය තිබෙන බව තහවුරු වුණ. ඒ තහවුරුන් වීමත්  සමග මේ රෝගියාව පරික්ෂා කිරීමට  වෛද්‍යවරුන් පිරිස්   ශ්‍රී ජයවර්ධනපුර රෝහලට පැමිණියා.

ප්‍රශ්නය – එච්අවයිවී බව තහවුරු වුණාට පසුව ප්‍රතිකාර ආරම්භ කලාද?

පිළිතුර –  එක් රුධිර සාම්පලයක එච්අයිවී වයිරසය තිබුණ නිසාම ප්‍රතිකාර ආරම්භ කළේ නැහැ. එය තවදුරටත් තහවුරු කර ගන්න තායිලන්තයට  සහ ඔස්ට්‍රේරිලියාවට යැව්වා. එහි ප්‍රතිඵල එන්නත් සති කීපයක් ගත වුණා. ඒ ප්‍රතිඵත් තහවුරු කළා මේ පුද්ගලයාට එච්අයිවී වයිරසය ශරීරගතව තිබෙන බව.

ප්‍රශ්නය –  ඒච්අයිවී වෛරසය  ශරීර ගත වූ පසුව මේ පුද්ගලයාගේ කිසිදු රෝග ලක්ෂණයක් මතු වුණේ නැතිද?

පිළිතුර – වයිරසය  ශරීර ගතවූ පසුව කිසිම රෝග ලක්ෂණයන් පෙන්නුම් කළේ නැහැ. එකම රෝගයයි පෙන්නුවේ… ඒ උණ රෝගය පමණයි. මේ වයිරසය ශරීර ගත වූ පසුව රෝග ලක්ෂණ පිට කරන්න ඇතැම් පුද්ගලයින්ට වසර 10ක් පමණ ගත වන අවස්ථාවන්ද තියෙනවා.

ප්‍රශ්නය –  මේ රෝගියාට ඒඩ්ස් වැලඳී ඇති බව දැනගත් පසුව එම රෝගියාට සාත්තු කළ හෙදිය ලෙස ඔබට බියක් ඇති වුණේ නැතිද?

පිළිතුර – ඇත්තෙන්ම ඒ රෝගය අපිට අලුත් රෝගයක්. අපි දැනගෙන තිබුණෙත් නැහැ මෙවැනි රෝගයක් ගැන .අහලා තිබුණෙත් නැහැ. ඒ නිසා බියක් ඇති වුණේ නැහැ. 

කොහොම හරි මම පුහුණුවන සිසු හෙදියක් විදිහට මේ රෝගියා  සෝදා පිරිසිදු කරන්නත් මට පැවරුණා. ඒ අපේ රාජකාරියේ එක් කොටසක්.

ප්‍රශ්නය –  ඒඩ්ස් රෝගය සදහා අවශ්‍ය ඖෂධ   ප්‍රතිකාර ලබා දුන්නාද?

පිළිතුර – ප්‍රතිකාර සඳහා අවශ්‍ය ඖෂධ සියල්ලම විදේශයක සිටි රෝගියාගේ ඥාතීන් ඒව්වා. මොහු කාලක් විදේශගත සිට පැමිණි පුද්ගලයෙක් .මැණික් ව්‍යාපාරිකයෙක් .කොහොම නමුත් පසුව මේ රෝගියාට සිංහල වෙදකම් කරන්න කියලා පවුලේ අය අරගෙන ගියා. පසුව අපිට දැනගන්න  ලැබුණා ඔහු මිය ගිය බව.

ප්‍රශ්නය- අද වන විට  අපට එච්අයිවී ඒඩ්ස් කියන්නේ අලුත් රෝගයක් නොවෙයි .දැනට මේ රෝගයට ගොදුරුවෙලා සිටින සහ ඉදිරියේදී ගොදුරුවීමට වැඩි අවදානමක්  පවතින පුද්ගලයින්ට ලබා දිය හැකි පණිවිඩය කුමක්ද?

පිළිතුර – අනාරක්ෂිත ලිංගික හැසිරීම්වල නොයෙදෙන්න කියලයි මට කියන්න තියෙන්නේ. යම් හේතුවකින් ඔබ අනාරක්ෂිත ලිංගික කටයුත්තක නිරත වුවහොත් වහාම  එච්අයිවී සඳහා රුධිර පරික්ෂණයක් කරගන්න. 

ඇතැම් අවස්ථවාවන් වලදී පළමු පරික්ෂණයෙන්  හා දෙවන පරික්ෂණයෙන්  නෙගටිව් වුනත්  තුන්වන පරික්ෂණයෙන් ඔබ පොසිටිව් වෙන්න පුලුවන්. 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉන්දියාවේ විදේශ විනිමය සංචිතය ඉහළටම

Next Post

පාර්ලිමේන්තුව බණමඩුවක් වෙයි… රනිල් සජිත්ට පරාභව සූත්‍රයෙන් බණ කියයි!

Related Posts

සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
dengue-death
සමාජ

ආණ්ඩු පඩංගු කරන ඩෙංගු…

ජූලි 5, 2026
සමාජ

ෆේස්බුක් හි සැරිසරන රුසියානු හිතවාදී ලාංකික පිටු පිළිබඳ  අධ්‍යනයක්!

ජූලි 1, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.