සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තැතිගත් ජ්‍යෙෂ්ඨයන් ක්‍රිකට් කුපාඩිකමක….

by editor
ජූලි 31, 2021
in ක්‍රීඩා
SL-INDIA-3RD-T20
Share on FacebookShare on Twitter

දසුන් ශානක වටා දක්ෂ තරුණ ක්‍රීඩකයන් පිරිසක් ගොඩ නැගෙමින් කණ්ඩායම ස්ථාවර වනවාත් සමගම මෙතෙක් ශ්‍රී ලංකා කණ්ඩායමේ ස්ථානය තහවුරු වී ඇතැයි සිතා සිටි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් පිරිසක් කලබල වී ඇති ආකාරය වාර්තා වේ.

මෙම ක්‍රීඩකයන් විසින් මේ වනවිටත් මුදල් වියදම් කරමින් සමාජ මාධ්‍ය මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර ඔවුන් මතයක් ලෙස සමාජයේ ගොඩ නගමින් ඇත්තේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් කණ්ඩායමට එක් කර කණ්ඩායම ශක්තිමත් කිරීම කළ යුතු බවය.

ශ්‍රී ලංකා කණ්ඩායම තුළ තිබූ බරපතලම ගැටලුව වූයේ කල්ලි වාදය බවත් දක්ෂතා යටකරෙගන කණ්ඩායම තුළ ගොඩනැගුණු කල්ලි නිසා සාමුහිකත්වය ගොඩනගා ගත නොහැකි වීම තරග පැරදීමට ප්‍රධානම හේතුව බවත් වාර්තා වූ අවස්ථා ගණනාවක් තිබිණි. එවැනි පරිසරයක දී තරු නැති ජාතික කණ්ඩායම තුළ ප්‍රභලව මතුවෙමින් ඇති කණ්ඩායම් හැඟීම සහ සාමුහිකත්වය විනාශ කිරීම මෙම මෙහෙයුමේ අභිලාෂයක් බව වාර්තා වේ.

මේ සමාජ මාධ්‍ය මෙහෙයුමට ක්‍රීඩකයන්ගේ කළමනාකාරවරුන් ද එක් වී සිටින බව විශ්වාසකටයුතු ආරංචි මාර්ග හෙළි කරයි. මීට අමතරව ජාතික කණ්ඩායමට තමන්ගේ ක්‍රීඩකයන් ඇතුළත් කරගැනීම සඳහා සමහර ක්‍රීඩක කළමනාකරුවන් තේරීම් කමිටුව අමතමින් බලපෑම් කරන නිර්ලජ්ජිත මට්ටමකට පත් වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

මීට ඉහත වර්ෂ 2019 දී ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් ලෙස හඳුනාගත් පිරිසක් පකිස්තානු විස්සයි 20 සංචාරය වර්ජනය කරද්දී දසුන් ශානක යටතේ තරුණ කණ්ඩායමක් පකිස්ථාන තරගාවලියට යැවුවේය. එය දසුන් ගේ මුල්ම නායකත්වය විය. ශ්‍රී ලංකාව සහ පකිස්තානය අතර පැවති පළමු තරගය ලංකාව ලකුණු 64කින් ජයග්‍රහණය කළේය. වසර හයකට පසු පකිස්තානයට එරෙහිව ලංකාව ලබා ගත් පළමු විස්සයි 20 ජයග්‍රහණය එයය.

ශානකගේ නායකත්වයෙන් යුතු කණ්ඩායම එම තරගාවලියේ තරග තුනම 3 -0 ලෙස පකිස්තානයේ දී ජයග්‍රහණය කළේය. තමන් නායකත්වය දැරූ මුල්ම තරගාවලියේ දීම පූර්ණ තරගාවලි ජයග්‍රහණයක් වාර්තා කළ ලොව තුන්වන නායකයා වූයේ දසුන් ශානකය. මීට පෙර මෙවැනි ජයග්‍රහණ වාර්තා කර තිබුණේ ඉන්දීය නායක මහෙන්ද්‍ර සිං දෝණි සහ ඔස්ට්‍රෙලියානු නායක මයිකල් ක්ලාක්ය.

මෙවැනි ජයග්‍රහණයක් සහිතව රටට පැමිණි තරුණ කණ්ඩායමට ස්ථාවර වීමට ඉඩ නොදී දසුන් විස්සයි 20 නායකත්වයෙන් විසි කළේය. විස්සයි 20 නායකත්වයට ලසිත් මාලිංග පත් කළේය. ජයග්‍රාහී කණ්ඩායමේ සංයුතිය ද වෙනස් කළේය. පිට පිට තරග පරාජය විය. අනතුරුව මාලිංග වෙනුවට  බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා විස්සයි 20 නායකත්වයට නම් කළ දසුන් ශානකට ඇති වූ වීසා ගැටලුවක් නිසා ඔහුට එම තරගාවලියට සහභාගී වීමට නොහැකි විය.

අනතුරුව මීට මසකට පෙර එංගලන්තයේ දී කුසල් පෙරේරා යටතේ තරග කළ ශ්‍රී ලංකා කණ්ඩායාම තරග ආකාර සියල්ලෙන්ම අන්ත පරාජයට පත් විය. කණ්ඩායමේ උප නායකයා, කඩුලු රකින්නා, සහ ආරම්භක පිතිකරු ජෛව බුබුල කඩා අයාලේ ගොස් රටම විලි ලජ්ජාවට පත් කළේය.

මේ සියලු තත්වයන් යටතේ නායකත්වයෙන් ඉවත් කළ කුසල් පෙරේරා වෙනුවට දසුන් ශානකව යළි ශ්‍රී ලංකා එක්දින හා විස්සයි විස්ස නායකත්වයට නම් කෙරනි.
අනතුරුව ලංකාවේ දී ඉන්දියානු කණ්ඩායමට එරෙහිව එක්දින තරගාවලියත් පරාජයට පත් විය. එහෙත් ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රමයෙන් ශක්තිමත්ව ගොඩ නැගුනේය. එහි කූටප්‍රාප්තිය වූයේ ඉතිහාසයේ මුල්ම වරට ඉන්දියානු කණ්ඩායමක් විස්සයි 20 තරගාවලියකින් පරාජය කිරීමට දසුන්ට හැකි වීමය. තමන්ට වගකීම දුන් අවස්ථා දෙකේදීම දසුන් වාර්තා පොතට එක්වන ක්‍රිකට් හැකියාවන් පෙන්නුම් කළේය.

ඔහු ක්‍රමයෙන් ගොඩනැගුණු කණ්ඩායම ස්ථාවරවන බව පෙනෙන විට දැනට කණ්ඩායමෙන් විසිවී සිටිනා ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් විසින් අරඹා ඇති මෙම ව්‍යාපෘති සම්බන්ධව ක්ෂේත්‍රයේ බොහෝ දෙනා දැඩි අප්‍රසාදය පල කර සිටිති.

එමෙන්ම යළි යළිත් විනය කඩකිරීමේ චෝදනා සහිතව සිටිය දී එංගලන්තයේ දී ජෛව බුබුල බිද දැමූ ක්‍රීඩකයන් තිදෙනාට පංච පුද්ගල විනය කමිටුව මගින් ලබා දුන් පූර්ණ දඬුවම ලබා දෙන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව නිර්දේශ කර තිබුනේත් නැත.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Tags: නවතම
Share69Tweet43
Previous Post

නුවර එම්.සී.සී ගොඩනැගිල්ලේ ටෙන්ඩර් මගඩි වහන්න මාධ්‍යයට වාරණයක් දාලා  

Next Post

උමාරියා සිංහවංශ පොලිස් අත්අඩංගුවට

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.