ශ්‍රියානි විජේසිංහ
මන්කිපොක්ස් හෙවත් වඳුරු උණ ආසාදනය වූ දෙවන රෝගියා අයිඩීඑච් රෝහලට ප්‍රතිකාර සදහා ඇතුලත් කළ බව වෛද්‍ය පර්යේෂණායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය විජිත් ගුණසේකර මහතා සදහන් කරයි.
ඩුබායි හි සිට පැමිණි මෙම පුද්ගලයා රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් වෛද්‍ය පරික්ෂණයන්ට යොමු වීමෙන් පසුව වෛද්‍ය පර්යේෂණාතනය වෙත යොමු කර ඇත. එහිදී කරන ලද නියධි පරික්ෂාවකදී මන්කිපොක්ස් රෝගය ආසාදනය වී ඇති බව තහවුරු විනැයි අධ්‍යක්ෂවරයා පැවසීය.
මෙම පුද්ගලගයාගේ ආශ්‍රිතයින් සොයා තවදුරටත් පරික්ෂණ ක්‍රියාත්මක කරන බව වෛද්‍ය ගුණසේකර මහතා පැවසීය.
පළමු මන්කිපොක්ස් ආසාදිතයා දඩුබායි සිට පැමිණි අතර මේ වන විටත් අයිඩීඑච් උණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවට ද හෙතෙම පැවසීය
මන්කිපොක්ස් ආසාදිතයන් සොය තව දුරටත් නියධි පරික්ෂා කිරීම් සිදුකරන බව වෛද්‍ය පර්යේෂණායතනය සදහන් කරයි.







