සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

ජීවිතයේ බර පසෙක තබා තරගයට බර උස්සා රනින් රිදියෙන් දිනූ වන්නියේ දරු කැකුළු

by editor
ජනවාරි 17, 2022
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

වන්නියේ ඉන්නේ මහා බරක් ඔසවාගෙන ජීවත්වන මිනිස්සුය. ඒ මිනිස්සු මුවින් නොබැන ඒ බර උසුලති. ජීවිතය බරක් කර නොගත් ඒ ශුෂ්ක ජීවිත ගතකරන මිනිස්සුන්ගේ දරුවන් සංසාර පුරුද්දට ජීවිතය දරා ගන්නට හුරුවන බව සැබෑය. එහෙත් ක්‍රීඩාවක් ලෙස බර ඉසිලීම වන්නියට දරාගන්නට අපහසුය. එය පෝෂණය හා බැඳුණු ස්වස්ථතාව උත්කර්ෂයට නන්වන ක්‍රීඩාවක් වන බැවිනි.

එහෙත් වන්නියේ ක්‍රීඩකයෝ බර ඔසවමින් ලෝකය දිනා ගත් ඉතිහාසයක් අපට තිබිණි.  මේ  පොඩිඋන් ඒ පරම්පරාවේය. ඔවුහු පසුගිය 2021 අන්තර් පාසල් බර ඉසිලීමේ තරගාවලියේ ජයග්‍රහණ පිට ජයග්‍රහණ වාර්තා කළහ. මේ ජයග්‍රහණ ලබා ගත්තේ ගල්ගමුවේ යූ.බී.වන්නිනායක ජාතික  පාසලේ  දරුවන්ය.

18න් පහළ කිලෝ ග්‍රෑම් 73 බර පන්තිය නියෝජනය කරමින් ඕදිත නාරායන  ශිෂ්‍යයා විසින් ස්නැච් ක්‍රමයට කිලෝග්‍රෑම් කිලෝ ග්‍රෑම් 90 ක බරක් සහ  ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට කිලෝග්‍රෑම් කිලෝ ග්‍රෑම් 110 ක බරක් ඔසවා මුළු බර ලෙස කිලෝ ග්‍රෑම් දෙසියක බරක් ඔසවමින් බර පන්තිය ප්‍රථම ස්ථානය දිනා ගත්තේය.

ඔදිත බර ඉසිලීමේ තරගාවලියෙන්  මෙරටට ජාත්‍යන්තර ජයග්‍රහණ රාශියක් අත්කරදුන් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ පී.කේ.සුදේශ් නාරායන  ගේ වැඩි මහල් පුත්‍රයාය. ඕදිත නාරායන  ගල්ගමුව යූ බී වන්නිනායක  ජාතික පාසලේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන්නේය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

18න් පහළ කිලෝ ග්‍රෑම්  61 බර පන්තිය නියෝජනය කරමින් ටී එම් .එන්. එස්. දිසානායක ශිෂ්‍යයා     ස්නැච් ක්‍රමයට කිලෝ ග්‍රෑම්  81ක   බරක් සහ ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 100ක බරක් ඔසවා මුළු බර ලෙස කිලෝ ග්‍රෑම්  181 kg ක බරක් ඔසවා දෙවැනි ස්ථානය ලබා ගත්තේය. ඔහුත් එම විද්‍යාලයේම 11ශ්‍රේණියේ ඉගෙනුම ලබන්නේය.

ඩී එන් කුමාර 16 න් පහළ  කිලෝග්‍රෑම් 73 බර පන්තිය නියෝජනය කරමින් මුළු බර කිලෝග්‍රෑම් 105 ක්   ඔසවා එම ඛාණ්ඩයේ ප්‍රථම ස්ථානය දිනා ගත්තේය.

එන්.ඕදිත නාරායන හා ටී එම්.එන්.එස්. දිසානායක ක්‍රීඩකයින් පසුගිය 2021 සිංගප්පූරුවේ පැවැත්වීමට නියමිතව තිබූ යොවුන් පොදුරාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ තරගාවලිය නියෝජ්‍ය කිරීමට සිටි නමුත් කොරෝනා තත්වය හේතුවෙන් එය අවලංගු විය .

මේ වන විට ඔවුන් පුහුණුව ලබන්නේ ජාතික හා ජාත්‍යන්තර ජයග්‍රහණ රාශියක් ශ්‍රී ලංකාවට අත්කර දුන් ශ්‍රී ලාංකික ජාතික කණ්ඩායම නියෝජනය කළ සුදේශ් නාරායන  ගේ මග පෙන්වීමෙන්  මෙවින් එස්. විජේවර්ධන යටතේ ය.

ඉදිරියේ පැවැත්වීමට නියමිත ජාතික හා ජාත්‍යන්තර තරග කිහිපයකටම මේ වන විට පුහුණුවීම්වල නිරත වන අතර, ඔවුන් එම පුහුණුවීම්වල නිරත වන්නේ දුෂ්කරතා මධ්‍යයේය. ඔවුන්ට අවශ්‍ය ක්‍රීඩා උපකරණ සහ ඇඳුම් පැළඳුම්  ලබාදීමට කිසිවෙකුගේ හෝ ඉදිරිපත් වන්නේ එය මේ රට වෙනුවෙන් කරන ආයෝජනයක්ය.

මේ අනාගතය ගොඩ නගන්නට ඔබට  0773652181 දුරකථන අංකයට ඇමතිය හැකිය. ඊට පෙර ඔබට මේ වග කිව යුතුය. චින්තක ගීතාල් විදානගේ ඔබ දන්නවා ඇත. පොලොන්නරුවෙන් බිහිවුණු චින්තක බර ඉසිලුවේ අන්ත දුක් විඳිමිනි. වර්ෂ 2013 ජාතික තලය තුළ අංක එකට එනවිටත් ඔහුට රස්සාවක් තිබුණේ නැත. අතේ සිමෙන්ති අතුල්ලාගෙන බර ඔසවා රට ජාත්‍යාන්තරයට ගෙන ගිය චින්තකලා ඒ තැනට ආවේ නොසලකා හැරීම්, මග හැරීම් වලටත් වඩා නොදක්කා සේ සිටීමේ කටුක පීඩාවන් දරාගෙනය.

රටට එක අත්දැකීමක් ප්‍රමාණවත්ය. මේ පොඩි උන්ට චින්තකලාට දුන්න පීඩාවම ඊට දශකයකට ආසන්න කාලයකට පසුත් ලැබෙනවා නම් අප අප ගැන සිතිය යුත්තේ මෙසේය.

ඇත්තට අපි මොන මිනිස්සු ද?

 

Share69Tweet43
Previous Post

විශිෂ්ට හඹා යෑමක්… ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 05කින් ජය ගනී….

Next Post

කැබිනට් අනුමැතියත් ගත්තු විමල්ලා ගේ  “ඉල්මනයිට් ඩොලර් කෙළිය“ විගණනයෙන් හෙළි වෙයි!

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.