මහනුවර නගර සභාවේ මුදල් සහ පෞද්ගලික ආයතනික ණය මුදලක් යොදවා ඉදිකරන ලද සුදුහුම්පල එම් සී සී ගොඩනැගිල්ල සම්බන්ධ සිදුවූ ටෙන්ඩර් දූෂණ වසන් කිරීමට නගරාධිපතිවරයා ප්‍රමුඛ පරිපාලනය කටයුතු කරන බවට වාර්තා වේ.
මාස 6කට ආසන්න කාලයක් වසා දමා ඇති මෙම ගොඩනැගිල්ල සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීම සඳහා ඊයේ (30) මහනුවර මහ නගර සභා ශාලාවේදී කැඳවා තිබූ රැස් වීමේ දී මේ බව හෙළි දරවු වී තිබේ.
පොදුජන පෙරමුණු නාගරික මන්ත්‍රී ආනන්ද විජේරත්න විසින් මේ ප්‍රශ්නය මතුකර මේ රැස්වීම සඳහා මාධ්‍යවේදීන් සහභාගී කරනොගත්තේ සිදුවී ඇති දූෂණ රටට හෙළි දරවු වන නිසා බවට චෝදනා කර තිබිණි. .
කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් මාධ්‍යවේදීන් කැඳවීම නතරකළා මිස අන් කිසිවක් සිදු නොවූ බව එහිදී නගරාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.
නාගරික මන්ත්‍රීවරුන් 43 දෙනකු නිලධාරීන් විසි දෙනකු ඇතුළු විශාල පිරිසක් සහභාගීවන රැස්වීමට මාධ්‍යවේදීන් පස් දෙනකු පැමිණීමෙන් කොවිඩ් වන්නේ කෙසේදැයි නාගරික මන්ත්‍රී විඡේරත්න ප්‍රශ්න කර තිබේ.
ජනතා මුදල් යොදවමින් ඉදිකරන ලද මෙම ගොඩනැගිල්ල විනිවිදභාවයකින් තොරව අදටත් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ඇති බරපතල ප්‍රශ්න මාධ්‍යයට වසන් කර සඟවා තැබිය නොහැකි බවද මන්ත්‍රීවරයා පැවසුවේය.