බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බඩඉරිගුවලින් රසවත් කෑම ගෙදරදී හදමු

by editor
සැප්තැම්බර් 25, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

බඩඉරිගු කියන්නෙ ගුණයෙන් අනූන ධාන්‍ය ආහාරයක්. බඩරිගු මිශ්‍ර කර රසවත් කෑම වර්ග කීපයක් ගෙදරදීම හදා ගන්නා ආකාරය ගැන අප අද ඔබට කියන්න උත්සාහ කරනවා.

බඩ ඉරිඟු කිරිබත්

අවශ්‍ය ද්‍රව්‍ය

  • කැකුළු හාල් කෝප්ප  2ක්
    යාන්තමට තම්බාගත් ලපටි බඩ ඉරිඟු ඇට කෝප්ප  1 1/2ක්
    මිටිකිරි කෝප්ප 3 1/2ක්
    ලුණු ස්වල්පයක්

හාල් සෝදා සෝදා බත ඉදෙන්න අවශ්‍ය තරම් වතුර දාල ලිපේ  තබා බත බාගෙට තැම්බීගෙන එන විට බඩ ඉරිඟු ටික එයට එකතු කර ගන්න. බත හොඳට ඉදුණු පසු ලුණු කලවම් කරපු මිටි කිරි දමා හින්දගන්න.

බඩ ඉරිඟු වඩේ

අවශ්‍ය ද්‍රව්‍ය

  • තම්බා ගත් ඉරිඟු කෝප්පයක්
    සහල් පිටි කෝප්ප 1/3 ක්
    හීනියට කැපූ ලූණු ගෙඩියක්
    අමු මිරිස් කරල් දෙකක්
    මිරිස් කුඩු හැඳි 1/2ක්
    තලා ගත් ඉඟුරු හැඳි බාගයක්
    තලා ගත් සුදුළූණු බික් 2ක්
    සිහින්ව කැපූ කොත්තමල්ලි කිහිපයක්
    ලුණු
    වතුර ස්වල්පයක්
    තෙල්

බඳුනකට සහල් පිටි, ලූනු, මිරිස් කුඩු, ඉඟුරු, සුදුළූණු, කොත්තමල්ලි කොළ, ලුණු සහ වතුර ස්වල්පයක් එකතු හොඳින් මිශ්‍ර කර බෝල කරන්න. දැන් ගැඹුරු තෙලේ බැද ගන්න.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

බඩ ඉරිඟු මසාල කරිය

අවශ්‍ය ද්‍රව්‍ය

  • තම්බා ගත් බඩ බරිඟු කේප්ප දෙකක්
    දුරු ඇට තේ හැන්ඳක්
    ඔලිව් තෙල් තේ හැඳි 2 ක්
    සිහින්ව කැපූ ලූණු ගෙඩියක්
    තලා ගත් ඉඟුරු තේ හැඳි 1/2 ක්
    තලා ගත් සුදුළූණු බික් 4ක්
    මිරිස් කුඩු මේස හැඳි 1 1/2 ක්
    කහ තේ හැඳි 1/2ක්
    තුන පහ තේ හැඳි 2ක්
    ගරම් මසාලා තේ හැඳි ¼ක්
    ලුණු
    උණුසුම් කිරි කෝප්පයක ¼ ක්
    කොත්තමල්ලි කොල 5 -6 ක්
    කරපිංචා කොල 5-6 ක්
    ලොකුවට කැපූ තක්කාලි ගෙඩි 3ක්
    බටර් තේ හැන්ඳක්

බඳුනක් ගෙන තෙල්  දමා රත්  වූ පසු  එයට කරපිංචා, සුදු ලූණූ, ඉඟුරු, දුරු දමා මේපරාදු වීමට හරින්න. දැන් එයටම ලූණු එක් කර තෙම්පරාදූ වන විට තක්කාලි  දමා කවලම් කරමින් මද ගින්නේ පිසෙන්න හරින්න. එයට මිරිස් කුඩු, කහ, තුන පහ එක් කරමින් හොඳින් කලවම් කරන්න. මේ සියල්ල් හොඳින් පිසෙන්න හැර තව බටර් ටික එක් කර කලවම් කරමින් එයට ඉරිඟු සහ කිරි එක් කර ‍තෙම්පරාදු කරගන්න. විනාඩි 10 ක් පමණ තබා ගරාම් මසාලා, කොත්තමල්ලි සහ ලුණු එක්කර හොඳින් මිශ්‍ර කරන්න.

බඩ ඉරිඟු පැන් කේක්

අවශ්‍ය දේ

  • සිහින්ව කැපූ zucchiniගෙඩියක්
    ලුණු තේ හැන්ඳක්
    තම්බා ගත් බඩ ඉරිඟු කෝප්පයක්
    බීට් කර ගත් බිත්තර 4 ක්
    මින්චි කොල කිහිපයක්
    සිහින්ව කැපූ ලූණු ගෙඩියක්
    තලා ගත් සුදු ලූණු බික් 4ක්
    ගම්මිර්ස් කුඩු තේ හැන්ඳක්
    චෙඩාර් චීස් කේප්ප 1/2ක්
    පාන් පිටි කෝප්පයක්
    ඔලිව් තෙල් තේ හැඳි 2 ක්
    කඩල පිටි මේස හැඳි 5ක්

බඳුනකට zucchini,ඉරිඟු , බිත්තර, මින්චි කොල, සුදු ලූණු, ගම්මිරිස්කුඩු, ලුණු එක් කර කවලම් කරගන්න. දැන් එයට පාන් පිටි හා කඩල පිටි පිටි ටික ටික එකතු කර මිශ්‍රණයක් සාදා ගන්න. පැන් එකකට ඔලිව් තෙල් දමා රත් වූ පසු මිශ්‍රණයෙන් මේස හැන්ඳක් පමන ගෙන පෑන් එකට දමා පැතැලි කර ගන්න.

ඉරිඟු මෆින්

අවශ්‍ය ද්‍රව්‍ය

  • පාන් පිටි කෝප්ප 2ක්
    තැම්බු ඉරිඟු කෝප්පයක්
    බේකිං පවුඩර් තේ හැඳි 3/1ක්
    බේකිං සෝඩා තේ හැඳි 3/1ක්
    බිත්තර 2 ක්
    සීනි කේප්ප කාලක්
    උණු කර ගත් බටර් තේ හැඳි 8ක්
    ග්‍රීක යෝගට් මේස හැඳි භාගයක්
    කිරි කෝප්ප 1/2ක්

බඳුනකට බිත්තර, දිය වූ බටර්,සීනි සහ කිරි දමා හොඳින් බීට් කර ගන්න. එයට පාන් පිටි සහ ඉරිගු එක් කර නැවැත බීට් කරන්න. බෙකින් සෝඩා සහ බොකින් පවුඩඩර් එක් කරන්න.
මිශ්‍රණය මෆින් ට්‍රේ එකකට දමා ෆැරන්හයිට් 400 ප්‍රී හීට් කර ගත් අවන් එකේ විනාඩි 18 පමණ තබන්න.

බඩ ඉරිඟු කුකිස්

අවශ්‍ය ද්‍රව්‍ය

  • තම්බා හොඳින් වියලා ගත් හෝ ශීත කළ ඉරිගු කෝප්ප දෙකක්
    දුඹුරු සීනි සීනි කෝප්ප 1 1/2ක්
    බටර් ගෑම් 150 ක්
    බිත්තරයක්
    පාන් පිටි කෝප්ප 1 1/2ක්
    බේකිං පවුඩර් තේ හැඳි 3/1ක්

බඳුනකට දුඹුරු සීනි සහ බටර් දමා බීට් කර ගන්න. එයට බිත්තරය එක් කරමින් දැන් නැවත බීට් කරන්න. පිටි විටෙන් විට එක් කරමින් බීට් කර එයට ඉරිගු කවලම් කරමින් නැවැත බිට් කර ගන්න. බෙකින් පවුඩර් දමා කවලම් කර තලපයක් වූ පසු කුඩා බෝල කර යාන්තමින් පැතැලි කර බටර් ගා ගත් ට්‍රේ එකක් මත අසුරා  විනාඩි 10 පමණ වසා තබා  ෆැරන්හයි 350 ට විනාඩි 18ක් බේක් කරගන්න.

බඩ ඉරිඟු අයිස් ක්‍රීම්

අවශ්‍ය ද්‍රව්‍ය

  • තැම්බු ඉරිඟි කේප්ප 2ක්
    සිනි කෝප්පයක්
    කිරි කෝපප්යක්
    විප් ක්‍රීම් ග්‍රෑම් 200ක්
    වැනිලා මේස හැන්ඳක්

බඳුනකට ඉරිඟු, සිනි, කිරි හා විප් ක්‍රීම් දමා කවලම් කරන්න.එයට වැනිලා එක් කර කලවම් කර ගෙන ඉන් පසු අධි ශීතකරණයේ රැයක් තබා  රස කර බලන්න

Tags: නවතම
Share69Tweet43
Previous Post

මා නිර්මාණ කරන්නෙ පාඨකයාට වෙනත් සාහිත්‍ය අත්දැකීමක් ලබා දෙන්න

Next Post

මහා සංගීතඥ එස්.පී.බාලසුබ්‍රමනියම් කොවිඩ් ගොදුරක් වී ලොවෙන් සමු ගනී.

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.