ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාළ රාජකාරී ගමන් සඳහා දැනට පොලිසියේ පවතින වාහන අබලන්ව අති බැවින් ඒවායේ බැටරි සහ ටයර් දැමීම ඇතුළු නඩත්තු කටයුතු සඳහා දැනට ඉල්ලා ඇති මුදලට අතිරේකව තවත් රුපියල් මිලියන 41ක් මැතිවරණ කොමිසමෙන් ඉල්ලා ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.
පොලිස්පතිවරයා විසින් මේ වනවිට මැතිවරණ කොමිසම වෙත අදාළ ලිපිය යවා ඇති බව සඳහන් වේ.
මීට පෙර අවස්ථාවලදී එවැනි අතිරේක ප්‍රතිපාදන වාහන නඩත්තුව වෙනුවෙන් ලබා දීමට හෝ ලබා ගැනීමට ක්‍රියා නොකළද මෙවර මෙලෙසින් පොලිස්පතිවරයා මැතිවරණ කොමිසම වෙතින් මෙම ඉල්ලීම කර ඇත්තේ 2018 වසරේ පළාත් පාලන මැතිවරණයට වැය කළ මුදලට සාපෙක්ෂව තුන් ගුණයකට වඩා වැඩි ඇස්තමෙන්තුවක් ද ඉදිරිපත් කිරීමට අමතරවය.
පොලිස් දෙපාර්තමේන්තුව විසින් මෙවර පළාත් පාලන මැතිවරණයට අදාල රාජකාරී වියදම් ලෙස රුපියල් මිලියන 280ක මුදලක් ඉල්ලා තිබූ අතර එයද ප්‍රවාහනයට අදාල වියදම් ඇතුළත් කර තිබුණි.
කෙසේ වුවද පොලිසියේ වාහනවල බැටරි , ටයර් ඇතුළු අලුත්වැඩියා සඳහා මෙලෙස විශේෂිත ඇස්තමේන්තුවක් අතිරේකව ඉදිරිපත් කර ඇති බව සඳහන් වේ.