ඉතිහාසගත අන්තර්ජාතික පදක්කම් ප්‍රමාණයක් ලංකාවට දිනා දීම සඳහා සිය අපේක්ෂාවන්, දැනුම සහ තාක්ෂණික සහජය නොමසුරුව ලබා දී ක්‍රීඩක ක්‍රීඩිකාවන් අන්තර්ජාතික තලයට ඔසවා තැබූ මළල ක්‍රීඩා පුහුණුකරුවන් විෂයෙහි කිසිම ඇගයීමක් සිදු නොකර මළළ ක්‍රීඩා ආයතනය විසින් අද (31) කොළඹ දී ආසියානු පදක්කම් ලාභී ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා උපහාර උළෙලක් සංවිධානය කර ඇතැයි වාර්තා වේ.
මෙම උපහාර උළෙල සංවිධානය කර ඇත්තේ දම්රෝ සමාගම අනුග්‍රාහක දායකත්වයෙන් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතන විසිනි.
මෙම අවස්ථාවේ දී ආසියානු මලල ක්‍රීඩා ශුරතාවයෙදී තනි ඉසව්වක් සඳහා රන්පදක්කමක් වෙනුවෙන් ලක්ෂ 5 ක මුදලක්ද තනි ඉසව්වක් සඳහා ලෝකඩ පදක්කමක් වෙනුවෙන් ලක්ෂ 2 1/2 ක මුදලක්ද සහය දිවීමේ ඉසව්වක රන් පදක්කමක් සඳහා එක් ක්‍රීඩකයෙකුට ලක්ෂ 3ක මුදලක්ද සහය දිවීමේ ඉසව්වක රිදී පදක්කමක් සඳහා එක් ක්‍රීඩකයෙකුට ලක්ෂ 2 1/2 ක මුදලක්ද පිරිනමා තිබිණි.
මුදලින් උපහාර පිරිනැමීමට අමතරව ඉදිරියේදී පැවැත්වීමට නියමිත ආසියානු ක්‍රීඩා උළෙල වෙනුවෙන් වියදම් කිරීමට දම්රෝ ආයතනය ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයට රු ලක්ෂ 50 ක මුදලක් පිරිනමන ලදී.

එහෙත් මේ කිසිම අවස්ථාවක මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පුහුණුකරුවන් ඇගයීම මළල ක්‍රීඩා ආයතනය කටයුතු කර නැත.
පුහුණු කරුවෙක් ක්‍රීඩකයෙක් හෝ ක්‍රීඩිකාවක් ගොඩනන්වන්නේ සිය කාලය, ශ්‍රමය, දැනුම පමණක් නොව පුද්ගලික මුදල් ද වියදම් කරමින් බවත් එවැනි ක්‍රීඩකයෙක් හෝ ක්‍රීඩිකාවක අන්ර්ජාතික තලයක ජයග්‍රහණයක් අත්කරගැනීම යනු ඒ ජීවිත කැපකිරීමේ ප්‍රතිඵලයක් බවත් මේ අවස්ථාවට එක් වූ ලංකාසර ට එක් පුහුණු කරුවෙක් ලංකාසරට පැවසීය.
“ මේ දරුවන් ඇගයීමට ලක්වුන වෙලාවේ අපි අපේ දරුවන් ඇගයීමට ලක්වුනාට වඩා වැඩි සතුටක් වින්දා. මේ තියෙන්නේ අපේ කැපවීමේ ප්‍රතිඵලය. එම ඇගයීම නිසැකවම කළ යුත්තක්. නමුත් අපි මේ තැනට ඔවුන්ව රැගෙන ආපු විදිහ අපියි මේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝයි පමණයි දන්නේ. “
“ ඒක මළල ක්‍රීඩා ආයතනය දන්නවා. අපට තියන කලකිරීම ඔවුන් මේ ආකාරයෙන් පුහුණු කරුවන් අවතක්සේරු කර නොසලකා හැරීම.”
“ මීට පෙර වසර වල මෙවන් ඇගයීම් උළෙලවල දී ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙන්ම ඔවුන්ගේ පුද්ගලික පුහුණුකරුවන්වත් ඇගයීමට ලක් කළා. මේ නොසලකා හැරීම පිළිබඳ කළකිරීමක් වේදනාවක් තියනවා. ඒක මුදල් පිළිබඳ කාරණයක් නෙමෙයි… ගෞරවය පිළිබඳ කාරණාවක්…” ඔහු කීවේය.







