බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය කලා

අවුරුදු 85ක ආච්චි අම්මෙකුට මෙහෙම රසික ප්‍රතිචාරයක් ලැබීම මොනතරම් සතුටක් ද? – නෙතලි නානායක්කාර

වීරයා ගෙදර ඇවිත් නාට්‍යයෙන් නැවතත් සම්මානිත වුණු අපි හැමෝගෙම ආච්චි අම්මා ලංකාසරට කී කතාව!

by editor
දෙසැම්බර් 2, 2021
in කලා
Share on FacebookShare on Twitter

තුෂාරී කළුබෝවිල

  • දරුවො පස් දෙනෙකුගෙ වැඩත් එක්ක රැකියාවෙ වැඩයි කලා කටයුතුයි කළා….

  • ඒ දවස්වල දූල 04 දෙනාටම ඇඳුම් මැහුවෙ මගෙ අතින්….

  • තරුණ දරුවො එක්ක නිර්මාණයක් කරද්දි ලොකු සතුටක් දැනෙනවා…

දෑස් අඳ, තරුණ හමුදා නිලධාරියාට දයානුකම්පාව පාමින්, තමා ද දෑස් අඳ බවින් යුතු ව අවිවාහක දියණිය සමඟ නිවසේ හුදෙකලා ව ගුවන්විදුලියෙන් පාළුව කාංසිය මකා ගනිමින් කාලය ගෙවූ ගැමි ආච්චි අම්මාගේ චරිතය යථාර්ථවාදී රංග ශෛලියකින් හෘදයංගමවත්, නිර්ව්‍යාජවත් නිරූපණය කිරීම උදෙසා “වීරයා ගෙදර ඇවිත්” නාට්‍යයේ විශිෂ්ට චරිත නිරූපණය අගයමින් මෙවර රූපවාහිනී කලා රාජ්‍ය සම්මාන උළෙලේදී ජූරියේ විශේෂ සම්මානය  ප්‍රතිභාපූර්ණ රංගවේදී කලාභූෂණ නෙතලි නානායක්කාර නම් ජ්‍යෙෂ්ඨ කලා ශිල්පිනිය වෙත පිරිනැමිණි. ඇය ඒ ගැන අප සමග කතාබහ කළා ය.

ජූරියේ විශේෂ සම්මානයෙන් පිදුම් ලද මෙහොත

“ආනන්ද අබේනායක අධ්‍යක්ෂණය කළ වීරයා ගෙදර ඇවිත් ටෙලි නාට්‍යයට සම්මාන 17ක් ලැබුණා. එයින් එකක් මටත් ලැබුණා. අධ්‍යක්ෂවරයා මට ඒ රඟපෑම සඳහා පූර්ණ නිදහස දුන්නා. මුලදි පිටපතක් දීලා, ඒක කියවලා, හොඳ පෙර සූදානමකින් තමයි ඒ රංගනයේ රූගත කිරීම් සඳහා අපි සම්බන්ධ වුණේ. රූගත කිරීම්වලදී අධ්‍යක්ෂවරයා ඔහුගේ කාර්ය දක්ෂ විදිහට කළා. මට වැඩිපුර ම ඒකේ රඟපාන්න තිබුණේ රොෂාන් රවින්ද්‍ර සහ චාන්දනී සෙනෙවිරත්න එක්කයි. ඒ දෙන්නාගෙන් හොඳ සහායක් මගේ චරිතයට ලැබුණු නිසා මගේ චරිතය සාර්ථක ව කරන්න මට හැකි වුණා.

කලාව සාමූහික ක්‍රියාවක ප්‍රතිඵලයක් නිසා හැමෝම එක වගේ තමන්ගේ කාර්ය කළොත් ඒ නිර්මාණය සාර්ථක වෙනවා. ඉතින් මට ගොඩාක් සතුටුයි. අවුරුදු 85ක් පිරෙන්න ඔන්න මෙන්න කියලා තිබියදීත් මට මේ වගේ සම්මාන ලැබීමට මම වාසනාවන්ත වුණා. නාට්‍යයේ මගේ චරිතයත් ටිකක් වෙනස් රඟපෑමක් වුණා. ඇස් අන්ධ ආච්චි අම්මා කෙනෙක් විදියට තමයි රඟපාන්න ලැබුණේ. මට ඉතින් වැඩිපුර ම ලැබෙන්නේ අම්මගෙ චරිත නැත්නම් ආච්චි අම්මගෙ චරිත තමයි. නමුත් ඒ චරිතය තුළ මට රඟපාන්න දෙයක් තිබුණා. ඒ නිසා මම ඒක බොහොම සතුටින් රඟපෑවා.

ඒ නාට්‍ය විකාශය වෙන කාලේ බොහෝ ප්‍රතිචාර ලැබුණා. පාරේ ගියත් මගතොටේදී හම්බවෙන අයගෙන් පුදුම විදිහට ආදරණීය ප්‍රතිචාර ලැබුණා. ආච්චි අම්මා කෙනෙක් වෙච්චි මට තාමත් පාර දිගේ රසික රසිකාවියන්ගේ ආදරේ ලැබෙන එකත් මොනතරම් සතුටක් ද. මාව මේ චරිතයට ගත්තාට ආනන්ද අබේනායකට ස්තුතියි. ඔහු ඉතා ම නිහඬ ව තමන්ගේ කටයුතු කරන කෙනෙක්. රඟපෑමේදී මොකක් හරි අඩුපඩුවක්, වරදක් වුණොත් ළඟට ඇවිත් අනිත් අයට ඇහෙන්නේවත් නැතිවෙන්න තමයි ඒ දේවල් කියන්නේ. කෑ කෝ ගහගෙන සද්ද බද්ද නෑ. අපට බොහොම ආදරයෙන්, ගෞරවයෙන් සැලකුවා. ඒ වගේ ම නිර්මාණ කාර්යයත් සාර්ථක ව කළා.”

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

 nethali
නෙතලි නානායක්කාර

නෙතලි නානායක්කාර අතිශය ජනාදරයට පත් වූයේ 1962 වසරේදී මුදලිනායක සෝමරත්න ලියූ ජනප්‍රිය ගුවන්විදුලි නාට්‍යයක් වන “මුවන්පැලැස්ස”හි ‘බිනරමලී’ ගේ චරිතයට හඬ රංගනයේ යෙදීමෙනි.

පරම්පරා කිහිපයක් සමග අදටත් අතිශය සාර්ථක හා දක්ෂ රංග කාර්යයක නිරත වන ඇය බෙහෙවින් ම සුහදශීලී තැනැත්තියකි.

1955 දී එච්.ඩී. විජේදාසගේ ‘විහිළු තහළු’ ගුවන් විදුලි වැඩසටහන ඔස්සේ ගුවන්විදුලි රංගයට පිවිසි ඇය ගුවන්විදුලියේ ළමා පිටියට පිවිසෙන්නේ වයස අවුරුදු 13දී පාසල් දැරියක ව සිටියදී ය. ගුවන්විදුලි හඬ කැවීම් ශිල්පිනියක් ලෙස ද ඇය දස්කම් පෑවා ය. ආනන්ද සිරිසේන ගේ අධ්‍යක්ෂණයෙන් “අසනි වැසි” ටෙලි නාට්‍ය රංගනයට එක් වූ ඇය එම රංගනය වෙනුවෙන් සිග්නීස් ඕ.සී.අයි.සී. සම්මානය ද දිනාගත්තා ය.

“ඒ කාලේ ගුවන් විදුලියට එන්න ලේසි නැහැ. පන්දම්වලින් එන්න පුළුවන් වුණෙත් නැහැ. ගුවන්විදුලියට එන්න නම් ඒ කාලේ හොඳට ම දක්ෂ වෙන්න ඕනේ. පාසල් වේදිකාවේ මගේ හැකියාව දැකලා මහත්තයෙක් මට ගුවන්විදුලියට යන්න අයදුම්පතක් ගෙනත් දුන්නා. මම බොහොම සතුටින් ඒ අයදුම්පත්‍රය දැම්මා. මූලික පරීක්ෂණවලින් සමත් වුණාට පස්සේ අවසාන පරීක්ෂණයේදී මාව පළමු ශ්‍රේණියේ ගුවන්විදුලි ශිල්පිනියක් ලෙස තේරුණා.“

“රූපවාහිනියේ සම්ප්‍රාප්තියත් එක්ක 80 දශකයෙහි වගේ මුවන්පැලැස්ස නාට්‍යයට අනුග්‍රාහකයෙක් සොයා ගන්න අමාරු වෙලා ඒ නාට්‍යයට බොහෝ බාධා ඇතිවුණා. ඊට පස්සේ ටෙලිනාට්‍ය රංගනයට පිවිසෙන්න අවස්ථාව ලැබුණා. මේ වෙනකොට ටෙලි නාට්‍ය 500ක විතර මම රඟපාලා ඇති. අද කාලේ හොඳ නිර්මාණ ගොඩක් අඩුයි. ඒ නිසා අපි වගේ අයට රඟපාන්න දේවලුත් නැහැ. තරුණ ළමයි එක්ක දවස ගෙවද්දි විනෝදාස්වාදයක් තියෙනවා. අවුරුදු එකහමාරක් විතර කිසි දේකට යන්න බැරුව ගෙදර හිරවුණා. කොවිඩ් වසංගත තත්ත්වය නිසා ළමයි යන්න දුන්නේ නැහැ.“

වීරයා ගෙදර ඇවිත් නාට්‍යයේ ජවනිකාවක්…

“වයස ගියත් අපට මේ ගේ ඇතුලේ භිරවෙලා ඉන්න පුරුද්දක් නෑ. බොහොම අමාරුවෙන් දරුවන්ගේ කැමැත්ත අරන් යන්තම් අලුත් නිර්මාණයකට සම්බන්ධ වුණා. වසංගතය නිසා “සකළ ගුරු” නාට්‍යයෙනුත් ඉවත් වුණා.”

1936 දෙසැම්බර් 26 වෙනිදා කිරිබත්ගොඩ දී උපත ලැබූ ඇය පමුණුවිල රෝමානු කතෝලික විද්‍යාලයෙන් සාමාන්‍ය පෙළ දක්වා ද අනතුරුව කැලණිය ගුරුකුළ විද්‍යාලයෙන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් උසස් පෙළ ද හැදෑරුවා ය. වැඩිමල් සහෝදරයෙක් සහ වැඩිමල් සහෝදරියන් දෙදෙනෙක් ද බාල සහෝදරයින් දෙදෙනෙකුට මැදිව පවුලේ සිව් වැනියා ලෙසින් උපත ලැබූ නෙතලි ඉගෙනීමට බොහෝ දස්කම් ඇති ශිෂ්‍යාවක් වූවාය.

උසස් පෙළ විභාගයෙන් පසුව විගණන ආයතනයක රැකියාවක නියුතු වූ ඇය එහි වසර තිස් තුනක පමණ කාලයක් සේවය කළා ය. ප්‍රවීණ සිනමා රංගවේදියකු වූ වොලී නානායක්කාර සමඟ ඇය වයස අවුරුදු 27 දී විවාහ දිවියට එළඹෙන්නීය. ඔවුන්ගේ වැඩිමල් හා එකම පුතු වන රවි නානායක්කාර වෛද්‍යවරයෙකි. රේණුකා, ශාමිකා සහ නිවුන් දැරියක් වන චන්දිකා සහ ඉන්දිකා යන දරු දැරියන් පස් දෙනාට නෙතලි දයාබර මව වූවාය.

“රැකියාවයි, දරුවෝ පස් දෙනෙකුගේ වැඩයි, ගෙදර වැඩයි එක්ක වේදිකාව, ගුවන්විදුලිය, ටෙලි නාට්‍ය, සිනමාව මේ හැම දෙයකට ම සම්බන්ධ වෙලා වැඩ කළා. දරුවෝ හොඳට ඉගෙන ගත්තා. පුතා  වෛද්‍යවරයෙක්. පුතාගේ  පුතා නිවේන් නනයක්කාර තමයි මගේ ගමන යන්න පටන් අරන් තියෙනේ. එයා පාසල් වේදිකාවේ දක්ෂයතම නළුවා සම්මාන ලැබුවා. මට පුදුම සතුටක් දැනනවා.

ඒ කාලේ මගේ දූලා හතරදෙනාට ම මගේ දෑතින් මහලා තමයි ගවුම් ඇන්දුවේ. මහා රෑ වෙනකන් මහනවා. හැම මොහොතක ම වැඩ කළා. කම්මැලිකම් තිබුණේ ම නෑ. ටීවී, රේඩියෝ ළග කාලය ගෙවුණේ නෑ. ඒ කාලේ ෆෝන් තිබුණෙත් නැති නිසා කාලයෙන් නිසි ප්‍රයෝජන ලැබුවා. ඒ කාලේ කම්මැලි නොවුණු නිසා අද සතුටින් ඉන්නවා.”

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඇමති ලේකම්වරයෙක් ලෙස පෙනී සිටි හරක් හොරෙක් ලුණුගම්වෙහෙර පොලිසියට කොටු!

Next Post

“කොවිඩ්වලින් රැකෙන ප්‍රවාහන පහසුකම් දීමට බැරිවීම ගැන රටක් ලෙස කණගාටුවිය යුතුයි”

Related Posts

Carlos-Ray-“Chuck”-Norris,
කලා

යුගයක් නිමා කරමින් බැස ගිය අසම සම ක්‍රියාදාම තරුව – “චක් නොරිස්” ගැන පුංචි සටහනක්!

මාර්තු 20, 2026
කලා

චෙකොව් සන්ධ්‍යාව වසර 33 කට පසු යළිත් වේදිකාවට!

ජනවාරි 20, 2026
කලා

මාලනියගේ අවසන් රංඟන පෙළහර සමග “මලකි දුවේ නුඹ” සිනමා කෘතිය 02 දා සිට දිවයින පුරා සිනමාහල්වල!

දෙසැම්බර් 29, 2025

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.