ඉන්දියානු සංචිත බැංකුවේ විදේශ විනිමය සංචිත නොවැම්බර් 18න් අවසන් වූ සතිය තුළ ඩොලර් බිලියන 2.5කින් වැඩි වී බැංකුවේ සංචිත ඩොලර් බිලියන 547.25ක් තෙක් ඉහළ ගොස් ඇතැයි නවතම දත්ත පෙන්වා දෙයි.
නවතම දත්ත මැයි මාසයේ සිට සංචිත බැංකුවේ සංචිත අඛණ්ඩව සති දෙකක් සඳහා ඉහළ ගිය පළමු අවස්ථාව සටහන් කරයි. නොවැම්බර් 11න් අවසන් වූ සතිය තුළදී සංචිත ඩොලර් බිලියන 14.7කින් ඉහළ ගොස් ඇත.
බොහෝ දුරට මහ බැංකුවේ විදේශ මුදල් වත්කම්වල වැඩිවීම නිසා පසුගිය සතියේ සංචිතවල වැඩිවීම ඩොලර් බිලියන 1.8 සිට ඩොලර් බිලියන 484.29දක්වා වර්ධනය වී අතිබේ. එහෙත් නොවැම්බර් 18න් අවසන් වූ සතිය තුළ රුපියල, එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 1කින් අවප්‍රමාණය වී ඇකි අතර මේ දක්වා 2022 දී දේශීය මුද් ඩොලරයට සාපේක්ෂව සියයට 9කින් පහත වැටී ඇත.
මහ බැංකු මැදිහත්වීම, ඩොලරයේ වත්කම් හා රන් අගය ඉහළ යාම මධ්‍යයේ ඉන්දියාවේ විදේශ විනිමය සංචිත අඛණ්ඩව දෙවන සතිය සඳහා ද ඉහළ ගිය බව එච්ඩීඑෆ්සී සුරැකුම්පත් පර්යේෂණ විශ්ලේෂක දිලිප් පරමාර් පැවසීය.
“මැයි 27න් පසු පළමු වතාවට විදේශ විනිමය සංචිත සති දෙකක් අඛණ්ඩව ඉහළට ගොස් තිබේ..” ඔහු පවසයි.