විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ පළමු අවසන් පූර්ව තරඟයේදී නවසීලන්තය පරදා කඩුළු 7කින් ජයග්‍රහණය හිමි කර ගැනීමට පාකිස්ථාන කණ්ඩායම සමත් විය.
ඕස්ටේ්‍රලියාවේ සිඩ්නි නුවර පැවැති නවසීලන්තය හා පාකිස්ථානය අතර පැවැත්වුණු තරඟයේදී කාසියේ වාසිය දිනාගත නවසීලන්ත කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.
පන්දුවාර විස්ස අවසානයේදී කඩුළු 4ක් දැවී ළකුණු 152ක් රැස් කර ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වූ අතර පන්දුවාර 19. 1 කදී කඩුළු 3ක් පමණක් දැවී එම සීමාව පසු කර යමින් ළකුණු 153ක් ලබා ගැනීමට පාකිස්ථාන ක්‍රීඩකයෝ සමත් වූහ. විලියම්සන් ළකුණු රැස් කිරීමේදී පාකිස්ථාන නායක බාබර් අසාම් පන්දු 42කින් ළකුණු 53ක් ලබා ගත් අතර මොහොමඩ් රිස්වාන් පන්දු 43කින් ළකුණු 57ක් රැස් කළේය. කඩුළු බිඳ හෙලීමේදී ෂහීන් අෆ්රිඩි කඩුළු දෙකක් ලබා ගත්තේය.
නවසීලන්තය වෙනුවෙන් බෝල්ට් කඩුළු 2ක් ලබා ගත් අතර ළකුණු රැස් කිරීමේදී ඩැරිල් මිචෙල් නොදැවී ළකුණු 53 ක් ද කේන් විලියම්සන් ළකුණු 46ක් ද රැස් කිරීමට සමත් විය. දෙවන අවසන් පූර්ව තරඟය ඉන්දියාව හා එංගලන්තය අතර හෙට (10) ඇඩිලෙයිඩ් හි දී පැවැත්වීමට නියමිතය.







