අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

බිදවැටුණු රටට ක්‍රිකට් ගෙනා ජයග්‍රහණයේ ගෞරවණීය අභිමානය… දෙවැනි ටෙස්ට් තරගය ඉනිමකින් දිනුම්…

මංගල ටෙස්ට් තරගය ක්‍රීඩා කළ ප්‍රභාත් ජයසූරිය ඉනිම දෙකේදීම කඩුළු 12යි... ප්‍රභාත් ඔස්ට්‍රේලියානු ඉනිම සුන් කරයි....

by editor
ජූලි 11, 2022
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

මහා බිඳවැටීම් මැද අමරණීය ජයග්‍රහණයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූයේය. ඒ පළමු ටෙස්ට් තරගයේ කඩුලු 10කින් ලද  පරාජයේ අඳුරු නිග්‍රහය මකා දමමිනි.

ගාල්ල අන්ර්ජාතික ක්‍රීඩාංගනයේ  සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති දෙවන හා අවසන් ටෙස්ට් තරඟයෙන් ඉනිමක හා ලකුණු 39 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (11) සමත් වූයේය. ජයග්‍රහණය ලැබුවේ තරගයේ එක් දිනයක් ඉතිරිව තිබිය දී ය.

සිය මංගල ටෙස්ට් තරගය ස්වර්ණමය මතයක් කළ වමත් ඕතඩොක් පන්දු යවන්නා,  ප්‍රභාත් ජයසූරිය   ඉනිම දෙකේදීම  ලකුණු 177කට  ලබා ගත් කඩුළු 12ත්, දිනේෂ් චන්දිමාල්ගේ විශිෂ්ට ද්විත්ව ශතකයත් ශ්‍රී ලංකා ඉනිම ජයහ්‍රණය වෙත වඩම්මාගෙන ගියේය.

ප්‍රභාත් ජයසූරිය මාතලේ ක්‍රිස්තුරාජ විද්‍යාලය සහ කොළඹ ලුම්බිනී විද්‍යාලයෙන් ක්‍රිකට් ප්‍රගුණ කළ එස්.එස්.සී. කණ්ඩායම නියෝජනය කරන  ක්‍රීඩකයෙකි.

ගාල්ලේ පැවැති දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඉනිමක පරාජයෙන් ගැලවීම සදහා ඔස්ට්‍රේලියානු කණ්ඩායමට ලකුණු 190 ක ඉලක්කයක් හිමිව තිබිණි.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

කෙසේ නමුත් ඔවුන්ට සිය දෙවැනි ඉනිමේ දී සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 151 ක් පමණයි.

රටේ දැවැන්ත අරගලයක් නිර්මාණය වෙමින් තිබුණු පරිසරයක දී තරගය පැවැත්වූයේ ප්‍රේක්ෂක අවධානය ගිලිහී යන පසුබිමකය.

කාසියේ වාසිය දිනාගෙන ගාලු පිටියේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම  ලකුනු 364ක් ලබා ගත්තේය.  කඩුළු රකින ක්‍රීඩක මානස් ලබුස්චන්  ලකුණු 134ක්, සටටීවන් ස්මිත් ලකුණු 145ක් ලැබුවේය.  පන්දු යැවීමේ දී විශිෂ්ට වික්‍රමයක් දැක්වූයේ  ප්‍රභාත් ජයසූරිය ය. ඔහු ලකුණු 118කට කඩුළු 06ක් ලැබුවේය. කසුන් රාජිත කඩුලු 02ක්,  රමේෂ් මෙන්ඩිස් සහ මහීෂ් තීක්ෂන කඩුල්ල බැගින් ද  ලබා ගත්තේය.

ශ්‍රී ලංකාව පළමු ඉනිමේ දී ලකුණු  554ක් ලැබීය. ඒ මුළු විශිෂ්ටත්වයම රැඳී තිබුණේ දිනේෂ් චන්දිමාල්ගේ පිතිකරණය මතය. ඔහු ලකුණු 2006ක් ලබා ගත්තේ නොදැවීය.  දිමුත් කරුනාරත්න ලකුණු 86ක්, කුසල් මෙන්ඩිස් ලකුණු 85ක්, ඈන්ජලෝ මැතිව්ස් ලකුණු 52ක්, කමිඳු මෙන්ඩිස් ලකුණු 61ක් ලැබුවේය.  පන්දු යැවීමේ දී මිෂෙල් ස්ටේක් කඩුළු 04ක්,  මිෂෙල් ස්වෙප්සන්  කඩුලු 03ක්,  නේතන් ලයන් කඩුළු 2ක්, පැට් කුමින්ස් කඩුළු 01ක් ලැබීය.

ඔස්ට්‍රේලියානු කණ්ඩායම පිතිකරණයට පැමිණියේ ඉනිමක පරාජයෙන් බේරීමට  ලකුණු 190ක් ඉලක්කයක් සමගිනි. එහෙත් ඔස්ට්‍රේලියානු ඉනිම ලකුණු 151කට සීමා විය.  යළිත් ඔස්ට්‍රේලියානු ඉනිම කුඩු කළ ප්‍රභාත් ජයසූරිය කඩුළු 06ක් ලැබුවේය. ඔහු ඒ විශිෂ්ට දස්කම දැක්වූයේ ලකුණු 59ක් පමණක් ලබා දෙමිනි. මහීෂ් තීක්ෂණ සහ රමේෂ් මෙන්ඩිස් කඩුළු 2 බැගින් ලැබුවේය.

ප්‍රභාත් ජයසූරිය සිය මංගල ටෙස්ට් තරගයේ දීම තරගයේ වීරයා විය. දිනේෂ් චන්දිමාල් තරගාවලියේ වීරයා වූයේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

හිට්ලර් පන්නයේ මිනිසුන් ගිනි තැබූ කලාගාරය ගැන අගමැතිවරයා කී කතාව…

Next Post

ජනපති ගියා කිව්වෙ කිව්වෙ වැරදිලාලු … කතානායක හොඳටම පටලවාගනී….

Related Posts

ක්‍රීඩා

ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

ජූනි 22, 2026
ෂාමර් ජෝෂප්... පළමු වරට විස්සයි 20 තරගයක කඩුළු 05ක්...
ක්‍රීඩා

කොහොමත් උන් අපට වඩා උඩින්… කඩුළු 05ක් දවාගෙන  ෂාමර් ජෝසෆ් ශ්‍රි ලංකා ඉනිම කුඩු කරයි…   

ජූනි 15, 2026
ක්‍රීඩා

කලාතුරකින් පැමිණ ක්‍රිකට් ලස්සන කරන දස්සාගේ දවස!

ජූනි 14, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.