සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය කලා

මා නිර්මාණ කරන්නෙ පාඨකයාට වෙනත් සාහිත්‍ය අත්දැකීමක් ලබා දෙන්න

මංජුල සේනාරත්න

by editor
සැප්තැම්බර් 25, 2020
in කලා
Share on FacebookShare on Twitter
  • මා ලියන ශානරයට අයත් වෙන්නෙ සම්මානයට පාත්‍රවන ගැඹුරු සමාජ දේශපාලන අර්ථයක් සහිත කෘති නෙමෙයි. ඒ නිසාම සම්මාන ගැන අදහසක් නෑ…
  • නමුත් යහපත් නිර්මාණකරණයක යෙදෙන නවකයින් ඇගයීමට ලක් විය යුතුයි. එ්ත් ඔවුන්ට අවස්ථාව නෑ
  • හැමදාම සම්මාන ගන්න අමරකීර්තිලා සුනේත්‍රාලා සම්මානයට පාත්‍ර වුණා ඇති… ඔවුන්ට තවත් දිනගන්න දෙයක් නෑ…
  • ප්‍රංශයේ වගේ එක් වරක් සම්මානයට පාත්‍ර වූ නිර්මාණකරුවෙක් සම්මාන උළෙලවටල ඉදිරිපත් නොකිරීමෙ වැඩ පිළිවෙළක් අපේ රටට අවශ්‍යයි.

 

මංජුල සේනාරත්න සිංහල පාඨකයා වෙත නව මානකට යොමු කළ නවකතා කරුවෙකි. කෙටිකතා කරුවෙකි. පරිවර්තකයෙකි. සම්මාන උළෙල තුළ ප්‍රමාණික ඇගයීමකට ලක් නොවුනත් මංජුල නිර්මාණ කරුවෙක් ලෙස සිංහල පාඨක සමාජයේ හදවත තුළ සිටී. ලංකාසර මේ කෙටි සංවාද ඉඩ හසර මෙවර වෙන් වන්නේ ඔහු වෙනුවෙනි.

ඔබගේ 12 12 12 කෘතිය පසුගිය වසරේ වැඩිම අලෙවියක් පෙන්නුම් කළ කෘතියක්. බොහෝ දෙනා බලාපොරොත්තු වුණා එය සම්මාන උළෙලක ට නිර්දේශ වෙයි කියලා. එහෙත් අවසානයේ කිසිදු සම්මානයකට නිර්දේශ වුණේ නැහැ. කොහෙද වැරදුණේ …

මම හිතන්නේ නැහැ කිසිම තැනක වැරදීමක් වුණා කියලා. සමහර විට පොත සඳහා පාදක වී ඇති ශානරය වරදින්න ඇති. පොතක් ජනප්‍රිය වුණු පමණින් එය සම්මානයකට නිර්දේශ වන්නේ නැහැ. නිර්දේශ වුණු පොත් සමග සංසන්දනය කරන කොට මගේ පොත ඉහළ තත්වයක නොතිබුණා වෙන්න පුළුවන්. මේ පොත සාමාන්‍ය පාඨක රසවින්දනය වෙනුවෙන් ලියවුණු පොතක් විනා සාමාජිය , දේශපාලනික යතාර්ථවාදී පැතිකඩක් පෙන්නුම් කරන , පිළිගත් සාහිත්‍යමය අගයන්ගෙන් යුත් පොතක් නොවේ. මා විසින්ම මගේ පොත හෑල්ලුවට ලක් කරනවා නොවේ. එහෙත් මේ පොත සම්මාන දක්වා යයි කියා ලොකු බලාපොරොත්තුවක් මගේ හිතේ තිබුණේ නැහැ.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

අනෙක් අතට ත්‍රිලර් ශානරයේ පොත් මේ වගේ සම්මාන වලට නිර්දේශ වන්නේ නැති තරම්. ඒ ශානරයට පමණක් සම්මාන ලැබෙන The Thriller Awards, Edgar Awards, The Shamus වැනි සම්මාන උළෙල තිබෙනවා. ඒ නිසා මගේ පොත නිර්දේශ නොවුණා කියා කනගාටුවක් දැනුණේ නැහැ. කොහොම වුණත් සම්මානයක් දිනා ගන්න මම කැමතියි. ඒක හීනයක්. ඒ සදහා තවම අවස්ථාව පැමිණ නැතිව ඇති.

12 12 12 සහ ඔබේ අලුත් පොත. “බියුරෝ” ත් වෙනස් අත්දැකීම් වලින් පිරුණු පොත් දෙකක්. මෙවැනි පොත් ලිවීමේ අරමුණ කුමක්ද…?

එකම අරමුණ පාඨකයාට වෙනස් සාහිත්‍යමය අත්දැකීමක් ලබා දීම . අද ලාංකික පාඨකයින් බොහෝ දෙනෙක් පුරුදු වෙලා ඉන්නේ පරිවර්තන කෘති කියවන්න කියා කතාවක් තියනවා. ඒක ඇත්තද මම දන්නේ නැහැ. මම දන්න තරමට තවමත් ලංකාවේ වැඩිපුර අලෙවි වන්නේ ස්වතන්ත්‍ර. කොහොම වුනත් ස්වතන්ත්‍ර කියවන්න වැඩි දෙනෙක් පුරුදු වෙලා ඉන්නවා නම් එයට හේතුව වැඩි දෙනෙක් අලුත් සාහිත්‍ය අත්දැකීම් , නව සමාජ වටා පිටා , මෙතෙක් හමු නොවුණු චරිත සහ ඔවුන්ගේ දෛනික දිවිය වගේ දේවල් ගැන දැන ගන්න තිබෙන ආශාව. ඉතිං ස්වතන්ත්‍ර ලේඛකයෙක් විදිහට මම කැමතියි ඒ අත්දැකීම පාඨකයන්ට ලබා දෙන්න.

අලුත් පොත බියුරෝ හි කියන්නේ කවදාවත් කතා බහට ලක් නොවුණු මාතෘකාවක්. එහි ගැබ් වෙනවා රහස් ඔත්තු සේවය. ආගම් ඇදහීම. ලෝක ත්‍රස්තවාදය වගේ අපිට නොපුරුදු දේවල්. මෙවැනි විෂයන් ග්‍රහණය කර ගන්න මම කැමතියි.

ලංකාවේ සාහිත්‍ය සම්මාන ගැන ඔබේ අදහස කුමක්ද…?

විශේෂ අදහසක් නැහැ. ලෝකයේ කොයි රටකත් වගේ ජූරියක් ඉන්නවා. පොත් තෝරා ගන්නවා. සම්මාන දෙනවා. එකිනෙකා බැන ගන්නවා. මෙය හැම රටකටම වාගේ පොදු දෙයක් . නමුත් මම හුඟක් දේවල් දිහා දකින්නේ මම ජීවත් වන ප්‍රංශය සමග සාපේකෂව. ප්‍රංශයේ සාහිත්‍ය සම්මාන දෙන ආකාරය ගැන පොඩ්ඩක් කියන්න කැමතියි.

උදාහරණයක් ලෙසින් ප්‍රංශයේ වැදගත්ම සාහිත්‍ය සම්මානය වන “ගොන්කුර් ” සම්මානය ලබා දෙන්නේ ගොන්කුර් ඇකඩමිය මගින්. එය ස්වාධීන සංවිධානයක්. කිසිම කෙනෙකුට ඇඟිලි ගහන්න බැහැ . විශේෂයෙන් ප්‍රකාශකයින්ට. සම්මාන තෝරන ජුරිය වසර දෙකෙන් දෙකට මාරු වෙනවා. ඒ නිසා ආකල්ප වෙනස් වෙනවා. අනෙක් අතට මම දකින සුවිශේෂ දේ තමයි සම්මානය එක වරක් සම්මානය දිනා ගත් ලේඛකයෙකුට නැවත වරක් දිනා ගන්නට නොහැකි වීම. ඒ කියන්නේ ඔහුට තරගයට වත් ඉදිරිපත් වෙන්න බැහැ .

මගේ අදහස නම් මේ තත්වය ලංකාවේ ඇති කළ යුතුයි. හැමදාම අඩුම තරමින් එක වරක් දිනා ගත්ත දෙන්නෙක් ගේ නම් නිර්දේශ වෙනවා. ප්‍රවීණයෝ ඉඩ දිය යුතුයි තරුණයින් ට සම්මාන දිනා ගන්න. ලියනගේ අමරකීර්ති මහත්මයා මගේ ප්‍රියතම ලේඛකයෙක්. ඔහු මහාචාර්ය වරයෙක් . පරිවර්තකයෙක්. කීප වරක්ම සම්මාන ලාභී ලේඛකයෙක්. සාහිත්‍ය කවයේ නමක් දිනා ගත්ත උගතෙක්. මට නම් හිතෙන්නේ ඔහුට දිනා ගන්න දෙයක් තවත් ඉතිරි වෙලා නැහැ . ඇයි ඉතිං තව දුරටත් සම්මාන වලට ඉදිරිපත් වෙන්නේ.

සුනේත්‍රා රාජකරුණානායක මහත්මිය වුණත් එහෙමයි. මේ දෙන්නා ගෙන් කෙනෙක් අයින් වුණා නම් තරුණ ලේඛකයෙක් වන තරිඳු ලොකුගමගේ “වයර් පොටක සෞන්දර්යය ”   පොත නිර්දේශ වන්න තිබුණා . එසේ වුණා නම් එය ඔහුගේ සාහිත්‍ය ජිවිතයට ආලෝකයක් වෙන්න තිබුණා .

Manjula-Senarathna
මංජුල සේනාරත්න

යහපත් සාහිත්‍ය විචාරයක් නැති රටක හොඳ සාහිත්‍යයක් බිහි නොවන බව කියනවා. ඔබ හිතන්නේ කුමක්ද..?

විචාරය බිහි වෙන්නේ සාහිත්‍යයට පස්සේ. සාහිත්‍යය විචාරය යහමින් දියුණු වෙලා , වෘත්තියක් බවට පත් වෙලා ජන මාධ්‍ය වලට එක් වෙන්න පටන් ගත්තේ විසි වැනි ශත වර්ෂයේ මුල භාගයේ. එහෙත් ඊට කළින් ලෝකයේ මහා සාහිත්‍ය නිර්මාණ බිහි වුණා . අදටත් වැඩිය හොඳ නිර්මාණ බිහිවුණා.

මේ නිසා මම හිතන්නේ නැහැ විචාර කලාවට හෝ විචාරකයාට හැකියාවක් තියනවා කියලා හොඳ ලේඛකයෝ බිහි කරන්න. ලේඛකයෝ බිහි වෙන්නේ තවත් ලේඛකයන් නිසා. තමා කියවන අනෙක් ලේඛකයන්ගේ පොත් නිසා . විචාරකයින් නිසා නොවෙයි. අද දවසේ බොහෝ ප්‍රකට ලේඛකයින් තමන්ගේ පොත වලට ලියවෙන විචාර බලන්නේ නැහැ. ඒවා තමන්ට අදාළ නැති නිසා.

කොහොම වුණත් සාහිත්‍යය විචාර වැදගත් වෙනවා පොතේ අලෙවිය සඳහා. ප්‍රංශයේ නම් පිළිගත් පුවත් පතක සාහිත්‍ය විචාරයක් පළ වනවා කියන්නේ අඩුම තරමින් පිටපත් 10000 ක් අලෙවියක් ලැබෙනවා කියන එකයි. එනෙක මම කැමතියි ප්‍රංශයේ පවතින සාහිත්‍ය විචාර රීතියට. ප්‍රංශයේ සාහිත්‍ය විචාරකයින් තමන්ගේ කාර්යය වශයෙන් සළකන්නේ හොඳ පොත ගැන පාඨකයා දැනුවත් කිරීම. නරක පොත ගැන ලියවෙන්නේ නැහැ. පොතක නරක ලියා පළ කර පුවත් පතක පිටු නාස්ති කරන්නේ ඇයි ..? හොඳ පොත් ගැන පමණක් කතා කිරීම රීතියක්.

ඔබ නවකතා කරුවෙක් වගේම කෙටි කතා කරුවෙක්. මෑතක පටන් ඔබ මුහුණු පොතට කෙටි කතා ලියනවා. තවත් කෙටි කතා පොතක් පළ කරන්න අදහසක් නැතිද…?

නැහැ. මුහුණු පොතේ පළ වුණු කෙටි කතා ටික එකතු කර පොතක් වශයෙන් එලි දක්වන්න අදහසක් තියනවා. ඒ හැරෙන්න කෙටි කතා පොත් ලියන්න හිතන්නේ නැහැ. මේ මොහොතේ මගේ වැඩි බලාපොරොත්තුව නවකතා ලියන්නයි. නවකතා ලිවීමෙන් මම වැඩි ආශ්වාදයක් ලබනවා. තෘප්තියක් ලබනවා. අනෙක් අතට කෙටි කතා කියවන පාඨක පිරිස අඩුයි. අවංකවම කිව්වොත් මමත් කැමති නැහැ කෙටි කතා කියවන්න. මමත් කියවන්න අකමැති දෙයක් ලිවීමෙන් ඇති පලක් නැහැයි කියලා මට හිතෙනවා.

Share69Tweet43
Previous Post

මහාචාර්ය සෞම්‍ය ලියනගේ සියලු වගකීම් වලින් සහ මහාචාර්ය කමෙන් ඉවතට ඇද දමයි

Next Post

බඩඉරිගුවලින් රසවත් කෑම ගෙදරදී හදමු

Related Posts

කලා

ඇය තවත් නැත…

ජූලි 10, 2026
Carlos-Ray-“Chuck”-Norris,
කලා

යුගයක් නිමා කරමින් බැස ගිය අසම සම ක්‍රියාදාම තරුව – “චක් නොරිස්” ගැන පුංචි සටහනක්!

මාර්තු 20, 2026
කලා

චෙකොව් සන්ධ්‍යාව වසර 33 කට පසු යළිත් වේදිකාවට!

ජනවාරි 20, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.