සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

ලකුනු 531ක් … ඒත් ශතක නැති ඉනිම ලෝකවාර්තා පොතට ගිය හැටි!

by editor
මාර්තු 31, 2024
in ක්‍රීඩා
කමිඳු... අදත් නොදැවී 92ක්... ටෙස්ට් ජීවිතයේ මුල්ම ඉනිම් හතර තුළ ලකුණු 419ක්... සම කළේ ලෝක වාර්තාවක්...

කමිඳු... අදත් නොදැවී 92ක්... ටෙස්ට් ජීවිතයේ මුල්ම ඉනිම් හතර තුළ ලකුණු 419ක්... සම කළේ ලෝක වාර්තාවක්...

Share on FacebookShare on Twitter

බංගලාදේශය සහ  ශ්‍රි ලංකාව අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය නිමා වී ඇත.

ශ්‍රි පළමු ඉනිම විශිෂ්ටය. ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 531 කි.  බංගලාදේශ කණ්ඩායම ද දිනයේ අවසන් කාර්තුවේ අභියෝගයකින් තොරව පන්දුවට පහර දෙමින් සිටී.  එහෙත් එක් කඩුල්ලක් දැවී ගොස්ය. ආරම්භක පිතිකරු මහමුදුල් හසන් ජෝයි ලහිරු කුමාරගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ දැවටීමෙන් ලකුණු 21කට දැවී ගොස්ය. අනෙක් අන්තයෙන් සකීර් හසන් පහසුවෙන් පිත්ත හසුරුවමින් පන්දු 39කට ලකුණු 28ක් ලබාගෙනය.  ඒ ලකුනු 28 හතරේ පහර 05කි. නයිට්වොච්මන් ලෙස මේ තරගයේ දීත් පිටියට පැමිණි ටයිජුල් ඉස්ලාම් ලකුනු නොලබා කඩුල්ලේ රැඳී සිටී.

ශ්‍රි ලංකා කණ්ඩායම ලකුණු 531ක්…

ශ්‍රි ලංකා පළමු ඉනිම ටෙස්ට් ඉනිමක පූර්ණත්වය ප්‍රකාශ කරන ලකුනු 531කි.  එහෙත් ශතක නැත. මින් පෙර ලෝකයේ එකම ශතකයක්වත් නොමැතිව කණ්ඩායමක් ඉනිමක වැඩිම ලකුණු වාර්තා කර තිබුණේ ලකුණු 524කි. ඒ වර්ෂ 1976 දී  ඉන්දියාව නවසීලන්තයට එරෙහිවය.   අද ශ්‍රි ලංකා කණ්ඩායම ඒ ලෝක වාර්තාව අභිවබා ගියේය.

ලංකාවේ ටෙස්ට් ක්‍රීඩකයා කමිඳු මෙන්ඩිස්දැයි සිතන තරමට කමිඳුගේ ක්‍රීඩා විලාශය  විශිෂ්ටය. කමිඳු නොදැවී ලකුණු 92කි.

මේ ඉනිම අප ශතක අත්හල ඉනිමකි. ඉතාම පැහැදිලි ලෙස ශතක 3ක් මගහැරුණේය. සමස්ථයක් ලෙස ගතහොත් අප විශ්වාස කරනනේ අත්හැරුණු ශතක ප්‍රමාණය 4ක් බවය. කුසල් නොසැලකිල්ල නිසා 93කට දැවී ගියේය. දිමුත් කෑදරකම නිසා ලකුණු 86කට දැවී ගියේය. ධනංජය තේරුම් ගත නොහැකි අතපසුවීමක් හේතුවෙන් 70කට දැවී ගියේය. අනෙක් අන්තයේ සිටි අසිත පෙරේරාගේ ගොබ්බකම නිසා ඉනිම අවසන් වූයෙන් කමිඳු මෙන්ඩිස්ට ලකුණු 92කට ඉනිම අත්හිටුවන්නට වූයේය.

ශතක නැත.  කමිඳුට අවාසනාව විසින් අත්හැරුනේ විශිෂ්ට ලෝක වාර්තාවකි. අනුයාත ඉනිම තුනක දී ශතක වාර්තා කිරීමේ සුපිරි ක්‍රීඩකයන් අතරට යෑම අසිත ප්‍රනාන්දුගේ අවිචාරය නිසා මගහැරී ගියේය. එහෙත් කමිඳු ලෝක වාර්තාවක් සම කළේය. ඒ සිය ටෙස්ට් ජීවිතයේ මුල්ම ඉනිම් හතර තුළ ලකුණු 419ක් ලබා ගත් ජාවෙඩ් මියන්ඩාඩ්ව සම කරමිනි. කමිඳුගේ මුල් ටෙස්ට් ඉනිම් හතරේ ලකුණු ගණනත් ලකුණු 419කි.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

අද තරගය

අද තරගය ආරම්භ වන්නේ ලකුණු 314කට කඩුළු 04ක් දැවී ගොස් තිබියදී ය.  දිනේෂ් චන්දිමාල් සහ ධනංජය ද සිල්වා පන්දුවට පහර දෙමින් සිටියහ.

දිනයේ මුල්ම කඩුල්ල ලෙස දැවී යන්නේ දිනේෂ් චන්දිමාල්ය. චන්දිමාල් 5වන කඩුල්ල ලෙස දැවී යනවිට ශ්‍රි ලංකා ලකුණු පුවරුව ලකුණු 375කි. අද දිනය තුළ ධනංජය සහ චන්දිමාල් ලකුණු 61  එකතු කර තිබිය දී ශකීබ් අල් හසන්ට ගොදුරු වූයේය. චන්දිමාල් දැවී යන්නේ ලකුණු 59කට ය. ඊට හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් අතුළත් විය.  පස්වන කඩුල්ල වෙනුවෙන් චන්දිමාල් සහ ධනංජය අතර  ඇතිවුන සම්බන්ධතාවය ලකුණු 86 කි.

චන්දිමාල් සහ ධනංජය…

අනතුරුව  කමිඳු පිටියට පැමණියේය. ඒ අංක 7 පිතිකරු ලෙසය.  මෙම සංචාරයේ දි ශ්‍රී ලංකා කණ්ඩායමේ සාර්ථකත්වයට පදනම දැමූ කමිඳු මෙන්ඩිස් සහ ධනංජය ද සිල්වා අතර යළිත් සාර්ථක සම්බන්ධතාවයක් ගොඩනැගෙනු ඇතැයි  සිතිනි. එහෙත් ධනංජය ලකුණු 70 දි ඛලීඩ් අහමඩ්ගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වූයේය. හයවන  කඩුල්ල බිඳී යන්නේ ලකුණු 411 දී ය.

කමිඳු මෙන්ඩිස් නැමැති පිතිකරණ යෝධයාගේ පෞරුෂය මතුවන්නේ එතැන් සිටය.  ඔහු සමග එක්වන ප්‍රභාත් ජයසූරිය හත්වන කඩුල් වෙනුවෙන් ලකුණු 65ක සම්බන්ධතාවයක් ගොඩගනන්නේය. ප්‍රභාත් ජයසූරිය වටිනා ලකුණු  28ක් රැස් කළේය.  ලකුණු 476 දී 7වන කඩුල්ල දැවී යන්නේය.

අනතුරුව විශ්ව ප්‍රනාන්දු කමිඳුට එක් වූයේය. විශ්ව ලකුනු 11ක් ලබා සිටිය දී දුවද්දී දැවි යෑමකට හසු විය. 8වන කඩුල්ල දැවී යන්නේ ලකුණු 497  දී ය.  මේ වනතුරුත් කමිඳු මෙන්ඩිස් පන්දුවට පහර එල්ල කළේ අන්ත දෙක හුවමාරු කරගනිමිනි. ඒ වනවිටත් කමිඳුගේ ලකුණු සංඛ්‍යාව ලකුණු 64කි.  අනතුරුව ඔහු අන්තයක් ආරක්ෂා කිරිමේ කොටස දැඩිව අරම්භ කරන්නේය. විශ්ව ප්‍රනාන්දුගෙන් පසුව පිටියට එන  ලහිරු කුමාර ලකුණු 06කට දැවී යන විට  කමිඳු 79කි. මුලු ලකුණු ගණන ලකුණු 518කි.

මේ අවස්ථාව වනවිට අවසන් පිතිකරුලෙස පැමිණෙන විශ්ව ප්‍රනාන්දුට පන්දුවට මුහුණ දීමේ අවස්ථාව අඩු කරමින් සමස්තය තමන්වෙත පවරා ගන්නා කමිඳු අනතුරුව දැවැන්ත ප්‍රහාරයකට බංගලි පන්දු යවන්නන් ලක් කරන්නේය.  අසිත ප්‍රනාන්දු තිබුණේ අනෙක් අන්තයේ සිට බලා හිඳීම පමණි. කමිඳු වේගයෙන් ලකුනු රැස් කළේ දැවැන්ත හයේ පහර දෙකකුත් සමගය.

158 වැනි ඕවරයේ අවසන් පන්දුවට අන්තය මාරු කරගැනීමේ අභිලාෂය හැර අසිතට වෙනත් සිහියක් නොමැති අවස්ථාවක  පන්දු යවන්නාගේ අන්තයේ සිටි අසිත ප්‍රනාන්දු දුවද්දී දැවී යෑමට හසුවන්නේය. කමිඳු නොදැවී ලකුණු 92ක් ලබාගෙන ඉනිම අහවර කරන්නේ පිට පිට තුන්වන ශතකය දකිමිනි.

බංගලාදේශය වෙනුවෙන් ශකීබ් අල් හසන් ලකුණු 110ට කඩුළු 03ක්, හසන් මහමුද් ලකුනු 92ට කඩුලු 02ක්, මෙහිදි හසන් මිරාස්  ලකුණු 146ට කඩුල්ලක්, ඛලීඩ් අහමඩ් ලකුනු 71ට කඩුල්ලක් ලැබුවේය.

බංගාලදේශ පළමු  ඉනිම දිනයේ අවසන් කාර්තුවේ අවසන් පැයෙහි ආරම්භ වූයේය. ශ්‍රි ලංකා ඉනිමේ දී බංගලාදේශ පන්දු යවන්නන් අත් දුටු අත්දැකීම දිනය තුළ ශ්‍රි ලංකා වේග පන්දු යවන්නෝ බංගලි පිතිරුවන්ගෙන් ලබාගත්හ. එක්දින තරගයක විලාශයෙන් බංගලාදේශ පිතිකරුවන් පහසු ඉරියව්වක සිට පන්දුවට පහර එල්ල කළහ. එහෙත් ලකුණු 55කට ඔවුන්ගේ එක් කඩුල්ලක් දැවී ගොස්ය.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

මේ තණතීරුව සම්බන්ධව ඊයේ දිමුත් කීවේ එය අවසන් දින දෙක හෝ තුන තුල පන්දු යවන්නන්ට වාසි සහිතව හැසිරෙනු ඇති බවය. මේ වනවිට තරගය පාලනය කළ හැකි තරම් ලකුණ සිටින ශ්‍රි ලංකා කණ්ඩායම හෙට හැසිරෙන ආකාරයෙන් තරගයේ මූලික ඉරණම විසඳෙනු ඇත.

 

 

 

 

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොළඹ නගරයේ ගොඩනැඟිලි සැලසුම් සහ මිනින්දෝරු සැලසුම් අනුමත කිරීම හෙට සිට ඔන්ලයින් මගින්…

Next Post

සුචරිතවාදී සමාජය නිරුවත් කරමින්  මීගමුව ස්පා එකක දී හමුවන 15 හැවිරිදි දියණිය…

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.