සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කෙළවරක් නොපෙනෙන කෙහෙල්බද්දර ඝාතන දාමය…

by editor
අගෝස්තු 27, 2022
in පුවත්
gunshot-bullet
Share on FacebookShare on Twitter

වසර ගණනක් තිස්සේ සිදුවූ ඝාතන දාමයක් පස්පොඩ්ඩා ඝාතනයෙන් පසු  වඩාත් වේගයෙන් සිදුවනු ඇති බවට අපරාධ විමර්ශන අංශවලට තොරතුරු ලැබී තිබේ.

සංකීර්ණ තත්ත්වය වී ඇත්තේ මේ ඝාතන  කවුරුන් ඉලක්ක කරගෙන සිදුවනු ඇතිදැයි නිශ්චිතව නිගමනය කරගැනීමට නොහැකි තත්ත්වයක් ඇති වී තිබීමය.

දැනට වාර්තාවන පරිදි මෙ සිද්ධි පෙළ ගැසෙන්නේ මෙසේය. මේ ඝාතන වැල ආරම්භ වන්නේ කෙහෙල්බද්දර  සමන් රෝහිත පෙරේරා  හෙවත් පස්පොඩ්ඩා  සහ කෙහෙල්බද්දරම ජීවත් වූ  පද්මේ නැමැත්තෙක් අතරය.

මෑත සිද්ධියට අදාල මේ මරාගැනීම් වැල පටන් ගන්නේ  පස්පොඩ්ඩාගේ කිට්ටුම ගෝලයා ලෙස කටයුතු කළ චමියා  පස්පොඩ්ඩාගේ  ඉඩම් ගනුදෙනුවකට මැදිහත් වීමට ගොස්  පද්මේ විසින් ඝාතනය කිරීමත් සමගය.  ඉඩම් ගනුදෙනුව සිදුවන්නේ පද්මේ ගේ පියාවන නෙවිල් නැමැත්තා  සමගය.

එහි පලිය ගන්නට පස්පොඩ්ඩා කුලී ඝාතකයින් පද්මේ ගේ නිවසට එවන්නේය. පද්මේ සිද්ධිය ඉව වැටී පලා යන්නේය. ඝතකයන් නිවසේ සිටි පද්මේ ගේ පියා නෙවිල්  ඝාතනය කර පලා යන්නේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ සිද්ධියත් සමග ලංකාවෙන් පලා යන පද්මේ රැඳෙන්නේ ඩුබායිවලය. ඔහු ඩුබායිහි සිට ඝාතකයින් මෙහෙයවා පස්පොඩ්ඩා මරා දමන්නේය. ඒ ජූලි මස 27 වැනිදා ය. අනතුරුව ඝාතකයින්  දෙදෙනා පසුගිය 02 දා පද්මේ විසින්  ඩුබායි වෙත ගෙන්වා ගන්නේය.

පස්පොඩ්ඩාගේ ජීවිත ආරක්ෂාව තහවුරු කර ප්‍රකාශයක් නිකුත් කර තිබුණේ මාකිලංගමුවේ සංජීව විසිනි. ඔහු කියා තිබුණේ පස්පොඩ්ඩා සිටින්නේ තමන්ගේ රැකවරණය යටතේ බවය. එහෙත් ඒ රැකවරණය මායිම් නොකර පද්මේ විසින් පස්පොඩ්ඩාට එල්ල කළ ප්‍රහාරය නිසා තමන්ගේ බලයට තදබල ලෙස අභියෝග කර ඇති පද්මේගේ ගෑවුන අයෙක් හෝ ඉතිරි නොකරන බවට කරන ලද ප්‍රකාශට උත්තර ප්‍රති උත්තර ලබා දෙමින්   මේ ඝාතන වැල ආරම්භ වී ඇති බව විමර්ශන අංශ කියයි.

ඒ අනුව කෙහෙල් බද්දර කොණ්ඩා සැකසුම් ස්ථානයේ වැරදී ගිය ඝාතනය ඉලක්ක කර ඇත්තේ එම ආයතනය හිමිකාර පද්මේ ගේ ඥාතියෙකි. නමුත් සිද්ධිය පිළිබඳ යම් ඉවක් සමග එම තරුණයා එතැනින් ඉවත් වී වෙනත් තරුණයෙක් යොදවා ආයතනය පවත්වාගෙන ගොස් තිබේ.  අසරණ තරුණයා පාතාලයේ ගොදුරක් වන්නේ එසේය.

ඉන් අනතුරුව අගෝස්තු 24 වැනිදා   ගම්පහ බටපොත කුරුස හන්දියේ දී   ගොඩනැගිලි උපකරණ හිමිකරුවෙක් ඝාතනය වන්නේය. ඒ ඔහුගේ වෙළෙඳසල ඉදිරිපිටදීය. ඔහු පස්පොඩ්ඩාගේ ඥාතියෙකි.

තමන්ගේ ඥාතියා ඉලක්ක කරගෙන කෙහෙල්බද්දර කොණ්ඩාසැකසුම් ස්ථානය වෙත එල්ල කළ ප්‍රහාරයට කෙහෙල්බද්දර පද්මේ ප්‍රතිඋත්තර ලබා දී ඇතැයි  විමර්ශන අංශවලට තොරතුරු ලැබී ඇත්තේය.

මේ වනවිට කොණ්ඩා සැකසුම් මධ්‍යස්ථානයේ තරුණයා ඝාතනය කිරීමේ සිද්ධියට පහසුකම් සැලසූ බව කියන කාන්තාවක් හා  පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇත. එම කාන්තාව මෙම ඝාතන වැලේ ආරම්භක ගොදුර වූ චමියාගේ බිරිය ය. ඇය දැන් ජීවත්වන්නෙ චමියාගේ හොඳම ගෝලයා සමගය. අත්අඩංගුවටගත්  පුද්ගලයා එම කාන්තාව සමග ජීවත්වන චමියගේ ගෝලයාය.

හෙට වනවිට තව කොතැනක ඝාතනයක් සිදුවේ දැයි අවිනිශ්චිතය. මාකිලංගමුව සංජීව යනු පාතාලයට කුලී ඝාතකයන් සහ ගිනි අවි සපයන්නෙකි. ඔහු රටේ නැත. එසේම කෙහෙල්බද්දර පද්මේත් ලංකාවේ නැත. ඔහුත් කුලී ඝාතකයින් යොදාගෙන ඝාතනවලින්ම ප්‍රතිඋත්තර දෙමින් යන්නේය.  එහි කෙළවරක් නැත.

මේ අපරාධ රැල්ල නවත්වා ගැනීමට විමර්ශන අංශ දැඩි උත්සාහයක නිරතවන බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පොලිස් අත්අඩංගුවේ දී කිරිඳිවැල තරුණයා මිය ගියේ පොලිස් මුග්ධකමක් නිසා… පොලිසියේ 02ක වැඩ තහනම්!

Next Post

කුජීත පරාජයක්… ශ්‍රී ලංකා කණ්ඩායම ඇෆ්ගනිස්ථානයට කඩුළු 08කින් පරදී…

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.