සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

කුජීත පරාජයක්… ශ්‍රී ලංකා කණ්ඩායම ඇෆ්ගනිස්ථානයට කඩුළු 08කින් පරදී…

ලකුණු 106 ඉලක්කය පන්දු 59ක් ඉතිරිව තිබිය දි ඇෆ්ගන් කණ්ඩායම කඩුළු 02ක් දැවී පසුකරයි... යළි හිස එසවීමත් අමාරුයි..

by editor
අගෝස්තු 27, 2022
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

ඉතාම අප්‍රසන්න පරාජයක් ලබමින් ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු කුසලානයට ප්‍රවේශ වූයේය. ඒ ඇෆ්ගනිස්ථානය හමුවේ කඩුළු 08ක බිහිසුණු පරාජයක් ලබමිනි.  පන්දු 120ක් වූ විස්සයි විස්ස ඉනිමක පන්දු 59ක් ඉතිරිව තිබිය දී පරාජයට පත්වීම විග්‍රහකරගත යුතු ආකාරය කාට පහසු වුනත් ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට පහසු නැත.

විස්සයි විස්ස තරගයක ජය පරාජය දෝලනය විය හැකි ආකාරය ගැන පූර්ව නිගමනයකට එළඹිය නොහැකි බව සැබෑය. එහෙත් පරාජයට තර්කයක් තිබිය යුතුය..

ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු ඕවර 19.4ක දී සියලු දෙනා දැවී ලබාදුන් ලකුණු 106ක ඉලක්කය පන්දු ඕවර 10.1 දී කඩුළු 02ක් පමණක් දැවී ලබා ගන්නට ඇෆ්ගනිස්තානුවෝ සමත් වූහ. ඔවුන්ගේ පන්දු ඕවරයකට ලකුණු රැස් කිරීමේ  දල වේගය 10.42කි.

කාසිය වාසිය දිනූ ඇෆ්ගනිස්තානය පළමුවෙන් පන්දු රැකීම තෝරා ගත්තේය . ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණය පැවතුනේ පාසල් කණ්ඩායමකටත් වඩා ටිකක් පහළිනි. ඇෆ්ගන් පන්දු යවන්නන් හමුවේ කෘතහස්ථ අත්දැකීම් බහුල ක්‍රීඩකයින් පඩංගු වී ගියේය.

ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දු වාර 19.4ක් තුළ සියල්ලෝ දැවී ගියහ.  ඉලක්කය ලකුණු 105ක් පමණක් වීම හිතාගත නොහැකි විය.  ඇෆ්ගනිස්තානු පන්දු යවන්නන් හමුවේ භානුක රාජපක්ෂට සහ චාමික කරුණාතරන්ට හැරෙන්නට  ලංකාවේ පිතිකරුවන් කිසිවෙකුට ලකුණු 20 සීමාව ඉක්මවිය නොහැකි විය. චරිත් අසලංක, දසුන් ශානක ලකුණු නොලබා පිටියෙන් ඉවත් විය. පැතුම් නිශ්ශංක 03කි. කුසල් මෙන්ඩිස් 02කි. වනිඳු හසරංග 2කි. මහීෂ් තීක්ෂණ ලකුණු ලැබුවේ නැත. ධනුෂක ගුණතිලක පමණක් ලකුණු 17ක් ලැබුවේය.  හුදෙකලා ඉනිමක් ක්‍රීඩා කළ භානුක රාජපක්ෂ ලකුණු 38ක් රැස් කර ගැනීමට සමත් විය. ඔහු දුවද්දී දැවී ගියේය. චාමික කරුණාරත්න, ලකුණු 31ක් රැස් කළේය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

පන්දු යැවීමේ දී ශ්‍රී ලංකා ඉනිම විසුනු කළේ ෆසල්හක් ෆාරුක් ය. ඔහු පන්දු ඕවර තුනයි පන්දු හතරක් තුළ ලකුණු 11ට කඩුලු 3ක් බිඳ හෙළුවේය. මොහොමඩ් නබි ලකුණු 14ට කඩුලු 02ක්, මුජීබ් අක්‍රම් ලකුණු 24ට කඩුලු 02ක්,  නවීන් උල් හක් ලකුණු 23ට කඩුල්ලක් දවා ගත්තේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණ ඇෆ්ගන් පිතිකරුවෝ ශ්‍රී ලංකා පන්දු යන්නන් ළදරුවෝ කළහ. ඒ ප්‍රහාරය බලා සිටින අපටත් දරා ගත හැකි එකක් වූයේ නැත.

ආරම්භක පිතිකරු රහමනුල්ලා ගුල්බාස් පන්දු 18ක දී ලබාගත් ලකුණු 40 ශ්‍රී ලංකා පන්දු රකින්නන් නරඹන්නන් පිරිසක් බවට පත් කළේය.  ආරම්භක පිතිකරු හස්රතුල්ලා සසායි පන්දු 28ක දී ලකුණු 37ක් ලැබුවේය. ඔවුන් දෙන්නා ආරම්භක කඩුල්ල වෙනුවෙන් ලකුණු පන්දු 37ක් තුළ ලකුණු 83ක සම්බන්ධතාවයක් ගොඩනැගූහ. ලකුණු 15ක් ලබා සිටි ඊබ්‍රහීම් සඩ්‍රාන් දුවද්දී දැවී ගියේය.

ඩිල්ෂාන් මධුසංක යැව්වේ පන්දු ඕවරයක් පමණි. ලකුණු 10ක් ලබා දුන්නේය. මහීෂ් තීක්ෂණ හොඳටෝම ගුටි කෑවේය. පන්දු ඕවර 4 තුළ ලකුණු 35ක ලබා දුන්නේය. කඩුලු ගත්තේ නැත . ඔහුගේ දෙවැනි පන්දු ඕවරයක ඇෆ්ගනිස්තානුවෝ ලකුණු 21 ක් ලබා ගත්හ. මහීෂ පතිරණ යැව්වේ එක් පන්දුවාරයකි. ලකුණු 16ක් ලබා දුන්නේය. ලබා ගත් එකම කඩුල්ල වනිඳු හසරංග ලබා ගත්තේය. ඔහු පන්දු ඕවර 03ක් යවා ලකුණු ලකුණු 19ක් ලබා දුන්නේය. චාමික කරුණාරත්න යැවූ එකම පන්දු ඕවරයේ ලකුණු 20ක් ලබා ගන්නට ඇෆ්ගන් පිතිකරුවන්ට හැකි විය.

කුජීත පරාජයක් සමගින් යළිත් හිස එසවීමේ අමාරු තැනකට දල ලකුණු ලබා ගැනීමේ  වේගය ගිල්වා දමා   ඇෆ්ගනිස්ථානුවෝ ජයග්‍රහණය අත්කරගත්හ.

ඒ පරාජයට තර්ක කර සොයා ගත හැකි කිසිම පිළිතුරක් නැති බව කිව යුතුව ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කෙළවරක් නොපෙනෙන කෙහෙල්බද්දර ඝාතන දාමය…

Next Post

ආණ්ඩුවේ මර්ධනයට එරෙහිව යුරෝපා ශ්‍රී ලාංකිකයින් හෙට ජිනීවාහි උද්ඝෝෂණයක…

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.