අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home කොලම

අහෝ මහින්ද නොදිටි මොක් පුර!

by editor
මැයි 13, 2022
in කොලම
Share on FacebookShare on Twitter

colum

මැයි නවවැනිදා රටම ගිනිතබා හිටපු අගමැති මහින්ද සිය ධූරය ද අතහැර නැගෙනහිරට පළා ගියේය.

කලක් තිස්සෙ ඉවසිල්ලෙන් බලා සිටි අපායේ ආරාධනා කමිටුව අවසානයේ මහින්දට ආරාධනාවක් වට්ස්ඇප් කළහ. ඒ බව සැලවූ දිව්‍ය ලෝකය, නිල නිවාඩුවක් ප්‍රකාශයට පත් කර සත් දිනක් එකදිගට සාද පැවැත්වීමට තීරණය කළේය. කලක් හැට නව ලක්ෂයකින් මහින්ද ලද පුණ්‍යානුමෝදනා දැක දෙව් ලොව පවා කලබල වී සිටි බව විශ්වාසවන්ත ආරංචි මාර්ග පවසයි.

මහින්දට යැවූ ආරාධනය පිළිබඳ පසුදින යක්ෂ මීටිමේ දී කණ වැකුණු යමයාට යකා නැග්ගේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“කවුද යකෝ මූට ආරාධනා කළේ මට කියන්නේ නැතුව?” යමයා යක්ෂාවේශයෙන් ගිගිරුවේය.

යමයාගේ බහට පිටින් නොයන අපායේ ආරාධනා කමිටුව බියෙන් සලිතව ගියහ.

“ඇයි ලොක්කා අපි දැන්වත් මේ යෝධයට ආරාධනා කළේ නැත්තන් මෙහේ යක්කුත් අරගල කරන්න ගනියි. දැනටත් කනින් කොනින් ඇහෙනවා ‘මයිනා වෙල්කම් පාර්ටි’ වලට යක්කු රෙඩි වෙනවා. මුන් මෙහේ ලොක්කගේ විමානේ ඉස්සරහා ‘මයිනා ඕනේ ගමක්’ හදාගෙන ඒකව බෙදා ගන්න බැරුව ගහ මරා ගනියි කියලා හිතුන හින්දයි ඉන්විටේෂන් යැව්වේ” යක්ෂයෙක් අහිංසක හඩින් කීය.

“ඉතිං ගොන් යකෝ තොපි මැයි නව වැනිදම ඕක යැව්වේ ඇයි? මොකද මිනිහව ගෙන්න ගන්නව නම් ඊට ඉස්සර කරපු දේවලට දහ දොළොස්වතාවක්ම කැඳවන්න තිබුණනේ?” යමයා අදහා ගනු බැරිව ඇසීය.

“නවවැනිදා මයිනා දුන්නේ අපාය පවා කම්පා වෙන ගේමක්නේ බොස්. එවෙලේ හිටන් මෙහේ යක්කු කෑ කහනවා ‘මයිනා දියව් මයිනා දියව්’ කියලා” යකා සතුටෙන්  පුටුව අගටම ආවේය.

“මෝඩ යකෝ, ඌ එන එක මම මෙච්චර කල් පරක්කු කරේ ඇයි?” යමයා ඇසීය.

“ඇයි?” සෙසු යක්කු එක හඩින් ඇසූහ.

“බයට බයට. වෙන මොනවටද? ඒකා මගේ පුටුවටත් විදියිද කියලා බයට. අවුරුදු හැත්තෑ පහක් ගිහිල්ලත් කොණ්ඩෙ සුදු නොවුණු එකෙක් කොහොම විශ්වාස කරන්නද බං? (අපායේ කොණ්ඩා ඩයි කිරීම සහ වෙස් මාරැ කර සිටීම ලෝ දිය පෙවීමට වරදකි) හරි ඉතිං නවය මොකද වුණේ? ඇයි මිනිහා අය්යගේ පුටුවට ගේම දෙන්න හැදුවද?” යමයා බියෙන් වෙව්ලමින් ඇසුවේය.

“වක්‍රාකාරව ඒකටත් සම්බන්ධයි. ඒ මදිවට අරලිය ගෙදරට බස්වලින් සෙනග ගෙනත් රට ජාතිය ආගම යහමින් මිශ්‍ර කළ ප්‍රයිඩ්රයිස් කවලා සීයට තිස් තුනක්  අමන විසේ ඇති ගල් පොවලා  මන්ත්‍රී ඇමති මදාවි සෙට් එකක් දම්මලා ගෝඨාගෝගමට ගැස්සුවනේ ලොක්කා” යකෙක් දුකෙන් කීය.

“මූ පිස්සු යකෙක්නේ බං. ගෝඨාගෝගමේ ඉන්න උන්ට මමත් රෙස්පෙක්ට්නේ” යමයා ගැහෙන්නට ගත්තේය.

“ඒකනේ ලොක්කා” මෝඩ යකා සිනාසුනේය. යමයා මොහොතකට සිතුවිල්ලක පැටලූණේය.

“ඉතිං මයිනගේ ගෝලයෝ රොත්තටත් ආරාධනා යැව්වද?” අමතක වූ යමක් හදිසියේ සිහිවූවාසේ යමයා ඇසුවේය. කමිටුවේ සබාපති යකා හිස සලා ‘ඔව්’ යැයි කීවේය. යමයාට ප්‍රථම වතාවට මද සිනහවක් නැගුණි. ඒ හිනාව කුමක් දැයි අපායේ යක්කු දනිති.

“ඊට පස්සෙ මොකද වුනේ?” යමයා යළිත් කතාවට අවතීර්ණ වූයේය.

“ගෝඨාගෝගමට ගහපු තරහටයි, ප්‍රෙට්රල් ගෑස් විදුලිය කිරිපිටියි නැතිඑක මතක් කරලයි රටම නෙළුවනේ මැති ඇමති මංත්‍රීලගේ නිවෙස්වලට” යකෙක් උද්දාමයෙන් කීය.

“ඉතිං අපෙන් මොනවද වෙන්න ඕනේ කියලා හොයලා බැලුවේ නැද්ද?” ප්‍රීතිමත් යමයා අපේක්ෂා සහගතව යක්ෂ සභාවෙන් ඇසුවේය.

“අපිත් සපෝර්ට් එකට සෙට් එකක් බැස්සුවා. ඒත් වැඩක් වුණේ නෑ ලොක්කා” යකෙක් පසුබෑවේය.

“ඇයි?” යමයා වික්ෂිප්ත විය.

“සපෝර්ට් දෙන්න වුණේ නෑ. මෙහෙ කොහෙද ලොක්කා යක්කු ඉන්නේ. එහෙනෙ මහ ජරා යක්කු ඉන්නේ. උන් ඉවක් බවක් නැතුව වැඩ කරන්නේ. පොලිටිකල් ගේම් දෙකකට පර්සනල් එකහමාරක් ගහනවා” යකෙක් දුකෙන් කීය.

“දැන් කෝ මයිනා?” යමයා වට පිට බලමින් බියෙන් ඇසුවේය.

“කාලයක් පර දෙමෙළු ඉන්නවා කියලා එයාම කියපු නැගෙනහිර පළාතට වෙලා හැංගිලා ඉන්නේ” පණ්ඩිත යකෙක් කී.

“දැන් එතකොට කවුද අගමැති?” යමයා ඇසීය. පිළිතුර අසා යමයා පුටුවෙන් නැගිටුණේය.

“යකෝ, අපායෙත් නැති ගේම්නෙ බං මූ ගහන්නේ” යමයා තමාටම කියා ගත්තේය.

“ලොක්කා මම සෙට් එකක් බස්සලා මයිනව උස්සන් එන්නද?” මෝඩ යකා ඇසීය.

“පිස්සුද යකෝ? ඌ ලංකාවම අපායක් කරලනේ තියෙන්නේ. ආයේ මොන මගුලටද මෙහේ එක්කන් එන්නේ?”

“

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

යල කන්නයට පොහොර දෙන්න ඉන්දියාව රටේ නිතියත් වෙනස් කරයි !

Next Post

මේ අගමැති පාර්ලිමේන්තුවේ සිටින එම තනතුරට නුසුදුසුම පුද්ගලයා.. – සුමන්තිරන්..

Related Posts

colum
කොලම

රනිල් පුතා හොඳ ළමයා!

ජූලි 18, 2022
colum
කොලම

ගෝඨා නැවත එයි!

ජූලි 15, 2022
colum
කොලම

කෘතගුණ සැලකීමට මොන පාට අඳිමු ද?…

ජූනි 28, 2022

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.