ලොව නිෂ්පාදන පිරිවැය අවම මට්ටමක පවතින රට වලින් එකක් බවට ඉන්දියාව පත්ව ඇති බව ඇමරිකා එක්සත් ජනපද දත්ත වාර්තාවක් මගින් අනාවරණය වේ.
ඒ අනුව ලොව ලාභදායී නිෂ්පාදන ක්‍රියාවලියක් සඳහා නම් දරා සිටි චීනය සහ වියට්නාමය පවා අභිබවා යාමට ඉන්දියාව සමත් වීම ගෝලීය නිෂ්පාදන සහ ජාත්‍යන්තර වෙළෙදාමේ ගමන් මාර්ග වෙනස් කිරීමට හේතු පාදක වී ඇති බවටද වාර්තාවේ.
අදාල වාර්තාවට අනුව ලොව රටවල් 85ක් අතරින් ලාභදායීම නිෂ්පාදක කටයුතු සිදුකළ හැකි රටවල් වලින් 31 වැනි ස්ථානයට ඉන්දියාව පත්ව ඇත.
මෙම වාර්තාව මූලික ගුණාංග 73ක් ඔස්සේ අදාල රටවල් 85 ඇගයීමට ලක්කර ඇත. එහිදී කඩිසරකම, ව්‍යවසාකත්වය, ව්‍යාපර සඳහා විවෘත, සමාජ අරමුණු සහ ජීවන තත්ත්වයන් ඇතළු කරුණු සැලකිල්ලට ගෙන තිබේ.
ව්‍යාපාර සඳහා විවෘත උප කාණ්ඩය යටතේ, ලාභ නිෂ්පාදන පිරිවැය සම්බන්ධයෙන් ඉන්දියාව සියයට 100ක් ලබාගෙන ඇත. එහෙත් ‘හිතකර බදු පරිසරයක්’ තුළ එය ලකුණු 100 න් 16.2 ක්ද, දූෂිත නොවන කාණ්ඩයේ සියයට 18.1 සහ විනිවිද පෙනෙන රාජ්‍ය ප්‍රතිපත්ති කණ්ඩයෙන් සියයට 3.5 ලාගෙන ඇති බවද වාර්තාවේ.
ඉන්දියාව ගෝලීය නිෂ්පාදන කේන්ද්‍රස්ථානයක් කිරීමේ අරමුණින් නිෂ්පාදන සම්බන්ධ දිරිගැන්වීමේ යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්දීය රජය විසින් නවතම වැඩසටහන් කිහිපයක්ද ක්‍රියාත්මක කර තිබේ. එහිදී ඉන්දියාව තුල නව කාර්මාන්ත ශාලා පිහිටුවීමට අවශ්‍ය පහසුකම්ද සලසා දීමට පියවර ගෙන ඇත.
කෙසේ වෙතත් මෙම වසර අවසානයේදී ලොව වැඩිම ජනගහනය සහිත රට බවට ඉන්දියාව පත්වීමට බොහෝ ඉඩ පවතින අතර ඉදිරි දශක කිහිපය තුල වැඩිම ශ්‍රම බලකාය සහිත රට බවටද ඉන්දියාව පත්වනු ඇත.







