බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය

කුවේට් ඉතිහාසයේ තුන්වැනි අඩුම ධූරකාලය නිමා කරමින් අවසන් ගමන් ගිය කුවේට් එමීර්වරයා…

Sheikh Mishal al-Ahmad al-Sabah named as successor

by editor
දෙසැම්බර් 16, 2023
in ජීවිතය
Share on FacebookShare on Twitter

කුවේට් එමීර්වරයා වන ෂෙයික් නවාෆ් අල් අහමඩ් අල් ජබර් අල් සබා දිවි සැරියෙන් සමුගත්තේය. මිය යන විට ඔහු  86 වැනි වියේ පසු විය.

“ඉතා ශෝකයෙන් හා වේදනාවෙන්, අපි – කුවේට් ජනතාවට, අරාබි සහ ඉස්ලාමීය ජාතීන් සහ ලෝකයේ මිත්‍රශීලී ජනතාවට දැනුම් දෙමු. ඔවුන්ගේ ශ්‍රේෂ්ඨ එමිර්වරයා වන ෂෙයික් නවාෆ් අල් අහමඩ් අල් ජාබර් අල් සබා, අද  අභාවප්‍රාප්ත විය.

අමාත්‍ය ෂෙයික් මොහොමඩ් අබ්දුල්ලා අල්-සබා අද රාජ්‍ය රූපවාහිනියෙන් දැනුම් දුන්නේය.  එහෙත් ඔහු මරණයට හේතුවක් දැක්වූයේ නැත. රජයේ දෙපාර්තමේන්තු දින තුනක් වසා දැම්මේය. දින 40ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කළේය.

මේ වනවිට නව එමීර්වරයා නම් කර තිබේ. ඔහුත් 83න් හැවිරිදිය. ඔහු   ශෙයිකි මෙෂාල් අල් අහමඩ් අල් ජබීර් අල් සහාබ්ය.

ෂෙයික් නවාෆ් 1937 දී උපත ලැබූවේ    1921 සිට 1950 දක්වා කුවේටයේ නැසීගිය පාලකයා වූ ෂෙයික් අහමඩ් අල්-ජාබර් අල්-සබාගේ පස්වන පුත්‍රයා ලෙසය. ඔහු කුවේටයේ ද්විතීයික අධ්‍යාපනය ලැබූ නමුත් උසස් අධ්‍යාපනයට ගියේ නැත.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

කුවේට් ඉතිහාසයේ තුන්වැනි අඩුම ධූර කාලයක් ගත කළ ශෙරීෆ් වරයාය.  ඔහු කුවේට් එමීර්වරයා ලෙස දිවුරුම් දුන්නේ පසුගිය 2020 වසරේ දීය. ඒ කුවේට් එමීර් ධූරය දරමින් සිටි ඔහුගේ අඩ සොයුරාවන ෂෙයික් සබා අල්-අහ්මඩ් අල්-ජාබර් අල්-සබා වයස අවුරුදු 91ක් ආයු වළඳවා අභාවප්‍රාප්ත වීමෙන් අනතුරුවය.Sheikh-Nawaf-Al-Ahmad-Al-Sabah

අභාවප්‍රාප්ත ශෙරීෆ් වරයා වූ ෂෙයික් නවාෆ් 1990 දී ඉරාක හමුදා කුවේටය ආක්‍රමණය කරන වකවානුව වනවිට කුවේටයේ ආරක්ෂක ඇමතිවරයා ය. සන්නද්ධ කණ්ඩායම්වල අභියෝග හමුවේ ඔහු අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා ලෙස ද කටයුතු කළේය.

ෂෙයික් නවාෆ්  අල්-සබා පවුල තුළ  ජනප්‍රිය ජනතා නායකයෙක්  වූයේය.  නිහතමානී බව සඳහා කීර්තියක් ලබා සිටි ඔහුගේ  සරළ දිවි පැවැත්ම ජනතා ප්‍රසාදයට පත් වූයේය.

වසර තුනකට පෙර ෂෙයික් නවාෆ් එමීර්වරයා බවට පත් වූ  2020 දී  කුවේට් ආර්ථිකය පැවතියේ බරපතල පීඩනයකය. ඉන්ධන මිල බිඳවැටීමත් සමග  ජාත්‍යන්තර නියෝජිතායතන විසින් රටේ ණය ශ්‍රේණිගත කිරීම කපා හැර තිබිණි.  ගෝලීය වසංගතයක් වූ කොවිඩ් දැඩි ලෙස රටේ ආර්ථිකයට බලපෑම් කළේය.  මෙම ආර්ථික අර්බුදය  හරහා කුවේට් ආර්ථිකය මෙහෙයවීමට ඔහුට සිදු විය.

නොවැම්බර් මස අගදී, ෂෙයික් නවාෆ් නිශ්චිත රෝගාබාධයක් සඳහා රෝහල් ගත කළ බව රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය වන KUNA වාර්තා කළේය.   ෂෙයික් නවාෆ් ඔහුගේ පාලන සමයේදී වෛද්‍ය පරීක්ෂණ සහ වෙනත් ගැටලු වලට මුහුණ දෙමින් සිටියදී ඔහුගේ නියෝජ්‍ය නිලධාරියාට කිහිප වතාවක්ම බලය පවරා තිබිණි.

මේ වනවිට ඔහු අවසන් ගමන් ගොස්ය. ඔහුගේ අනුප්‍රාප්තිකයාත් ඔහු තරම්ම වියපත් පුද්ගලයෙකි.  සම්ප්‍රදාය අඛන්ඩව ගමන් කරමින් ඇත.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

යළිත් අහස උසට යන බිත්තර මිල බස්සන්න ආනයනික බිත්තර කෝටියක් සඳුදා වෙළෙඳපලට…

Next Post

කුඩු විකුණන එකෙක්වත් ඉතිරි කරන්නෙ නෑ… පොලිස් ඇමති වැඩ බලන පොලිස්පතිත් ලඟ තබාගෙන  පාතාලය සහ මත්කුඩු ජාවාරම නිමා කරන දින වකවානු කියයි!

Related Posts

කලා

ඇය තවත් නැත…

ජූලි 10, 2026
සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
සංස්කෘතිය

ජාතියේ අභිමානය ලේඛණගත කරන විශිෂ්ට ශාස්ත්‍රීය ප්‍රයාමයක තුන්වන අදියර – “උරුමයක අරුමය – දෙගල්දෝරුව“ හෙට එළි දකී…

ජූලි 6, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.