බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය කලා

ගජමෑන් අන්තර්ජාලයට මුදා හැරලා තියෙන්නෙ සල්ලි හොයන්න නෙමෙයි… යහපත් වැඩක් කඩාකප්පල් කරලා කාලකන්නි සතුටක් ලබන්න!

අන්තර්ජාලයේ යන්නෙ නියම ගජමෑන් නොවෙයි... නියම ගජමෑන් චිත්‍රපටය තියෙන්නෙ සිනමා ශාලාවල පමණයි...

by editor
පෙබරවාරි 17, 2023
in කලා
Share on FacebookShare on Twitter

තුෂාරී කළුබෝවිල – 

“ගජමෑන්” කැමිලස්ගේ ගජමෑන් ය. කැමිලස් පෙරේරා කාටූන් චිත්‍ර කලාවෙන් පුවත්පත් ලොව ජයගත් ප්‍රවීණ කලා ශිල්පියෙකි.

මේ දිනවල කාගෙත් කතා බහ ගජමෑන් ගැන ය.  ගජමෑන් කාටුන් නිර්මාණය බිහි කළ මුල් නිර්මාණකරුවා වන කැමිලස්ගේ අවසරය ඇති ව චානක පෙරේරාගේ අධ්‍යක්ෂණයෙන්, Studio 101 සඳහා ජෝන් ‍ෆොන්සේකා සහ චාමික ජිනදාසගේ සම නිෂ්පාදනයෙන් ගජමෑන් චිත්‍රපටයක් හැදුනේය. චිත්‍රපටයේ පිටපත් රචනය  ගාමින්ද ප්‍රියවිරාජ් සහ සුනෙත් චිත්‍රානන්දය.    හඬකැවීම් අධ්‍යක්ෂණයත් ඔවුන්ගේය.  චිත්‍රපටය ඔවුන්  දෙදෙනාගේ   හඬ කැවීම්වලින් ද ඔපවත් ය.  රවිහාන්ස් වැටකේපොතගේ පසුබිම් ගායනයෙන්ද අනුෂ්කා උදාන (වස්ති නිෂ්පාදන) ගීත රචනයෙන් ද නිසල් ගංගොඩගේ ගේ ශබ්ද නිර්මාණය සහ ප්‍රති-පටිගත මිශ්‍ර කිරීමෙන්ද දසුන් පතිරණ, පබෝධා සංදීපනී ගෙත් ඊට අමතරව නවකයන් රැසකගේත් චලන ග්‍රහණ රංගනයෙන් ද යුතු චලන ග්‍රහණ තාක්ෂණයෙන්  ත්‍රිමාණ සජීවකරණ කළ චිත්‍රපටයක්  ලෙස ගජමෑන් එළි දකින්නේය .

දැන් ගජමෑන් අන්තර්ජාලයට නීති විරෝධී ලෙස මුදා හැර ඇත්තේය. දැවැන්ත අයෝජනයක් සහිත නිශ්පාදනයක් වූ ගජමෑන් චිත්‍රපටයට සිදුවූ අකටයුත්ත කුමක් ද? ලංකසර සහෘදයින් වෙනුවෙන් අපි ගජමෑන් ගැන කතා කරන්නේ එහි පිටපත් රචනයට සහ හඬ කැවීම්වලින් සම්බන්ධ වුණු ගාමින්ද ප්‍රියවිරාජ් සමගයි. මේ ඒ කතාබහ යි.

ගාමින්ද ප්‍රියවිරාජ්

ප්‍රශ්නය –  ගජමෑන් චිත්‍රපටයට ඔබ මුලින් ම සම්බන්ධ වෙන්නේ කොහොම ද….?

පිළිතුර  –  “ගජමෑන් කාටූන් චිත්‍රපටය නිර්මාණය කිරීම සඳහා පිටපතක් ලියලා දෙන්න කියලා 2010 වර්ෂයේදී මට ආරාධනයක් ලැබුණා. මම සහ සුනෙත් එකතු වෙලා පිටපත ලියන්න පටන් ගත්තා. ගජමෑන් සහ අනෙකුත් චරිත අතර සම්බන්ධතාවයක් කැමිලස් මහත්මයා විසින් ම අප‍ට හදලා දුන්නා. ඒ අනුව අපි පිටපත ලියලා භාර දුන්නා. 2011, 2012 වෙනකොට චානක පෙරේරා මේ චිත්‍රපටයේ වැඩ පටන් ගත්තා. නිෂ්පාදන කටයුතු කරගෙන යද්දි කාලය ගොඩාක් ගත වුණා. ඒ අතරේ රටේ විටින් විට ඇතිවුණු දේශපාලන, ආර්ථික, සමාජ වෙනස්කම් එක්ක පිටපතේ යම් යම් ‍කොටස් හත් අට පාරක් ම වෙනස් කරන්න අපට සිද්ධ වුණා. 2019 මේ චිත්‍රපටය තිරගත කරන්න සූදානම් වුණා ම කොරෝනා ආවා. ඒකෙන් තවත් කාලයක් පහු වුණා. 2023 තිරගත කරන්න සූදානම් කරලා තිබියදීත් යම් යම් වෙනස්කම් කළා.”

ප්‍රශ්නය –   ගජමෑන් ත්‍රිමාණ චිත්‍රපටයක් බවට පත් කරන්න ඕනේ වුණේ කාටද…?

පිළිතුර – “චානක පෙරේරාට තමයි ඒ වුවමනාව තිබුණේ. චානක පොඩි කාලේ ඉඳලා කාටූන් නිර්මාණ බලලා ඒ වගේ නිර්මාණයක් කරන්න එයාට ආසාවක් තිබිලා තියෙනවා. ගජමෑන් ව තෝරගෙන තියෙන්නෙත් චානක ම යි. අලුතෙන් චරිතයක් ජනප්‍රිය කරවනවාට වඩා ජනප්‍රිය කාටූන් චරිතයක් ගන්න චානක තීරණය කරලා කැමිලස් පෙරේරා මහත්මයාගෙන් අවසරය අරගෙන ඇවිත් තමයි අපට පිටපත ලියන්න භාර දීලා හඬකැවීම් අධ්‍යක්ෂණය කරලා දෙන්න තියලා අපට භාර දුන්නේ.”

ප්‍රශ්නය –  ත්‍රිමාණ සිනමාව ශ්‍රී ලංකාවට අලුත් අත්දැකීමක් නිසා මේ නිර්මාණයේදී ඒ සම්බන්ධයෙන් මුහුණ පෑ අභියෝග මොනවාද….?

පිළිතුර –  “මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ චානක පෙරේරාට වුණත් ඒ ගැන ලොකු අත්දැකීමක් සහ දැනුමක් තිබුණෙත් නැහැ. එයාලත් පොතපත බලලා අන්තර්ජාලය හරහා ගත්ත දැනුමක් තමයි තිබුණේ. හැමෝම එකතු වෙලා දරපු උත්සාහයක සාර්ථක ප්‍රතිඵලයක් බවට ගජමෑන් පත්වුණා. ඒ ගැන සතුටුයි.”

ප්‍රශ්නය –  කාලය, ශ්‍රමයට අමතර ව දරන්නට සිදු වූ පිරිවැය මේ වගේ කාලෙක දරාගත්තේ කොහොමද…?

පිළිතුර –  “ත්‍රිමාණ පණගැන්වීම් සිදු කිරීම සඳහා අවශ්‍ය ඇඳුම්, කැමරා, අනෙකුත් උපකරණ ලංකාවේ තිබුණේ නැති නිසා ඒවා වෙන ම ගෙන්වන්න සිදු වුණා. ඒ සඳහා ලොකු වියදමක් ගියා. ඒවා ගෙන්නුවත් භාවිත කිරීමට හරිහමන් දැනුමක් තිබුණේ නැහැ. ඉතින් හැම දෙයක් ම ඉගෙන ගනිමින්, හදාරමින්, හඬකැවීම් නැවත නැවත සිදු කරමින්, ලොකු වෙහෙසක් සහ වියදමක් දරමින් තමයි මේ නිර්මාණය සාර්ථක කර ගත්තේ. චිත්‍රපටයේ වැඩ අවසන් කරන්න රුපියල් ලක්ෂ හත්සීයක්, අටසිය පණහක් විතර වියදම් වෙලා තියෙනවා. කොහොමහරි Studio 101 කණ්ඩායමට ඒ පිරිවැය ගජමෑන් චිත්‍රපට‍ය වෙනුවෙන් දරන්න සිද්ධ වෙලා තියෙනවා.”

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ප්‍රශ්නය –  ශ්‍රී ලංකාවේ සිනමාව කඩා වැටී ඇතැයි කියන මේ කාලේ මෙතරම් විශාල පිරිවැයක් පියවා ගන්න හැකියාවක් ලංකාවේ තියෙනවාද…?

පිළිතුර –  “ඇත්තට ම දැනටමත් ඒ ආදායම් තත්ත්වලට ඇවිල්ලා තියෙනවා. ලංකාවේ සිනමාව කඩා වැටිලා කියනවා නම් ඒකට සිනමාකරුවොත් වග කියන්න ඕනේ. ගොඩාක් අය චෝදනා කරන්නේ ටෙලිවිෂන් එකේ චිත්‍රප‍ට පෙන්වන නිසා, අන්තර්ජාලය හරහා චිත්‍රපට බලන්න පුළුවන් නිසා සිනමාව කඩා වැටිලා කියලා. ඒක ‍එහෙමයි කියලා කියන්න බැහැ. ඇමරිකාව වගේ රටවල්වල පැය විසි හතර පුරා ම චිත්‍රපට පෙන්වන චැනල් රාශියක් තියෙනවා. ඒවා ලංකාවෙත් බලන්න පුළුවන්කම තියෙනවා. එහෙම තිබුණා කියලා ‘ඇවටා’ වගේ චිත්‍රපටයක් සිනමා ශාලාවට ගිහිල්ලා බලන්නේ නැතුව ඉන්නේ නැහැනේ.

සිනමා ශාලාවකට ගිහිල්ලා සිනමා අත්දැකීම විඳින් කැමති අය ඒ සඳහා සිනමා ශාලාවකට යනවා. හොඳ නිර්මාණයක් නම් අනිවාර්යයෙන් ම මිනිස්සු ගිහිල්ලා බලනවා. සිනමා ශාලාවක චිත්‍රපටයක් නැරඹීමෙන් විඳින රසය ටෙලිවිෂන් එකෙන් විඳින්න බැහැ. ඒක වෙන ම මාධ්‍යයක්. බොහොම අත‍ළොස්සක් හිතනවා ඇති ෆොන් එකකින්, කම්පියුටර් තිරයකින්, ටෙලිවිෂන් එකෙන් චිත්‍රපටයක් බැලීම සිනමාව කියලා. ඒ වගේ අය ගැන ඉතින් කතා කරලා තේරුමක් නැහැ. ඒ අය කවදාවත් සිනමා ශාලාවකට ගිහින් චිත්‍රපට බලන අය නෙවෙයි.

නමුත් මිනිස්සු සිනමා ශාලාවලට එන්න කැමතියි. ඒක වෙන ම රසයක් සහ වෙන ම සංස්කෘතියක්. ඒ නිසා ඇත්තට ම සිනමාව කඩාවැටීමට ප්‍රධාන හේතුව විදිහට මම නම් දකින්නේ සිනමා ශාලාවකට ගිහිල්ලා බලන්න තරම් හොඳ නිර්මාණ බිහි නොවීම යි.

ගජමෑන් චිත්‍රපටය සිනමා ශාලාවල පෙන්වන්න පටන් ගත්තාට පස්සේ අපි ඒ තැන්වලට ගිහිල්ලා චිත්‍රපටය නරඹන්න ආව අය එක්ක කතා කළා. බොහෝ අය අපට කිව්ව දෙයක් තමයි එයාලා චිත්‍රපටයක් බලන්න සිනමා ශාලාවකට ඇවිත් තියෙන්නේ වසර දහයකට පහළොවකට විතර පස්සේ කියලා. එහෙම හොඳ දෙයක්, මිනිස්සුන්ට සතුටු වෙන්න පුළුවන් නිර්මාණයක් කළොත් මිනිස්සු සිනමා ශාලාවලට එනවා. අපේ සිනමාවේ බොහෝ අය අඩු වියදමට මොකක් හරි එහෙන් මෙහෙන් පටිගත කරලා සිනමාව කියලා සිනමා ශාලාවලට දානවා. මිනිස්සු ඒවා බලන්න එන්නේ නැති වුණා ම දොස් කියනවා. නැත්නම් සිනමාව කඩා වැටිලා කියනවා.”

ප්‍රශ්නය –  ශ්‍රී ලංකාවේ ප්‍රේක්ෂකයින්ට මේ අලුත් අත්දැකීම විඳින්න පහසුකම් තිබෙනවා ද…?

පිළිතුර – “ලංකාවේ ඇත්තට ම ත්‍රීඩී පෙන්වන්න පුළුවන් සිනමා ශාලා නැහැ. ගජමෑන් පෙන්වන්නේ සිනමා ශාලා ස්ථාන 22ක පමණයි. ත්‍රීඩී සිනමා ශාලා නැති ප්‍රධාන නගර පවා තියෙනවා. ඒක මේ වගේ සිනමාවකට ප්‍රශ්නයක් තමයි. නමුත් ගජමෑන් පෙන්වන සිනමා ශාලාවල සෙනග ඉන්නවා. ආදායම් උපයනවා.”

ප්‍රශ්නය –  සමාජ මාධ්‍ය ජාලවලට මේ චිත්‍රපටය ගියේ කොහොමද…?

පිළිතුර –  “ඒක කොහොමද වුණේ කියන්න අපි දන්නේ නෑ. අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඒ ගැන පරික්ෂණ ආරම්භ කරලා තියෙනවා. දැනටමත් බොහෝ දෙනෙක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවලා ප්‍රශ්න කරලා තියෙනවා. සමහර අයගේ ෆේස්බුක්, යූටියුබ් අත්හිටුවලා තියෙනවා. කොහොම වුණත් 2010 මුල් ම පිටපත ලිව්වාට පස්සේ අවස්ථා කිහිපයකදී ඒක වෙනස් කළා. අපි මුලින් ම ලියපු නිර්මාණය නෙවෙයි අද මේ තිරගත වෙන්නේ. අන්තර්ජාලයේ මේ දවස්වල සැරිසරන්නේ දැන් සිනමා ශාලාවල තිරගත වන ගජමෑන් නෙවෙයි.

2017 විතර අපි කළ එකක්. මේ නියම චිත්‍රපටය තිරගත කරන්න සති දෙකකට විතර කලිනුත් අපි හඬකැවීම් වෙනස් කළා. ඒ නිසා ප්‍රේක්ෂකයින්ට දුක් වෙන්න කලබල වෙන්න දෙයක් නැහැ. අපේ නියම නිර්මාණයට ඒ නිසා ලොකු බලපෑමක් වෙලත් නෑ. ඒකෙන් තවත් සිනමා ශාලාවලට සෙනග වැඩි වීමක් මිස අඩු වීමක් වෙලා නැහැ. නියම ගජමෑන් නිර්මාණය මේ දවස්වල පෙන්වන්නේ සිනමා ශාලාවල විතරයි. සිනමා ශාලාවකට ඇවිල්ලා, ත්‍රීඩී කණ්ණාඩි දාලා, නියම ශබ්ද එක්ක මේ චිත්‍රපටය නැරඹුවොත් විතරයි නියම රසයක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ඇවිත් හිතේ හැටියට පවුලේ සියලු දෙනා එක්ක රසවිඳින්න, විනෝද වෙන්න කියලා තමයි මට සිනමා සහෘදයින්ට කියන්න තියෙන්නේ.”

ප්‍රශ්නය –  මේ වගේ නිර්මාණ මංකොල්ලාකෑම් නිර්මාණකරුවන්ට ලොකු බලපෑමක් නේද…?

පිළිතුර –  “ඔව් ඇත්තට ම මේ වගේ බුද්ධිමය නිර්මාණ මංකොල්ලාකෑම අතිශය කණගාටුදායක තත්ත්වයක්. මේ විදිහට සමාජ මාධ්‍ය හරහා පෙන්නුවා කියලා එයාලාට ලැබෙන දේකුත් නැහැ. මේක මුදාහැරලා තියෙන්නේ ලොකුවට සල්ලි හොයන මාධ්‍යවලිනුත් නෙවෙයි. හරිහමන් චැනල් එකක් කරන කෙනෙක් මෙහෙම වැඩක් කොහොමටත් කරන්නේ නැහැ. මොකද එයාලාගේ චැනල් එකට ඒක හොඳ නැති නිසා. මේක සල්ලි හොයන්න කරපු වැඩක් වෙන්න බැහැ.

සිනමා ශාලාවල ඔරිජිනල් චිත්‍රපටයට මේ දවස්වල හොඳට ම ආදායම තියෙනවා. ඒ නිසා අපට සමාජ මාධ්‍යවල පරණ ගජමෑන් පිටපතක් ප්‍රචාරය වීම නිසා බලපෑමක් නැහැ. නමුත් මේ ක්‍රියාව අපි තරයේ හෙලා දකිනවා. ඉතා ම නින්දිත වැඩක්. කවුරුහරි මහන්සිවෙලා කරපු වැඩක් විනාශ කරලා ඒකෙන් කාලකණ්ණි සතුටක් ලැබීමක් හැර මේකේ වෙන දෙයක් නම් ඇත්තේ ම නෑ. ගජමෑන් සමාජ මාධ්‍යවලට මුදා හැරීමෙන් කාලකණ්ණි සතුටක් ලබනවා. එච්චරයි. ඒකෙන් අපටවත්, අපේ නිර්මාණයටවත් බලපෑමක් නැති බව ගජමෑන් බලන්න සිනමා ශාලාවලට එක් රොක්වන ප්‍රේක්ෂක ජනතාව සාක්ෂි දරනවා.”

ප්‍රශ්නය –  ගජමෑන් සමාජ මාධ්‍ය ජාලවලට මුදා හැරීම ඔයාලාගේ ම මාර්කටින් වැඩක් ද….?

පිළිතුර –  “අපි තමයි ඒ ගැන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළේ.

ප්‍රශ්නය –   ඊළඟ පියවර මොකක්ද…?

පිළිතුර –  “බොහෝදුරට ගජමෑන් දෙවන චිත්‍රපටයක් එන්න ඉඩ තියෙනවා. තවම තීරණයක් අරන් නැහැ.”

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පොලිස් වාහනවලට ටයර් බැටරි දාන්නත් පොලිස්පති කෝටි 4ක් මැතිවරණ කොමිසමෙන් ඉල්ලයි!

Next Post

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල චීන බාධකය මඟ හැර ශ්‍රි ලංකාවට  ණය  දීම ගැන බලයි!

Related Posts

Carlos-Ray-“Chuck”-Norris,
කලා

යුගයක් නිමා කරමින් බැස ගිය අසම සම ක්‍රියාදාම තරුව – “චක් නොරිස්” ගැන පුංචි සටහනක්!

මාර්තු 20, 2026
කලා

චෙකොව් සන්ධ්‍යාව වසර 33 කට පසු යළිත් වේදිකාවට!

ජනවාරි 20, 2026
කලා

මාලනියගේ අවසන් රංඟන පෙළහර සමග “මලකි දුවේ නුඹ” සිනමා කෘතිය 02 දා සිට දිවයින පුරා සිනමාහල්වල!

දෙසැම්බර් 29, 2025

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.