මනම්පිටිය නිමල් ජයරත්න –
මඩකලපුව වාකනේරි ආනමනෙයි ප්රදේශයේ 09 වෙනිදා සවස කුඹුරක් ඩෝසර් කරමින් සිටියදී වලදමා තිබූ බෝම්බ විස්සක් හොයා ගත් බව වාලච්චේන විශේෂ කාර්ය බලකාය පවසයි.
මිලි මීටර් 60 වර්ගයේ බෝම්බ විස්සක් එම පෙට්ටි දෙකතුළ තිබූ බවත්, ඒවා නිෂ්ක්රිය කිරීමට පියවර ගත් බව වාකරේ යුද හමුදා බුද්ධි අංශය නිලධාරියෙකු අප කළ විමසීමකදී සඳහන් කළේය.
එම බෝම්බ වාකනේරි කුඹුරක් ආසන්නයේ සන්දිවේලි පාලමට යාබදව තිබූ බවත්, 08 වෙනිදා රාත්රියේ පුද්ගලයෙකුගෙන් ලද තොරතුරක් අනුව මෙම බෝම්බ සොයා ගැනීමට හැකි වූ බවද බුද්ධි අංශ නිලධාරියා වැඩිදුරටත් කීවේය.
සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ යුද හමුදා බුද්ධි අංශ මගින් ක්රියාත්මක කරන අතර වාලච්චේන විශේෂ කාර්ය බලකාය මගින් එම බෝම්බ නව වෙනිදා සවස නිෂ්ක්රීය කිරීමට කටයුතු කළ බවද බුද්ධි අංශ නිලධාරියා සඳහන් කළේය.







