බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

ඊයේ රටම සැරසූ පල්ලකැලේ මංගල්ලය…

by editor
ඔක්තෝබර් 21, 2024
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

ආශ්වාදනීය ජයග්‍රහණ මාලාවක මිහිර අත් විඳමින් හිඳිමු. ඒ විස්සයි 20 තගාවලි පරාජයත් සමග බටහිර ඉන්දිය කොදෙව් පුහුණුකාර මොහොමඩ් සමී ගේ නිර්දය විවේචනයක් පසුබිමින් ඇසෙද්දීය.

ලකුණු 190ක් ඇති දඹුල්ල තණතිරුව එක රැයකින් මුළුමනින්ම වෙනස්කර ලබා ගත් තරගාවලි ජයග්‍රහණය තාවකාලික වින්දනයකට සුදුසු නමුත් ලෝක කුසලානය වැනි විශාල ඉලක්කයකට යනවිට වෘත්තීය වශයෙන් නොගැලපෙන බව ඔහු පැවසුවේය. ඔහු යළි යළිත් පෙන්වා දුන්නේ අතීත දත්ත මත පදනම්ව කළ විශ්ලේෂණ මත සකස් කළ සැලසුම් පළමු තරගයෙන් පසු බියපත් ශ්‍රී ලංකාව විසින් වෙනස් කළ තත්ත්ව හමුවේ සාර්ථක නොවූ බවය.

විස්සයි 20 තරාගවලිය නිමා වී පල්ලෙකැලේට පැමිණ එක්දින තරගාවලිය ඇරඹූ බටහිර ඉන්දීය කොදෙව්වන් ඊයේත් පරාදය. කාසියේ වාසිය දිනුවේ ඔවුන්ය. ඔවුහු පන්දුව පහරදීම තේරූහ. වැස්සෙන් බාධා වෙමින් පැවති තරගයේ දී අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායම පහසු හඹා යෑමකින් අනතුරුව කඩුළු 05කින් ජයග්‍රහණය කළේය.

ජයග්‍රහණය සටන් කළ මොහොතේ කමිඳු….

තරගය

පල්ලෙකැලේ තිබුණේ වියලි මතුපිටක් සහිත තණතීරුවකි. පිතිකරණයට උචිත බවට උපකල්පිත තණතීරුවේ කාසියේ වාසිය දිනා පන්දුවට පහරදීමට පැමිණි බටහිර ඉන්දීය කොදෙව්වන්ගේ මුල් කඩුළු 03 ලකුණු 54කට බිඳවැටුනේය. ඇලික් ඇතන්ස් ලකුණු 10කි. බ්‍රෙන්ඩන් කිං ලකුණු 14කි. නායක ෂායි හෝප් ලකුණු 05කි.

ආරම්භයේ දීම කැඳවූ දඟ පන්දු යවන්නන් ඉදිරියේ බටහිරි ඉන්දීය කොදෙව් මුල් පෙළ බිඳවැටුනේය. හසරංග කඩුළු 02කි. ජෙෆ්රි වැන්ඩර්සේ කඩුල්ලකි.

RelatedPosts

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ඔවුන්ගේ ලකුණු රැස් කිරීම පැවතියේ මන්දගාමී තත්ත්වයකය. පන්දු ඕවර 25ක් නිමා වන විටත් ලකුණු සංඛ්‍යාම 94කි. සිවු වන කඩුල්ල ලෙස කේසි කර්ටි ලකුණු 37කට දැවී යනවිට ලකුණු පුරවරුව ලකුණු 100කි. එම කඩුල්ල දවා ගන්නේ චරිත් අසංලකය.
එහෙත් පස්වන කඩුල්ල වෙනුවෙන් ෂෙෆාන් රදර්ෆර්ඩ් සහ චේස් සහ රොස්ටන් සටන්කාමී සම්බන්ධතාවයක් ගොඩනගමින් සිටියහ. සවිමත් අවසානයක් පිළිබඳ බටහිර ඉන්දීය කොදෙව්වන් තුළ බලාපොරොත්තු පහළවෙමින් තිබිණි. පන්දු 78 කදී ලකුණු 85 ක සම්බන්ධතාවක් ඔවුන් දෙදෙනා අතර ගොඩනැගුනේය. රදර්ෆඩ් ශතකාවසානයක් සදහා යන ගමනක රිද්මය පෙන්නුවේය. ඔහු ලකුණු 74ක් ලබාගෙන සිටියේය. ඒ පන්දු 82ක දී ය. හතරේ පහර 5ක් සහ හයේ පහර 3ක් ඊට ඇතුළත් විය.

රොස්ටන් චේස් හතරේ පහර 4ක් සමග ලකුණු 33ක් ලැබුවේය. ඒ පන්දු 33ක දීය. තරගය අතරමැද වර්ෂාවෙන් බාධා වන්නේ මේ අවස්ථාවේදී ය. පන්දු ඕවර 38.3 ක දී කඩුළු 04ක් දැවී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලකුණු 185ක් ලබා සිටිද්දී ඉනිම වර්ෂාව විසින් නිමා කළේය.

ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත පදනම්ව ශ්‍රී ලංකාවට ජයග්‍රහණය සඳහා පන්දු ඕවර 37ක දී ලකුණු 232ක ඉලක්කයක් ලැබිණි.

තරගයට බාධා කළ මහ වැස්ස…

පැතුම් නිශ්ශංක හිටියේ ආබාධයකය. ඔහු වෙනුවට සිය මංගල එක්දින තරගය ක්‍රීඩා කිරීමට නිශාන් මධුෂ්ක කැඳවා තිබුණේය. මධුෂ්ක අලංකාර ඉනිමක් දියත් කළේය. ඔහු සිය මංගල තරගයේම මංගල අර්ධ ශතකය වාර්තා කළේය. මධුෂ්ක ලකුණු 54කින් ලකුණු 69කි. අවිශ්ක ප්‍රනාන්දු නැවතත් අසාර්ථ විය. ඔහු ලකුනු 05කි. කුසල් මෙන්ඩිස් ලබා ගත්තේ ලකුණු 13කි. සධීර සමරවික්‍රම ලකුණු 18කට දැවී ගියේය. නිශාන් එම පීඩනය සහිතව එක් අන්තයක රැඳී සිටියේය. ලකුණු 45 වෙනුවට කඩුළු 03ක් දැවී ගොස්ය. අංක 09 දක්වා වූ පිතිකරණ ලයිස්තුවක් සිටියත් මේ මොහොතේ නම් ශ්‍රී ලංකා කණ්ඩායම අවදානමකට ලිස්සා ගොස් තිබුණේය.

නායක චරිත් අසලංක නිශාන් සමග එක් වන්නේ එවන් පසුබිමකය. මේ ක්‍රීඩකයින් දෙදෙනා මේ තරගයේ ජයග්‍රාහී පදනම ගොඩනගන සම්බන්ධතාවය නිර්මාණය කළේය. නායක චරිත් අසලංක සහ මංගල එක්දින තරගය ක්‍රීඩක නිශාන් මධුෂ්ක අතර සිවු වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 137ක සබඳතාවක් ගොඩනැගුණි.

නිශාන් මධුෂ්ක… මංගල තරගයේ දී මංගල අර්ධ ශතකය…

අසලංක පන්දු 71කදී ලකුණු 77කි. මධුෂ්ක පන්දු 54කින් ලකුණු 69කි. ඔවුන් දෙදෙනා දැවී යන්නේ ජයග්‍රහණය සහතික කිරීමට අවශ්‍ය ප්‍රමාණයට වඩා දෙයක් සිදුකරමිනි. නිශාන් සිවු වන කඩුල්ල ලෙස දැවී යන්නේ ලකුණු 182 දී ය. ඉන් ලකුණු 5කට පසු ලකුණු 187 දී චරිත් අසලංක දැවී ගියේය.

අනතුරුව පිටියට පැමිණි කමිඳු මෙන්ඩිස් ජනිත් ලියනගේ සමග එක්ව ජයග්‍රහණය කරා කණ්ඩායම රැගෙන යන්නේ පන්දු 31ක් ඉතිරිව තිබෙද්දීය. කමිඳු ජයග්‍රාහී ලකුණු සන් කරන්නේ හයේ පහරකිනි. කමිඳු පන්දු 21ක දී නොදැවී ලකුණු 30කි. ජනිත් පන්දු 18ක දී ලකුණු 18කි.

චරිත් අසලංක…

වමතින් දඟ පන්දු යවන ගුඩකේෂ් මෝටි ලකුණු 47 කට කඩුලු 3 ක් ලබා ගත්තේය. වේග පන්දු යවන අල්සාරි ජෝශප් ලකුණු 49කට කඩුළු 02කි. වියළි පල්ලෙකැලේ මතුපිටක් සඳහා බටහිර ඉන්දීය කොදෙව්වන් ඔවුන්ගේ දඟ පන්දු සංචිත ශක්තිමත් කර තිබියදීත්, මෝටි තරම් විනිවිද යාමක් ලබා දීමට වෙන කිසිම දඟ පන්දු යවන්නෙකුට හැකි වූයේ නැත.

අවසානයේ තරගාවලියේ මුල් තරගය දිනුම්ය. අප දැන් 1-0 ලෙස ඉදිරියෙනි. දැනට එය ඉහටත් උඩිනි. රට ප්‍රාර්ථනා කරන්නේ තරගාවලි ජයග්‍රහණයකි. අප ඒ පිළිබඳ අපේක්ෂාවෙනි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මේ කරන්නේ අප කිව්ව දේ නෙමෙයි… කාදිනල් හිමිපාණෝ ගම්මන්පිලට තේරෙන සිංහලෙන්ම කියති!

Next Post

ඉන්දියාව ලංකාව යා කරන පාලම හදන්න ජනපති අනුර කැමති වෙයි ද?… ආයෝජනයට ඩොලර් බිලියන 5ක් වියදම් කරන්න ඉන්දියාව සූදානම්!

Related Posts

ක්‍රීඩා

ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

ජූනි 22, 2026
ෂාමර් ජෝෂප්... පළමු වරට විස්සයි 20 තරගයක කඩුළු 05ක්...
ක්‍රීඩා

කොහොමත් උන් අපට වඩා උඩින්… කඩුළු 05ක් දවාගෙන  ෂාමර් ජෝසෆ් ශ්‍රි ලංකා ඉනිම කුඩු කරයි…   

ජූනි 15, 2026
ක්‍රීඩා

කලාතුරකින් පැමිණ ක්‍රිකට් ලස්සන කරන දස්සාගේ දවස!

ජූනි 14, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.