සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home කොලම

උපාලි තෙන්නකෝන් – ඇමෙරිකාවේ සිට ලියයි -01

සවිර - ප්‍රවීණ පුවත් පත් කතුවරයකුගේ සති පතා දැක්ම

by editor
දෙසැම්බර් 23, 2020
in කොලම
Share on FacebookShare on Twitter

හැට නව ලක්ෂයට වෛර නොකරන්න

තවත් අය – වැය විවාදයක් පාර්ලිමේන්තුවේදී නොබෝ දා නිමාවට පත්විය. එහි පැවති කතාවලට නැවත සවන් දෙනවිට රටකට මොකද වුණේ යන ප්‍රශ්නය ඕනෑම කෙනෙකුට ඉබේටම ඇති වෙනවාට කිසිම සැකයක් නැත. තවත් කෙනෙකුට එම ප්‍රශ්නය වෙනස් ආකාරයකට මතු විය හැකිය. සියල්ල විග්‍රහ වන්නේ තම තම ණැන පමණිනි. මේ ඒ පිළිබඳව ඇති කරන සංවාදයක් නොවේ.

පසුගිය දිනවල වරින්වර අනුර කුමාර දිසානායක, කබීර් හෂීම්, සජිත් ප්‍රේමදාස, නාමල් රාජපක්ෂ, සරත් ෆොන්සේකා, ඇස්. රාසමාණික්කම්, නලින් බණ්ඩාර ජයමහ, ගජේන්ද්‍රකුමාර් සහ විජිත හේරත් ඇතුළු  මන්ත්‍රීවරු විශාල පිරිසකගේ කතාවලට සවන් දුන්නෙමි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට උචිත සේ කරුණු සහිතව ශික්ෂිත කතාවක් කළා නම් ඒ මන්ත්‍රීවරු කිහිප දෙනෙකි.   විශාල පිරිසක් කතා කළේ මොනවාදැයි සිහි වන විට ඇතිවන්නේ බලවත් කම්පාවකි. ඔවුන්ගෙන් බහුතරය රජයට සම්බන්ධ අය වීම මෙම කම්පාව තවත් තියුණු කරයි.

ඉතාම වැදගත් කරුණු සහිතව රජයේ වැරදි අඩුපාඩු සහ ව්‍යවස්ථාව පවා අපයෝජනයට පත් කරන ආකාරය පෙන්වා දෙමින් අනුර කුමාර දිසානායක   කළ කතා කීපයක් මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුය. ඒත් මේ කතාවලින් මතුවන කාරණාවලට සිදුවන්නේ කුමක්ද? මේවා හුදු කතා   පමණක් ද? එවැනිම තවත් කතාවක්  මට මතකය. නමුත් පාර්ලිමේන්තුවේ දී රාජ්‍යයේ ව්‍යවස්ථා අපයෝජනය සම්බන්ධව මතුවන කාරණාත් හුදු වාග් ප්‍රලාප සේ සුළඟේ වනවා නම් එහි අර්ථය කුමක් ද?

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මිනිස්සු මෙපමණම නොතේරුම් සහගතව සිටිත් දැයි නොවැටහේ. පුදුමය ඇස්පනාපිට පෙනෙන ව්‍යාජය යාවත්කාලීන වීමය. මේ ව්‍යාජය ඔස්සේ තව කෙතෙක් දුරක් යා හැකි වේදැයි වැටහෙන්නේ නැත. සමාජය මේ ඇත්ත තේරුම් ගන්න බව නොපෙනේ.

මේ තත්වය ආකාස්මිකව පහළ වූවා නොවේ. පසුගිය වසර 72 කටත් වැඩි කාලයක් තිස්සේ සිදුවූයේත් මෙයය. ඒ කාලය පුරාමත් මේ සමාජ විවරණය තිබිණි. ඒ බුද්ධිම සංවාදය මහා සමාජය ස්ඵර්ෂ නොකර ගමන් කළේය.

අද ඇස්පනා පිට පෙනෙන්නේත් එයය. පාලකයින්ට අවශ්‍ය මෙවැනි බුද්ධි හීන ජනතාවකි. එවැනි ජන සමාජයක් ඇති තාක් මායාවක් මවනන්ටවත් උත්සාහ කළ යුතු නැත. මෙතෙක් කල් පවත්වාගෙන පැමිණි ප්‍රාථමික බොරුවක ඉතා සුළු සංස්කරණ පමණක් මේ මනුෂ්‍යයන් වෙනුවෙන් ප්‍රමාණවත්ය. එහෙත් රට අගාධයකය. ජන සමාජය ඒ අගාධයෙහි පත්ළෙහිය. ඉන් ගොඩ ඒමට කිසිවෙකුට අදහසක් නැත.

එවැනි රටක ආණ්ඩුවකට තුනෙන් දෙකක බලයක් ගන්නට පුළුවන. 20 වැනි සංශෝධනයක් සම්මත කරගන්නටද පුළුවන. එහෙත් ඉන් රටටවන  සෙතක් නැත. ජනතාවටවන ලාභයක් නැත. නමුත් ඒ කිසිවක් ඒ මිනිස්සුන්ට අදාල නැත. වැඩ කිරීමට බලතල අවශ්‍ය බව ඔවුහුම කියති.

මිනිසුන් අසරණ වනු දැක ඇත්තෙමි. එහෙත් ඔවුන් මේ තරමටම දුගී චින්තනයක් සහිත  වහලුන් වෙන්නේ කෙසේ දැයි නොදනිමි. මෙවැනි ජනතාවක් සහිත රටක් යනුම අභාග්‍යයකි.   දළ රළ නැගෙන සයුරෙක රුවල් බිඳී හසරක් නොදැක පාවෙන නැවකත් මේ රටත් අතර වෙනසක් නොදකිිමි.

ආර්ථිකයේ කිසිම පාලනයක් නැත. රටේ නිශ්පාදන ආර්ථිකයක් නැත. අපනයන ආර්ථිකය බිඳ වැටෙමිනි. ලෝකයේ විශිෂ්ටම කුරුඳු වැවෙන රට ලංකාවය. ඉහළම ප්‍රමිතියේ ගම්ම්රිස් අප සතුව තිබේ. අඩුම තරමින් මෙවැනි භෝග සම්පතක් වැඩි දියුණු කර ලෝක ආර්ථිකයේ අපට අත් පත් කරගත හැකි තැන සොයා යන්නට තමන් ලබා ගත් බලය යෙදවීමේ සංවේදනයක් අපේ නායකයන්ට නැත.

අපේ රට ලෝකයේ බලවත් රාජ්‍යයක් වෙනවා දකින්නට නායකයන්ට අවශ්‍ය නොවිය හැකියි. ඔවුන්ගේ පරමාර්ථය බලය ලබා ගැනීම සහ එය පවත්වාගෙන යෑමය.   ඔවුන්ට රටේ ජනතාව ලෝකයේ බලවත් රටක ජීවත් කරලීමට අවශ්‍ය නැත. එසේම ජනතාවට අවශ්‍ය නැති දෙයක් ලබා දෙන්නට පාලකයන්ට අවශ්‍ය නැත.   ලෝකයේ බලවත් රටක ජීවත් වීමට නම් ජනතාව එවැනි රටක් ගොඩ නගා ගත යුතුය. එයට නායකයින් කැඳවා ගත යුතුය. එවැනි නායකයින් පත්කර ගත යුතුය. මෙතෙක් පත්වූ නායකයින් ප්‍රතික්ෂේප කළ යුතුය. ඒ සඳහා  අවදියෙන් ක්‍රියා කළ යුතුය.

අපේ අතීතය අද අපට පුදුමයකි. පරාක්‍රම සමුද්‍රය, යෝධ ඇළ, කලා වැව, රුවන්වැලි සෑය ගොඩනැගුවේ ණය හෝ ආධාර ඇතිව නොවේ. විදේශ ඉංජිනේරුවරුන් සිටියේ නැත. මේ උත්තුංග නිර්මාණ හරහා එළි දැක්කේ කැපවීම අවංකකම සහ දක්ෂ කමය.

මේ කිසිවක් ගැන පුදුම විය යුතු නැත. මේ කිසිවක් කරන්න බැරි දේවල් නොවේ. අවශ්‍යවන්නේ ඕනෑකම පමණි. අවංක ඕනෑකම පමණි. අද ලෝක ආර්ථිකය පවා මෙහෙයවන සිංගප්පූරුවේ විශාලත්වය ශ්‍රී ලංකාවේ ගම්පහ දිස්ත්‍රික්කයේ තරම්ය. ඔවුන්ට ගම්පහ දිස්ත්‍රික්කයේ තිබෙන ස්වභාවික සම්පත් වත් නැත.  ඔවුන් වතුර ටික ගන්නෙත් මැලේසියාවෙන් ය. එසේනම් ශ්‍රී ලංකාව ලෝකයේ බලවත් රටක් කිරීම එතරම් අපහසු කාර්යයක් නොවේ.

අපේ රටේ ජනගහණයට වඩා පිරිසක් ජීවත්වන ලෝකයේ නගර  රාශියක් තිබේ. ඒ බොහෝ තැන් පාලනය කරන්නේ නගරාධිපතිවරයෙකි. ඒත් අපිට පාලනය කිරීමට කොපමණ දේශපාලනඥයින් රැසක් සිටිත්ද? ඒත් අප සිටින්නේ එකම තැනය.   තවම සමහර ප්‍රදේශවලට පාරවල් නැත. විදුලිය නැති තැන්ද එමට ය. පාසල් සහ රෝහල් ගැන කුමන කතාද? දේශපාලනඥයින් තවමත් රෝගී වූ විට යන්නේ විදේශයන්ටය. ඇත්තටම ඔවුන්ට ඔවුන්ගේ පහසුවටවත් රොහලක් සාදාගෙන නැත. ඉතින් ජනතාව ගැන කුමන කතාද? අප තුන් වැනි ලෝකයේ දියුණු වන රටක ඉපදී එහිම මියෙන පිරිසකි. තව කොපමණ කාලයක් එහෙම වෙන්නද?

කොවිඩ් ඇතත් නැතත් හැමදේම හැමදාම පරීක්ෂණයකට ලක් කිරීම අපේ සිරිතය. හැමදාම හැමදේම අත්හදා බලනවා මිස හරියට කරපු වැඩක් තවම නැත. ඉතා කුඩා සිල්ලර වැඩ ටිකක් තිබෙන්නට පුළුවන. ඒවා ඉතා විශාල දේවල් ලෙස පෙන්වා දෙන්නට හදනවා විය හැකිය. ඒවා පිරිසකට ලොකු වැඩ ය. නමුත් ජනතාවට හෝ රටට සිදු වූ සෙතක් පෙනෙන්නට නැත.

බඩු මිල ගැන කතා කරන්නට දෙයක් නැත. ජනතාව මේ සියල්ල ඉවසාගෙන සිටීම ගැන ඔවුන්ට ස්තූති කළ යුතුය.

හැබෑවටම පසුගිය මැතිවරණයේදී රජයට තුනෙන් දෙකක් ලබාදුන් ලක්ෂ 69 ගැන වෛර කළ යුතු නොවේ. එහි හැබෑවටම අඩකට වඩා පිරිසක් හරියටම ස්වාධීනය. ඔවුන් ඇත්තටම රැවටුණු පිරිස ය. ඔවුන්ට අවශ්‍ය වූයේ ලෝකයේ බලවත් රටක් ගොඩනැගීමට ය. ඔවුන් හැබෑවටම විශ්වාස කළේ අමුතුම වෙනසක් ඇති වේය කියා ය. එකම නීතියක් රටට බලවත් ස්වාධීනත්වයක්, ශක්තිමත් ආර්ථිකයක්, ආහාරපානවලින් ස්වයංපෝෂිත පරිසරයක්, කොටින්ම කියනවා නම්  ලෝකයේ බලවත් රටක්… ඒත් සිදුවූයේ කුමක්ද?

ස්වාධීනත්වය නැති වූ පැති ගණනාවක් ගැන අපි කතා වෙමු. ආර්ථිකය කඩා වැටී ඇති ආකාරය පැහැදිලිය. ඊට විසඳුම් ඇති පාටක් නැත. නීතිය සහ සාමය ගැන සැක සංකා එමටය.

මේ සියල්ලෙන්ම අප අසමත් වී ඇති බව පැහැදිලි ය. එසේ නම් ඊට විසඳුමක් අවශ්‍යයි. හැමදාම රැවටෙමින් අසමත් වෙන්නට බැරිය. මෑත කාලයේ කී වරක් රැවටුනාද? එමෙන්ම අසමත් වුණා ද? එසේ නම් නැවත අපි නොරැවටෙමු. අසමත් නොවෙමු. රටක පැතුම විය යුත්තේ එයයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මේ නත්තලේ මත්පැන් සාද නවත්වන්න… මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඉල්ලති…

Next Post

කොවිඩ් සිරුර ඉවත් කර නොගතහොත් අද මධ්‍යම රාත්‍රියේ සිට කරාපිටිය වෛද්‍යවරු වර්ජනයක

Related Posts

colum
කොලම

රනිල් පුතා හොඳ ළමයා!

ජූලි 18, 2022
colum
කොලම

ගෝඨා නැවත එයි!

ජූලි 15, 2022
colum
කොලම

කෘතගුණ සැලකීමට මොන පාට අඳිමු ද?…

ජූනි 28, 2022

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.