සුමිත් පොතුපිටිය –
පයාගල ප්‍රදේශයේ නිවසක දින හතක් වයසැති බිළිඳියක් පොලොවේ ගසා ඝාතනය කළ බවට ලද තොරතුරක් මත පරීක්ෂණ ආරම්භ කර ඇතැයි පයාගල පොලිසිය පවසයි .
ඝාතනය සම්බන්ධයෙන් සැකපිට බිළිඳියගේ මව අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය සදහන් කරයි.
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ පයාගල,හල්කඳවිල , කැන්දගහවිල ප්‍රදේශයේ පදිංචිව සිටි 28 හැවිරිදි කාන්තාවකට දාව පසුගිය 9 දා නාගොඩ ශික්ෂණ රෝහලේදී උපත ලද නිවුන් බිළිඳියන් දෙදෙනාගේ බාල දියණිය බව සදහන් වේ.
සිද්ධිය සම්බන්ධයෙන් බිළිඳියගේ 28 හැවිරිදි මව සැකපිට අද (17) පයාගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මව්පිය දෙදෙනා බිළිදියන්හට නම් තැබීම සදහා ඉකුත් 15 දා ජෝතීර් වේදියෙකු හමුවීම සඳහා ගොස් නිවසට පැමිණීමෙන් පසු ඝාතනය සිදුවන්නට ඇති බවට සැකපලකරන බව පොලිසිය කීය.
එදින පස්වරුවේ බිළිඳිය ඇඳෙන් වැටුණු බව සඳහන් කරමින් කළුතර ශීක්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර, මරණය සම්බන්ධයෙන් සැක සිතී කරන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේදී දැරිය ඝාතනයට ලක්ව ඇති බවට හෙළි වීමෙන් පසු බිළිඳියගේ මව අත්අඩංගුවට ගත්බව පොලිසිය කීය.
දැරියගේ මව බිළිඳියගේ නහය අවස්ථා තුනකදී මිරිකා ඇති බවට තොරතුරු ලැබී ඇතැයිද අනාවරණය වේ.
අඹුසැමි යුවළ මීට වසර තුනකට පෙර විවාහ වී ඇති බවත්, ඔවුන්ගේ කුළුදුල් දරු උපත මෙය බවත් සඳහන් වේ.
සැකකාර මව කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
ජේෂ්ඨ පොලිස් අධිකාරී කපිල ප්‍රේමදාස , සහකාර පොලිස් අධිකාරී දුමින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බණ්ඩාර ගේ උපදෙස් පරිදි අපරාධ සහ ළමා කාර්‍යාංශ නිළධාරීනියන් පරීක්ෂණ පවත්වති.